Australia වල කෙනෙක් ගෙවන tax එක අවුරුද්දෙ අන්තිමට ආයිත් ඒකෙන් ප්‍රතිශතයක් ආපහු ගෙවනවා කියන්නෙ ඇත්තද?
එහෙ වැඩ කරන එක්කෙනෙක් කිවුවෙ. ඇත්තද බොරුද කියල දැනගන්නෙ ඕනෙ.
ඒක හැම ෆීල්ඩ් එකකකම අයට හම්බෙනවද? IT? Nurse, Doctor? Chef? etc. නැත්තම් සමහර ඒවට විතරද?
එහෙම ගෙවනවනම් ඇයි එහෙම ගෙවන්නෙ?
ඔහොම ආපහු ගෙවන වෙන රටවල් මොනවද තියෙන්නෙ?
ටැක්ස් "ප්‍රතිශතයක්" ආපහු ගෙවීමක් සිදු වෙන්නේ නැහැ. tax return එක දැම්මාම, යම් මුදලක් අපිට ලැබෙනවාද, අපි රජයට ගෙවනවාද කියන දෙකින් එකක් මිස කිසිවිටකත් අපිට ලැබෙන දෙයක් පමණක් වෙන්නෙත් නැහැ.
මුදල් වසර අවසානයේ (ජුනි 30) අප ඉකුත් වසර සඳහා PAYE ලෙස ගෙවූ මුදලේ නිවැරදිතාවය මත අපට ආපසු ලැබීමක් හෝ, අප රජයට ගෙවීමක් හෝ යන දෙකෙන් එකක් සිදු කල යුතු වෙනවා.
ටැක්ස් කපද්දී සලකන්නේ අපේ අදායම, Tax free threshold එක සහ බදු ගෙවීමට අදාළව resident for taxation purposes කියන දේවල් විතරයි. රැකියාව සඳහා වැය වූ (ATO එකෙන් අනුමත කල) අනිකුත් වියදම් ඉදිරිපත් කරන්නේ tax return එකෙනුයි. එවිට ඒ වියදම් අපගේ වාර්ෂික ආදායමෙන් අඩු කර, ඒ සඳහා ගෙවූ ටැක්ස් මුදල ආපසු ගන්න පුළුවන්.
ඒ ටැක්ස් වර්ෂයේ ආදායම $18,000 ට අඩු නම් ගෙවූ සියලුම ටැක්ස් මුදල් ආපසු ගන්න පුළුවන්.
රැකියා දෙකක් හෝ ආදායම් දෙකක් (රැකියාවට අමතරව ගෙයක් කුලියට දීලා තියනවා වගේ) නම් දෙවෙනි ආදායමෙන් TFT ලැබෙන්නේ නැහැ. ඒ නිසා බොහෝ විට අඩුවෙන් ගෙවූ මුදල ආපසු ගෙවන්න වෙනවා. වෙනත් ආදායමක් (රැකියාවකින් ඉවත් වුනාම ලැබෙන termination payment වගේ ) ලැබීමත් සමග ටැක්ස් ගෙවිය යුතු ආදායම ඉහල ගියත් අපි ආපසු රජයට ගෙවිය යුතු වෙනවා.