Back-Side Sex නිසා HIV අවදානම වැඩියිලු!

wijaindu

Well-known member
  • Sep 15, 2012
    715
    888
    93
    Back-Side Sex නිසා HIV අවදානම වැඩියිලු!

    පහුගිය දවස්වල මේ හඬපට ප්‍රශ්නය එක්ක මේ Back-Side Sex කතාව මතුවුණාට මේක බොහොම ඉතිහාසයක් තියන සංසිද්ධියක්. අනිත් පැත්තෙන් මේක ලෝකය පුරා ලිංගික සම්බන්ධතා පවත්වාගෙන යන උදවිය අතරේ ප්‍රකට ක්‍රමයක්. නමුත් පර්යේෂණ වලින් අනාවරණය වෙලා තියන විදිහට Back-Side Sex හෙවත් ගුද මාර්ගික සංසර්ගය (Anal Sex) නිසා HIV ඒඩ්ස් බෝවීමේ අවදානම වැඩියි කියන එක.

    ලංකාවේ තවමත් ඒඩ්ස් අවදානම සහ ව්‍යාප්තිය එතරම් බරපතල මට්ටමක නැතිවුණත් මේ කතාව අපි දැනගෙන ඉන්න ඕන කතාවක්. ඔබ දන්නවා ඇති HIV කියන්නේ අනාරක්ෂිත ලිංගික එක්වීම් වලින් බහුලව වැළඳෙන රෝගයක්. ඒ කියන්නේ රෝගය වැළඳී තිබෙන පුද්ගලයෙක්ගෙන් ලිංගිකව තවත් පුද්ගලයෙක්ට බෝවීමේ හැකියාව තියනවා. ලිංගික සංසර්ගයකදී මේ රෝගය බෝවෙන්න පුළුවන් කියලා තමයි අපි අහලා තිබුණේ, ඒත් ගුද මාර්ගික සංසර්ගයෙන් පවා මේ රෝගය වැළඳීමේ අවදානම තියෙනවා.

    ඇත්තම කියනවනම් සාමාන්‍ය ලිංගික එක්වීමකදී (කාන්තාවක් සහ පුර්ෂයෙක්) ඒඩ්ස් ව්‍යාප්තතවීමට ඇති අවස්ථාවටත් වඩා ඉඩක් ගුද මාර්ගික සංසර්ගය නිසා පවතිනවා. ඒකට හේතුව විදිහට වෛද්‍යවරු සහ පර්යේෂකයන් කියන්නේ මේ වගේ කතාවක්.

    "සාමාන්‍යයෙන් කාන්තාවක් සහ පුරුෂයෙක් අභ්‍යන්තර ලිංගික එක්වීමක් සිදුකරන්නේ පුරුෂ ලිංගය ස්ත්‍රීයගේ යෝනි මාර්ගය තුලට ඇතුල් කිරීමෙන්. එහෙම ලිංගික එක්වීමකදී යෝනි මාර්ගය තුල රුධිරය පිටවීමක් සිදුවෙන්නේ බොහොම අඩුවෙන්. ඒත් ගුද මාර්ගය කියන්නේ ලිංගිකව එක්වීමට ඇති මාර්ගයක් නෙවෙයි නිසා එයට පුරුෂ ලිංගය ඇතුල් කලාම ගුද මාර්ගිික බිත්ති වලට හානිවෙලා රුධිරය පිටවීමේ හැකියාව වැඩියි, ඒ තත්වය නිසා එවැනි රුධිර පිටවීමක් හරහා දෙදෙනාගෙන් එක් අයෙක්ට HIV වැළඳී ඇත්නම් අනිත් කෙනාට බොහොම පහසුවෙන් වැළඳීමේ ඉඩකඩ තිබෙනවා."

    ඒ නිසාම තමයි ලෝකයේ අද වෙද්දි සමකාමී ප්‍රජාව අතරේ HIV අවදානම වැඩියි කියන නිගමනය ප්‍රකාශ වෙන්නේ. කිසිවෙකුගේ ලිංගිකමය කැමැත්තක් විවේචනය කරන්න හරි නතර කරන්න හරි කියන්න බැරි නිසා හොඳම දේ තමයි මේ හරහා ලිංගිකව සම්ප්‍රේෂණය වන HIV ඇතුළු රෝග අවදානම අඩුකරගන්න එක.

    මූලිකව ලිංගිකව එක්වීමකදී (යෝනි මාර්ගික, ගුදමාර්ගික හෝ මුඛ) ආරක්ෂිත කොන්ඩමයක් පළඳින එක ඉතාම වැදගත්. ඒ වගේම ගුද මාර්ගයට සිදුවන හානිය සහ රුධිරය පිටවීම වළක්වන්න ලිහිසිකාරක ජෙල් වර්ගත් දැන් වෙළඳපොලේ භාවිතයට තියනවා (Easy Glide). මේ කාරණා දැනගෙනම කරන දෙයක් කරන එක කෝකටත් හොඳයි.

    උපුටා ගත්තේ https://her.lk/sex-and-relationship/1055-anal-sex-hiv-risk