අපේ රටේ වී වවනවා වගේ කොස්ටාරිකාවෙ තනිකරම වවන්නෙ අන්නාසි. උං තනිකරම European market එක අල්ලගෙන ඉන්නෙ. American Market එකේ අන්නාසි ඉල්ලුමට වඩා ඇමරිකාවෙම අන්නාසි වවනවා. පිලිපීනය, ඉන්දියාව, චීනය එක්ක ආසියාව කවර් කරනවා. අනිත් රටවල් ඒ මහා පරිමාණ අන්නාසි exportersලා එක්ක හැප්පෙන්න තරඟකාරී මිලකට අන්නාසි මාකට් එකට දානවා. උඹට අන්නාසි ගෙඩි පිටින් දැම්මොත් දාන්න වෙන්නෙ ඒ තරඟකාරී මිලට. ඒක ලංකාවෙ සිල්ලරට අන්නාසි යන මිලට ආසන්න මිලක්. ලාබයක් ගන්න නම්, Value addition එකක් අත්‍යවශ්‍යයි මචං. උඹට expert වෙලා තියෙන්නෙ agriculture field එක ගැන විතර නම්, උඹ try කරපං ලංකාවෙ value addition කරන company එකකට supply දෙන්න. උං එක්ක සහයෝගෙං වැඩ කරලා, shares බෙදාගනිං. එහෙම නැතිව උඹට එකපාටම පිටරට food/beverage company එකකිං order අරං දෙන්න කවුරුත් යුරෝපෙ ඉඳලා වත්, ඇමරිකාවෙ ඉඳලා වත් ඉදිරිපත් වෙන්නෙ නෑ.