Ayyo Salli Dambulla Cricket Ground

barack obama

Well-known member
  • Jun 12, 2008
    3,281
    467
    83
    38
    United Arab Emirates
    ලේන වලිගයෙන් මුහුදු හිස් කරන්නා වගේ


    රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ තණතීරුව ගෘහස්ත විදුලි පංකා හා අධි සැර ආලෝක ධාරා යොදාගෙන වේලන අයුරු දැකගත හැකිවිය .
    මේ දිනවල පැවැත්වෙන ශ්‍රී ලංකා - බංගලාදේශ 19 පහළ කණ්ඩායම් අතර ක්‍රිකට් තරඟයට වර්ෂාව නිසා බලපෑම් ඇතිවීමෙන් මෙසේ තණතීරුව වියළීම සිදුකරන ලදි.
    30 දින තරගය පෙරවරු 9ට ආරම්භ කිරීමට නියමිත ව තිබුනද තෙතමනය නිසා පෙ ව 11 වනවිටත් වියළී නොතිබිණි .
    ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයක ගෘහස්ත විදුලි පංකා හා ආලෝක ධාරා යොදාගෙන තණතිරුව වියළීම පිළිබඳව විදේශ රටවල ක්‍රීඩකයෝ පුදුමයෙන් බලාසිටියහ. කලාතුරකින් වැසි ලැබෙන දඹුලු ක්‍රිකට් පිටියට ස්වභාවයෙන් ලැබෙන හිරුඑළිය මදිවී විදුලි පංකා යොදා ගැනීමේ සොබාදහමේ සරදමක් බව බොහෝ දෙනෙක් කියති.


    DSC08481.jpg
     
    • Like
    Reactions: c boy

    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,023
    237
    63
    අව්ලක් නෑ ....

    පරක්කු වෙලා පටන් ගත්තොත් ලයිට් දාල ගහයි ....
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,373
    16,216
    113
    අව්ලක් නෑ ....

    පරක්කු වෙලා පටන් ගත්තොත් ලයිට් දාල ගහයි ....