ඒ කියන්නේ එහෙ යන්ඩ බෑ
යන්න බැහැ කියලා එකක් නැහැ. උත්සාහ කලොත්, මහන්සි වෙලා සුදුසුකම් හදා ගත්තොත් ඕනෑ කෙනෙකුට යන්න අවස්තාව තියනවා.
මේ කොන්සල් කාර්යාලයෙන් ප්‍රසිද්ධ කරලා තියන ලිපියත් හරියකට බැලුවොත් ඕස්ට්‍රේලියාවේ නීතියට පටහැනි එකක්.
ඕස්ට්‍රේලියාවේ Equal Opportunity Act එක අනුව, මේ විදියට එක රටක ජන කොට්ඨාශයකට පමණක් රැකියා, පුහුණු අවස්ථා ලබා දීමේ හැකියාව සොයා බැලීම හෝ ඔවුනට රැකියා/පුහුණු අවස්ථා ලබා දීම නීති විරෝධීයි. තමන් කැමති රටකින් තමන් කැමති ජාතියක කෙනෙක් රැකියාවකට ගෙන්වා ගැනීමේදී මේ ඉහත කී Equal Opportunity Act එකෙන් රිංගන්න නොයෙකුත් උපක්‍රම යොදන බව ප්‍රසිද්ධ රහසක්. නමුත්, මේ විදියට "ප්‍රසිද්ධියේ" එවැනි ඉල්ලීම් කිරීම වරදක් බවයි මම හිතන්නේ.