මචන්ල අපි ගිය අවුරුද්දෙ ගෙවල් විකුනල අලුත් ගෙයකුයි ඉඩමකුයි ගත්ත. හොඳ ගෙයක් ගොඩක් අඩු ගානට සෙට් උනා. අපි දැන් මෙහෙට ඇවිල්ල අවුරුදු එකහමාරක් විතර වෙනව. ඒවුනාට එක එක ප්‍රශ්න මචන්ල. මේ හරියෙ ඉන්නෙ ඉස්සර ඉඳල ඉන්න ගමේ නෑයො සෙට් එකක්, මේක පරන වෙන්දේසි වත්තක් ඉතින් මේ වත්තෙ ඉන්න මිනිස්සු හෙන ඉස්සර ඉඳලම ඉන්න ගමේ පරන මිනිස්සු සෙට් එකක්.ගොඩක්ම නෑදෑයො තමයි එකට එකට ඉන්නෙ. මේ මිනිස්සුන්ට එච්චර සරුවක් නෑ ඉස්සර ඉඳලම අමාරුවෙන් තමයි ඉඳල තියෙන්නෙ. ඉතින් ඒක හින්ඳ මේ මිනිස්සුන්ගෙ ඉරිසියාව කුහකකම කියන එක උපරිමේටම තියෙනව. පොඩි දේටත් අප්සෙට් වෙන ජාතියෙ මිනිස්සු ඉන්නෙ. අපි මේ ගේ ගත්තෙ මේ ගානට තට්ටු දෙකේ ෆුල් කම්ප්ලීට් ගෙයක් ලොවෙත් අද කාලෙ ගන්න බැරි හින්ද ලක්ෂ 60ක් ගේ ගත්තෙ. අනිත් එක මේ පැත්තෙ සද්ද බද්ද නැති හරි නිස්කලංක පැත්තක් හිංද. දැන් මට තියෙන ප්‍රශ්නෙ තමයි මචන්ල මේ ලඟකදි ඉඳං ගේ අවටින් හෙන නිකන් මොනවහරි පිච්චෙන ගඳක් වගේ එනව. මේ ගඳ කාමරේටත් එනව මේක ටිකක් සැර ගඳක් මේකට නිකන් ඔලුව රිදෙනව, ඇස් වලින් කඳුලු එනව, වීස් එක හතිය වගේ දේවල් ඇවිස්සෙනව,පපුව පිච්චෙනව, පොඩ්ඩක් හුස්මගන්න එහෙම අමාරුවගේ සීන් තියෙනව. මම ගුගල් කරල බැලුවම එන්නෙ ammonia poisoning වලට එන ලක්ෂන. මම බැලුවෙ පොඩ්ඩක් මද්යම පරිසර අදිකාරියට කියල ගෙදර අවට වාතය චෙක් කරගන්න කියල. මේක මේ ගේ අවට ඉන්න ඉරිසියාකාරයෙක්ගෙ වැඩක් වෙන්න පුලුවන්ද මචන්ල? එහෙමනන් මේකට ගන්න ඕන පියවර මොකක්ද??



