බෝට්ටු වල යන්න ඕන නෑ.. තමන්ට මොනව හරි Educational Qualifications තියෙනව නම් ලේසියෙන්ම යන්න පුලුවන්.. Search කරලා බලන්න Online එකේ Australian Jobs කියලා ඊට පස්සේ ඒකට apply කරන්න එතකොට ඒ මිනිස්සු සමහර වෙලාවට එහෙට ගන්න වෙලාවලුත් තියෙනවා..
හැබැයි බලාගෙන බෝට්ටුවේ යනකොට
මොකද දැන් හිතන්න වැරදිලා යන්නේ නිරිත පැත්තට කියලා ,එතකොට නතර වෙන්නේ මැඩගස්කාරයෙන් මේක ලොකු දූපතක් නමුත් ඉන්නේ දුප්පත් මිනිස්සු. අනික මේ දුපතේ කොමඩේ මකරු පිරිලා විශේෂයෙන්ම වෙරළ තීරයේ හරියේ.අනෙක් එක සෝමාලියානු කොල්ල කරුවන් මේ තරම් දුරට එන අවස්ථා පවා තියෙනවා ඉතින් මේ වගේ කට්ටියකට අහුවුනොත් තමන්ට ආයි ගෙදර එන්න හම්බ වෙන්නේ නෑ.. මොකද ඕස්ත්රේලියාවේ මිනිස්සු වගේ යන අයව පිටුවහල් කරන්න තරම් මේ මිනිස්සු ශිෂ්ඨ සම්පන්න නෑ.. නමුත් තමන්ට ඕන නම් පුලුවන් මෙහෙට ගියොත් සරනාගතයන් කියලා යුරෝපයට යන්න apply කරන්න.. යුරෝපයෙන් අප්රිකානු සරණාගතයන්ව ගන්නවා..
ඊට පස්සේ අපි හිතමු වැරදිලා ගියේ දකුණ-නිරිත දිශාවට කියලා, එතකොට හම්බ වෙන්නේ පොඩි දූපතක් "french southern and antarctic lands" මේක අයිති ප්රංශයට, පාලනය කරන්නෙත් ප්රංශයෙන්. රට ගොඩක් ලස්සනයි නමුත් රැකියා වල ආදායම ඒ තරම් හොද මදි මොකද ගොඩාක්ම සංවර්ධනය නොවු පැත්තක් නිසා.. අනෙක් එක මේ දූපතේ කවුරුත් පදිංචි වෙලා නෑ . ගොඩක්ම භාවිතා කරන්නේ Research වැඩ වලටයි. (මේකට යනවා නම් පරිස්සමෙන් මොකද ප්රංශයේ නාවික හමුදාව මුර සංචාරය කරනවා දූපත් වටේම)
දකුණට ගියොත් ඇන්ටාර්ටිකාව. ශීතල පැත්තක්.. කිසිම කෑමක් නෑ මේ පැත්තට ගියොත් මැරෙන්න තමයි වෙන්නේ.
ගිණිකොටනට ගියොත් හරි පැත්ත ;P
ගිණිකොන-නැගෙනහිරට ගියොත් මැලේසියාව. රට මුස්ලිම් නිසා නීති තදයි..