Aurora(SR-91)
1980 මැද බාගයේ ඇමෙරිකාව විසින් නිපදවපු අතිශය රසිගත ඔත්තු බලන යානයක් තමයි Aurora (SR-91) කියන නාමයෙන් නම් කරලා තියෙන්නේ,සිංහල තේරුම ගත්තොත් අරුණාලෝකය අර්ථය දෙනවා (මදුර ශබ්ද කෝෂය). ඇත්ත වශයෙන්ම මෙම යානය තාමත් කිසිම කෙනෙක් දැකලා නැහැ,ඇමරිකානු යුදතාක්ෂණික ගුවන් ඉංජිනේරුවන් පවා මේ පිළිබද කිසිවක් ප්‍රකාෂකරන්නේ නෑ. තාමත් ඇමරිකන් රජය පවා මෙහෙම යානයක් ඔවුන් විසින් නිපදවල තියෙනව කියල පිළිඅරනුත් නෑ. නමුත් මෙම යානය ගමන් කිරිම නිසා අහසේ ඇති වුනා කියන දුම් පාරවල් මගින් තමා මෙහෙම යානයක් පැවතිය යුතුයි කියන මතය ඇවිත් තියෙන්නේ.මෙම දුම් සටහන් අනෙක් සුපර්සොනික් ගනයේ යානා මගින් නිපදවන සටහන් වලට වඩා වෙනස්,අනෙක යානා වල කෙලින් තනි ඉරක් වගේ සටහන් වුනත් මෙම යානාව නිපදවන දුම් සටහනේ නෙරුම් වැනි කොටස් දක්නට ලැබෙනවා මෙමගින් මෙහි එන්ජිමේ තාක්ෂණික වෙනස කියාපාන බවයි මේ පිළිබද සොයන්නන් පවසන්නේ.

සාමානය ගුවන් යානා මගින් ඇතිවන දුම් සටහන
Aurora යානාව මගින් ඇති වුවයි සැක කරන දුම් සටහන
වරක් කාලගුණ චන්ද්‍රිකාවක් මගින් ලබාගත් පින්තුර වලත් මේකේ ගමන පාරවල් සටහන් වෙලා තියෙනව. ඇමරිකාවේ තියෙන අතිෂය රහසිගත කලාපයක් වන ඒරියා -51 කියන කලාපයෙන් ගුවන් ගතවෙලා යුරෝපය හරහා ගමන් කල බවට තමයි මෙහිදී තහවුරු වෙලා තියෙන්නේ(*පහළ යුටුබ් වීඩියෝව බලන්න) .
මේකේ විශේෂත්වය තමයි මෙම යානයට හයිපසොනික් ගණයට වැටෙන මාක් (Mach) 6-8 පමණ වේගයකින් ගමන් කිරිමට හැකිවිම. වෙනත් විදියකින් කිව්වොත් ආසන්න වශයෙන් පැයට කිලෝමීටර් 13000 පමණ ( 3.5 Km/Second

).
මෙම යානයේ සංකල්පිත රුපයක්
මෙහි පැවැත්ම පිළිබද පළවූ යුටුබ් වීඩියෝ පට.
HTML:
http://www.youtube.com/watch?v=9L5QB1XVyC8
ඇමරිකාවෙන් මොකක් හරි යුද උපකරණයක් නිපදවද්දී රුසියන් කාරයොත් නිකන් ඉන්නේ නෑනේ
, 1980 අග බාගයේ මෙහා සමාන වේගයකින් යන්න පුළුවන් විදිහේ යානයක් එහෙත් නිපදවල තියෙනවලු. එක හදුන්වන්නේ
Ayaks(Ajax) කියන නාමයෙන් මේ පහලින් තියෙන්නේ එකෙ සංකල්පිත රුප කිහිපයක්.
යොමුව.

HTML:
http://en.wikipedia.org/wiki/Aurora_(aircraft)
HTML:
http://www.defenceaviation.com/2007/06/sr-91-aurora-aircraft.html
HTML:
http://en.wikipedia.org/wiki/Mach_number http://en.wikipedia.org/wiki/Ayaks
ත්‍රෙඩ් එක හොදයි කියල හිතෙන්වනම් කමෙන්ට් එකක් හරි බම්ප් එකක් හරි දාල යන්න...

Last edited:

