Ayemath Adaren

techytee

Well-known member
  • Sep 25, 2013
    861
    354
    83
    Colombo
    සරසවිය තියෙනේ ආදරේ කිරීමට හා ඉඟෙනගැනීමට කියනවනේ. දැනට අවුරුදු කීපයකට කලින් කොළඹ විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ හැමෝගෙම අවදානය ගතපු ලස්සන කපල් එකක් හිටියා.ඒ චරිත දෙක පුංචියට වගේ මෙහෙම විස්තර කරන්නම්...

    මේ ගෑනූ ලමයා ලමයා ඉතින් කේතලේ මල්ලක්(මාතලේ කෙල්ලන් නොව)මාතලේ ගෑනු ලමයින්ගේ ලස්සන ඉතින් ආයෙම කියන්න ඕන නැහැනේ මම.මේ ගෑනු ලමයාට පිය සෙනෙහස අහිමි වෙලා කාලයකට කලින්.ඉතින් එයා තමන්ගේ අම්මගේ රැකවරණයම මැද ඇස් දෙක වගේ හැදිච්ච කෙල්ලක්.මම මෙතන ඉඳන් ඒ ගෑනු ලමයා සිතූ කියලා හඳුන්වනවා.
    (පෞද්ගලිකත්වය ආරක්ශා වීමට ඇත්ත නම නොකියා ඉමු)

    මේ පිරිමි ලමයා දකුණු පලාතේ හම්බන්තොට ඈත ගමකින් කැම්පස් ආපු කෙනෙක්.ගෑනු ලමයා වගෙ මේ පිරිමි ලමයා ඒ තරම් සල්ලිය බාගය තියන පවුලක නම් නෙවේ..ඒත් කොල්ලා හැන්ඩියා...!කැම්පස් එකේ ඕනම එකකට ඉස්සරහින්ම නම තියන,හැමෝම වගේ දන්න අඳුරන පට්ට සෝශල් කොල්ලෙක්.මෙතන ඉඳන් මම ඒ පිරිමි ලමයා මහේශ් කියලා හඳුන්වනවා. (පෞද්ගලිකත්වය ආරක්ශා වීමට ඇත්ත නම නොකියා ඉමු)

    මේ දෙන්නා මොන තරම් ලස්සනට ගැලපුනත් මෙයාලට ගලපගන්න බැරි තැනුත් සෑහෙන්න තිබුනා.මේ දෙන්නගේ ආදර කතාව පටන් ගන්නේ අර මුලින් ම අපිට ෆස්ට් ඉයර් කාලේ තියන කඩ්ඩ කෝස් එක කාලෙමයි.හැබැයි ඉතින් සිතූ හොඳම කඩ්ඩ ලෙවෙල් එකට තේරෙද්දී මහේශ් තේරෙන්නේ අඩු ලකුණු කඩ්ඩ ලෙවෙල් එකට.

    මේ දෙන්නගේ ආදරේ කැම්පස් එකේ ෆේමස් වෙන්නේ මහේශ් කැම්පස් එකේ ඕනම බකට් එකකට ඉන්න කොල්ලෙක් නිසාමත් නෙවේ.අර කොහේ හරි පැත්තටක වෙලා ලව් කර කරා ඉන්න අනිත් කපල් ලඟ නැති හරි කියුට් ආදරයක් තමයි මේ දෙන්නා ලඟ තිබුනේ...මේ දෙන්නම කැම්පස් එකේ අනිත් ලමයි එක්ක සෑහෙන්න මුහුවෙන චරිත...මහේශ් ලෙක්චර් හෝල් එකට ගොඩක් දවසට එන්නේ මුලු පන්තියටම ඇහෙන්න "ආහ්... සිතූ......!!!! " කියලා කෑගහගෙන...

    පස්සේ කාලෙකින් ඔන්න බැජ් ට්‍රිප් යන කාලේ.දෙන්නම රිවර්ස්ටන් නැග්ගා හරි ආදරෙන්.මේ දවස් වල ඉතින් මහේශ් දිගට හරයට ආදරේ බේරෙන ලස්සන කවි ලියනවා සිත් කවියට(කොලඹ විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ නිර්මාණ පුවරුව).කවුරුත් දන්නවා මහේශ් මේ තරම් ලස්සන කවි ලියන්නේ සිතූ ට කියලා.

    ඔහොම පැණි බේරෙන ආදරය කවි ටික කාලයකින් සිත් කවියේ නැති වෙලා ගියා."මහේශ් ,කෝ බන් සිතූ..?කියලා අහන වෙලාවට " අනේ මන් දන්නේ නෑ බන්" කියන ගාණටම ආවා.ආයෙම සිත් කවියේ එක දවසක් පොඩි කවි පන්තියක් තිබුනා.ඒකේ අවසන් පේලී ටික මෙහෙම.

    "ඔයා මගේ ජීවිතේට ආයෙම ආවා...ආයෙම යයිද කියන්න මම දන්නේ නෑ..."

    ඔන්න ඔය කවි පන්තිය තමයි ආත්මා ලියනගේ මේ ලස්සන සිංදුවට පාදක වෙන්නේ.රචිතා කියන ගේය පද රචිකාවිය ඒ කවිය සිංදුවකට ගන්නේ මෙහෙම.

    මහේශ්නුයි ,සිතූයි ආයෙම කැම්පස් එකේ එකට ඉන්නවා දකින්න පුලුවන් වුනා ඊට පස්සේ.

    "ආ...ආයෙම වැඩේ ගොඩ නේද බන්?" මහේශ්ගෙන් දවසක් මෙහෙම අහද්දී ලැබුන උත්තරය හරි වෙනස්.
    "අනේ බන්...මගේ අතේ ඉල්ලිලා මම එක්කම කෝච්චියේ යන්න කොටුව ස්ටේසමට යන සිතූ නෙවේ ආයෙම ගෙදර ගිහින් එන්නේ...ගෙදර ගිහින් එද්දී සෑහෙන්න වෙනස් වෙනවා.කොලඹින් මාතලේට යන සිතූ නෙවේ මාතලින් කොලඹ එන්නේ බන්...අනේ මන්දා..."

    කොහොම හරි කාලයක් මේ විදියට මහේශ් සිතූ ගැන හිතන්නේ නැති වුනාම සිතූම මහේශ්ගේ පස්සෙන් ආවා.සිතූ මහේශ් ගැන හිතන්නේ නැතුව ඈත් කරලා තිබ්බම මහේශ් ආයෙම සිතූගේ පස්සෙන් ගියා.මේක සිතූට වගේම මහේශ්ටත් දරාගන්න හරි අමාරුයි.සිතූ මහේශ්ගෙන් හංගන මොනවාම හරි දෙයක් ඇති කියලා මහේශ්ට කාලෙක දි හිතුනා.මහේශ්ට නිකන් මිරිඟුවක් පස්සේ දුවනවා වගේ හැඟීමක් ආවා.

    ඇත්තටම තාත්තාත් නැති සිතූ ට හිටියේ එයාගේ අම්මා විතරමයි.දන්නවනේ ඉතින්...ලේ ඔක්කොගෙම රතු පාටයි කියල කතාවට කිව්වට කසාදයක් කරගන්න ගියාම ඔය උඩරට ,පහතරට භේදය සෑහෙන්න බලපානවා කියලා.ඉතින් සිතූ ,මහේශ්ට නොකීවට ,සිතූට සෑහෙන්න ගෙදරින් බලපෑමක් තිබිලා තියනවා මේ පහතරට දුප්පත් පිරිමි ලමයා අතාරින්න කියලා.

    මහේශ් සිතූගේ අම්මාගේ ආශිර්වාදය නැතිව සිතූව කසාද බඳින්න ලෑස්ති වුන කොල්ලෙක් නෙවේ..මහේශ් හොඳටම දන්නවා අම්මලාගේ ආදරේ.සිතූව මේ ලෝකෙට වදපු, උස්මහත් කරපු,උඟන්නපු අම්මට පිටු පාන්න සිතූව පොලඹවන්න මහේශ් ගුණමකු වුනේ නෑ.මහේශ් පුලුවන් තරමින් එදා ඉඳන් මේ කතාවෙන් ඈත් වුනා.

    සරසවි ප්‍රේමයේ ගොඩක් වෙලාවට අවසානය මෙහෙමයි.දැන් මහේශ්නුයි ,සිතූයි දෙන්නම වෙන ජීවිත වල අයිතිකාරයෝ.ඒ දෙන්නම වෙන දෙන්නෙක් කසාද බැඳලා ලස්සනට ජීවත් වෙනවා.ඒත් තාමත් මහේශ්ලා,සිතූලා වගේ අය කැම්පස් එක ඇතුලේ ඉන්නවා...!

    Production of Undergraduates of University of Colombo
    Based on a true story



    -මුහුණු පොතෙන් උපුටා ගැනීමකි.
     
    • Like
    Reactions: |||-podda-|||

    Killerstuffbaby

    Well-known member
  • Sep 27, 2015
    2,439
    117
    63
    Rig eka uda
    kellage dressing nam maarama lassanai kolla nam wayasaka paatai. appa thawa deyak mamath oya wage adare kalaa tuition class eke kellekuta ada eya mage birida mama nam class eke eka paarak eyawa wadaa gannakota sir ta mattu
     
    Last edited: