බලය බෙදීමට අප විරුද්ධ ඇයි?
සිංහල ජාතික මතවාදය විසින් ඊනියා බලය බෙදීම ප්‍රතිකෙෂ්ප කෙරී ඇත. එය අද ඊයේ කෙරුණක් නොවෙයි. වරින්වර විවිධ මාතෘකා යටතේ පළවී ඇති ලිපි ලේඛන හදාරන්නකුට ඒ බව සක්සූදක් සේ පැහැදිලි නමූත් ඇතැම් කැබිනටි ඇමැතිවරුන්ට ද ඔවූන්ගේ හෙන්චයියන්ට ද තවමත් ඒ බව අවබෝධ නොවීම කනගාටූවට කරුණකි. එබැවින් නැවත නැවත ඒ ගැන කතා කිරීමට සිදුවෙයි.
බලය බෙදීම යන්න ඊනියා ජනවාර්ගික ප්‍රශ්නයකට ඉන්දියාව ගෙන ආ විසඳුමකි. පළමූවෙන්ම කිවයූත්තේ ඉන්දියාවේ මෙන් මෙරට ජනවාර්ගික ප්‍රශ්නයක් නොමැති බවය. ඉන්දියාවේ එකට යාබදව ඇති ප්‍රදේශවල ඒ ඒ ජනවර්ග බහූතරය ජීවත් වෙති. එමෙන්ම ඒ ඒ ජනවර්ගයෙන් අතිවිශාල බහූතරය ජීවත් වන්නේ ද එවැනි එකට යාබදව ඇති ප්‍රදේශවලය. එබැවින් ඒ ප්‍රදේශ ඒ ඒ ජනවර්ගය ජීවත් වන ප්‍රදේශ ලෙස නම් කිරීමේ හැකියාව ඉන්දියාවෙහි තිබේ.
උදාහරණයක් ලෙස අද තමිල්නාඩූව යැයි නම් කෙරී ඇති ප්‍රදේශය එකට යාබදව පවතින ප්‍රදේශයක් පමණක් නොව මූළු ඉන්දියාවේ දෙමළ ජනගහනයෙන් සියයට අනූවක් පමණ ජීවත් වන ප්‍රදේශය ද වෙයි. එමෙන්ම තමිල්නාඩූවේ ජනගහනයෙන් සියයට අනූවට කිටිටූ ප්‍රමාණයක් දෙමළ වෙයි. ඉන්දියාවේ ඒ ඒ ජනවර්ග එනම් ඒ ඒ භාෂාව කතා කරන එමෙන්ම එකම සංස්කෘතිියකට හිමිකම් කියන ඒ ඒ ජනවර්ගයක් ගැන සවිඥානිකව හිතන ජන කොටස් එලෙස එකට යාබදව ඇති ප්‍රදේශවල සංකේන්ද්‍රගත වී ඇත. එබැවින් ජනවර්ග අනූව ප්‍රදේශවලට බෙදීමේ හැකියාව ඉන්දියාවේ වෙයි. එහෙත් ලංකාවේ එසේ නොවෙයි. අද වන විට ලංකාවේ ජාතියක් හා ජනවර්ග කිහිපයක් වෙයි. ජාතිය සිංහලය. ජනවර්ග අතර දෙමළ, මූස්ලිම්, මැලේ, හෙටිටි, බර්ගර් ආදිය වෙයි. එහෙත් සිංහල හැරෙන්නට තරමක විශාල භූමි භාගයක් සංකේන්ද්‍ර වී ඇති ජාතියක් හෝ ජනවර්ගයක් හෝ නැත. යාපනය දිස්ත්‍රික්කයේ දෙමළ ජනයා සංකේන්ද්‍රගත වී ඇති නමූත් ඒ සිංහල ජනයා හා මූස්ලිම් ජනයා ඒ ප්‍රදේශයෙන් පන්නා දැමීමෙන් පසූවය.
නැගෙනහිර පළාතේ කෙසේවත් දෙමළ ජනයා බහූතරය වන්නේ නොවේ. එහි දෙමළ කතා කරන ජනයා බහූතරය විය හැකිය. එහෙත් මූස්ලිම් ජනයා තමන් දෙමළ ජනයා සමඟ කිසි විටෙකත් එක් ජනවර්ගයක් ලෙස කටයූතු කරන බවට ප්‍රතිඥාවක් දී නැත. මූස්ලිම් ජනයා ද දෙමළ කතා කරන බව සැබෑය. එහෙත් එපමණකින් දෙමළ කතා කරන සියලු ජනයා දෙමළ ජනවර්ගයක් බවට පත් නොවෙයි. දෙමළ කතා කරන ජනයා යනූ දෙමළ ජනවර්ගය නොවන බව පැහැදිලි විය යූතුය. ජනවර්ගය හා භාෂාවක් කතාකරන ජනයා අතර විශාල වෙනසක් ඇති බව තේරුම් ගත යූතුව ඇත.
අප නොයෙකුත්වර කියා ඇති කරුණක් නැවතත් කීමට අවස්ථාව එළැඹී ඇත. මෙරට දෙමළ ජනයාගෙන් සියයට හැටක ප්‍රමාණයක් ජීවත්වන්නේ උතුර හා නැගෙනහිර පළාත්වලින් පිටතය. උතුර හා නැගෙනහිර පළාත්වලට බලය බෙදීමෙන් දෙමළ ජනයාට ඇතැයි කියන ඊනියා අසාධාරණවලට පිළිතුරු නොලැබෙන බව ඕනෑම අයකුට තේරුම් ගත හැකිය.


mokadda kiyanne mee nyaayak gena?