Ball & Bat

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    ස්වාමියා රැකියාවට පිටත්ව ගොසිනි. ළදරු පාසැලට පිටත්කල ඇම්ඩා බොරු අසනීපයක් පෙන්වා ආපසු නිවසට පැමිණෙමින් සිටී.ඇම්ඩගෙ කාමරයේ සිටි අමුත්තා ඇඳ යට සැගවීය. ගෙදර පැමිණි ඇම්ඩා ඔහුගේ බැට් එක ගැනීමට ඇඳ යටට රිංගීය.

    ඇඳයට සිටි අමුත්තා – “මොකක්ද බබා හොයන්නේ ?”

    ඇම්ඩා – “බැට් එක”

    අමුත්තා – “හානේ හරි ලස්සනයි”

    අම්ඩා – ” ඇයි ඔයාට ඕනිද ? රු. පන්සීයකට දෙන්නම්”
    අමුත්තා – “හා එහෙනම් දෙන්න”
    මෙලෝ සිහියක් නැතිව ඇම්ඩා රු. පන්සීයද රැගෙන මාරුවිය.

    ආයිත් දිනයක ඇම්ඩා වේලපහ ගෙදර පැමිණීයේය. අමුත්තා ඇඳ යටය. එදින ඇම්ඩා ඔහුගේ බෝලය අමුත්තාට වික්කේ රුපියල් පන්සීයකටය. දින කීපයකට පසු ඇම්ඩාගේ පියා ක්‍රිකට් ගහන්න යන්න ඇම්ඩාට කථා කලේය.

    ඇම්ඩා – “මම බෝලයයි බැට් එකයි වික්කා තාත්තේ…”
    පියා – “කීයකට ද?”
    ඇම්ඩා – “රුපියල් දාහකට”
    පියා – “අප්පච්චියේ…… ඒක හොඳ වැඩක් නෙවෙයි පුතේ…”
    කියා .. කර තිබෙන වැරැද්දෙන් ඇම්ඩා මුදවා ගැනීමට ආගමික ස්ථානයට එක්ක ගොස්. සමාව රැගෙන එන ලෙස ඇම්ඩාට කීය. ඇම්ඩා පල්ලියට ගොස් නැවත පැමිණියේ අඩමින්ය.

    පියා – “ඇයි පුතේ අඩන්නේ ?”
    ඇම්ඩා – “පූජකතුමා මට කනේ පාරක් ගැහුවා”
    පියා – “ඔයා බොලෙයි බැට් එකයි නොවටිනා ගානකට කෙනෙකුට වික්ක සම්පූර්ණ විස්තරේ එයා එක්ක කිව්වද ?”
    ඇම්ඩා – “ඊට පස්සේ තමයි එයා මට කනේ පාරක් ගැහුවේ”
    පියා – “ඒ මොකද? ඊට පස්සේ එයා කිව්වද ආයිත් සැරයක් එහෙම කරන්න එපා කියලා ?”
    ඇම්ඩා – “ඔව්….. ආයිත් එහෙම කලොත් මරනවා ! කිව්වා”