Balapiyau !!!!!!!!!!! Sinhala Bauddha Abhimanaya ! ! !

kkr

Well-known member
  • Jun 1, 2008
    5,274
    796
    113
    Seeduwa
    292999_10151167640151934_1016406931_n.jpg
     

    kkr

    Well-known member
  • Jun 1, 2008
    5,274
    796
    113
    Seeduwa
    අලි කලබල වෙද්දී දළදා කරඬුව වඩම්මවමින් සිටි නැදුම්ගමුවේ රාජා ඇතු නොසැලී සිටී.....

    රාත්‍රී 7.35ට පමණ පළවෙනි රන්දෝලි පෙරහැර වීදි සංචාරය ආරම්භ කළේය. මෙම පෙරහැර නරඹන්නට විශාල ජනතාවක් නුවර වැව වටා සහ මහමළුවේ රැඳී සිටියහ.


    පෙරහැර දළදා වීදිය ඔස්සේ මහ මඵව ඉදිරි පිටට පැමිණියේය. මේ අවස්තාවේදී වේ වැල් නැටුමක් කලබල වූ අලින් ඉදිරියේ රඟ දැක්වෙමින් තිබිණ. වේ වැල් නැටුමේ ශිල්පියෝ විවිධ රංගන ඉදිරිපත් කරන්නට වූහ. ම
    ේ අවස්තාවේ ඉදිරියෙන්ම සිටි අලියෙක් බිය වී පසුපසට හැරී දුවන්නට පටන් ගත්තේය. එම අවස්ථාවේදී එම අලියා පිටුපස සිටි තවත් අලි හතර දෙනෙක් පසුපස හැරී දුවන්නට පටන් ගත්හ.

    දෙපස පෙරහැර නරඹමින් සිටි ජනතාව දැඩිලෙස බියට පත්වී හිස් හැරුණු අත දුවන්නට පටන් ගත් අතර නුවර වැව ඉදිරිපිට පදික වේදිකාව හරහා දමා තිබූ යකඩ වැටවල් නිසා කිසි‍වකුටත් අලින්ගෙන් හානියක් නොවීය. නැටුම් ශිල්පීන් සහ බෙර කණ්ඩායම් පවා ජීවිත බේරා ගන්නට දිව යන්නට වූහ. මේ අතර දුවන්නට පටන්ගත් අලින්ගේ ඇත්ගොව්වන් එම අලින් පසුපස ගොස් අල්ලා මෙල්ල කර බැඳ දැමූහ.


    කෙසේ වෙතත්, මෙතරම් කලබල මැද්දේ වුවත් පෙරහැර කරඬුව රැගෙන යමින් සිටි නැදුම්ගමුවේ රාජා ඇතා ඇතලු අනිත් දෑලේ ඇතුන් දෙදෙනා නොසැලී පත්තිරිප්පුව ඉදිරි පස මළුවේ සිටීම සිටීම මෙහි දුටු විශ්මිත දර්ෂණයක් විය.


    කුලප්පු එක් ඇතෙකුද පත්තිරිප්පුව ඉදිරි පස මළුව දෙසට දුවගෙන ආ නමුදු නැදුම්ගමුවේ රාජා ඇතා ඇතලු අනිත් දෑලේ ඇතුන් දෙදෙනා නොසන්සුන් වීම පසෙකලා නොසැලි සිටිම පුදුම සහගතය. එදා බුදුරජණන් වහන්සේට ඇප උපස්ථාන සිදුකළ පාරිලෛය ඇතුව සිහිවීමෙන්දෝ බලා සිටි ජනතාව දොහොත් මුදුන් තබා සාදු කාර දුන්නෝය.


    අපමහා තිලෝගුරු අමාමැණී තථාගතයන් වහනසේගේ ධාතු තැන්පත් කර තිබූ කරඬුවක් රැගෙන යාමට සිටි නැදුම්ගමුවේ රාජා ඇතා තිරිසන් සතෙකු වුවද පෙර භවයන්හි කළ ඒ මහා පින් මහිමයෙන් තමා හට පැවරි ඇති මෙම රාජකාරියට කිසිදු අයුරක අවැඩක් විමට ඉඩ නොතබන ලදී.


    මෙය Share කරගනිමින් යාලුවන්ටත් පෙන්වා දෙමු.
    sOURCE
    http://www.facebook.com/photo.php?f...4663426934.380286.151742781933&type=1&theater