Bangkok guide බැංකොක් සවාරිය

whitehat

Well-known member
  • Jun 20, 2015
    1,515
    143
    63
    machan pratunam wala indala bangkok dream world walata taxi eke keeyak yanawada.ehema nathnam 6 person walata van ekak hire karagena giyoth keeyak weida
     

    senan

    Member
    Apr 9, 2008
    597
    15
    0
    On Cyber Space
    අපි 2014 ගියා බැංකොක්. පැකේජ් එකකට ගියෙ. නැවතුනේ PJ Water Gate හොටෙල් එකේ. Rooms අවුලක් නෑ. බජට් එකට හොඳයි. ප්‍රටු නාම් මාර්කට් එකටත් ළඟයි. ඉන්ඩ්‍රා මාර්කට්, MBK වගේ ෂොපිං මෝල් ගොඩක් තියෙනවා. ඔය හොටෙල් එක ළඟම තියෙනවා සිංහල කඩයක් මානෙල් ලංකා කියලා. කෑමනම් සුපිරි. ලංකාවෙ සෙට් එකක් කරන්නෙ.

    හැබැයි මමනම් කියන්නේ රට යනවනම් තනියම ප්ලෑන් කරගන්න කොහෙ කොහෙද යන්නෙ කියලා. පැකේජ් වලට ගියාම ටිකක් ගාන අඩුයි තමා. එත් උන් කියන කියන වෙලාවට අපි ලෑස්ති වෙලා උන් කියන කියන තැන් වලට යන්න වෙන්නේ. තනියම ප්ලෑන් කලාම අපිටම පුලුවන් අපි කැමති වෙලාවල් වලට පබ්ලික් ට්‍රන්ස්පොර්ට් වලින්ම කැමති තැන් වලට ගිහින් අපි කැමති කෑම කාලා, කැමති වෙලාවකට ආපහු ඉන්න තැනකට එන්න පුලුවන්.

    ඉන්ටර්නෙට් එකෙන් හොයාගන්න පුලුවන් බලන්න තියෙන දේවල්, එවට කොහොමද යන්නෙ ආදී සියලු විස්තර. ගිය අයගෙනුත් විස්තර අහගෙන ප්ලෑන් කර ගත්තම ලේසී. එතකොට තමා අපි රට ගියා කියලා ඇඟට තෙරෙන්නෙ. නැත්තන් කිසි ගතියක් නෑ.
     

    senan

    Member
    Apr 9, 2008
    597
    15
    0
    On Cyber Space
    machan pratunam wala indala bangkok dream world walata taxi eke keeyak yanawada.ehema nathnam 6 person walata van ekak hire karagena giyoth keeyak weida

    මේකෙ බලන්න. බොරුවට ටැක්සි වලට සල්ලි පුදන්න එපා. ඔය වගේ රටවල් වල පබ්ලික් ට්‍රාන්ස්පෝට් මාර හොඳයි. ගනන් අඩුයි. පුලුවන් තරම් පබ්ලික් ට්‍රාන්ස්පෝට් පාවිච්චි කරලා බැරි තැනක ටැක්සියක් ගන්න.

    https://www.rome2rio.com/s/Pratunam-Market/Dream-World
    http://www.transitbangkok.com/showB...elected=true&destinationSelected=true&lang=en
    https://www.tripadvisor.com/ShowTopic-g293916-i3687-k7455577-Dreamworld-Bangkok.html
     

    senan

    Member
    Apr 9, 2008
    597
    15
    0
    On Cyber Space
    බැංකොක් යන උන් පරිස්සමින්. එහෙ පක්කො, ඉන්දියන් උන් ඉන්නවා. උන් ඩොලර් බලන්න කියල ඉල්ලගෙන අපහු දෙනවා. නමුත් අපිට හම්බෙන්නෙ අපි දුන්න නෝට්ටු නෙමෙයි.බොරු ඒවා. එහෙ ටුවරිසම් කරන අයියා කෙනෙක් කිව්වෙ. පික් පොකට් ගහන උනුත් ඉන්නවා.එක නිසා සල්ලි, පර්ස්, පාස් පොර්ට් පරිස්සමින්. ෂොපිං කරන්න යද්දි පරිස්සමින්. හොටෙල් වල ලොකර් තියෙනවනම් ඒවල දාල යන එක ඇගට ගුනයි. ඒවත් ෂුවර් නැත්තන් පරිස්සමින් යන තැනක ගෙනියන්න.
     

    senan

    Member
    Apr 9, 2008
    597
    15
    0
    On Cyber Space
    කට්ටියට පුලුවන්නම් Chao Phraya Princess Dinner Cruise එකේ රවුමකුත් යන්න. හොඳ ඩිනර් එකක් එක්ක ඩානස් එකකුත් දාන්න පුලුවන්. එකෙ සින්දු කියන උන්ට සිංහල සිංදුත් පුලුවන්.

    https://www.thaicruise.com/