මේ ස්කොල් එක හොඳයි ජීවිතේ හරියට ප්ලෑන් කරන අයට. කොහොමහරි බෝට්ටුවෙන් හරි කමක් නෑ දැන්ම රට යන්න ඕන කියල හිතන ගවයින්ට මේක හරියන්නෙ නෑ.
ස්කොල් එකට හොඳ stipend එකක් ලැබෙනවා. එකෙන් හොඳට කාල බීල new zealand පැත්තෙ ට්‍රිප් එකකුත් ගිහිල්ලා. ආතල් එකේ අවුරුදු දෙකම ඉන්න පුළුවන්. පවුලේ අයට ජොබ් කරන්න පුළුවන් (තමන්ටත් පැය 20ක් පුළුවන්). එහෙම කරලා ලංකාවේ ගෙවල් හදපු අයත් ඉන්නවා. ලංකාවට ආපහු ඇවිල්ල අවුරුදු දෙකක් ඉන්න ඕන. ඊට පස්සෙ PR දාන්න පුළුවන්. ඔය ස්කොල් එක ගන්න අයගෙන් 90%ක් ආපහු oz යනවා. selection, interview දෙකම කරන්නෙ high commission එකෙන්. ඒ හින්ද දේශපාලන ගොට්ටන්ට චාන්ස් එක ටිකක් අඩුයි.