අපි 2014 ගියා බැංකොක්. පැකේජ් එකකට ගියෙ. නැවතුනේ PJ Water Gate හොටෙල් එකේ. Rooms අවුලක් නෑ. බජට් එකට හොඳයි. ප්රටු නාම් මාර්කට් එකටත් ළඟයි. ඉන්ඩ්රා මාර්කට්, MBK වගේ ෂොපිං මෝල් ගොඩක් තියෙනවා. ඔය හොටෙල් එක ළඟම තියෙනවා සිංහල කඩයක් මානෙල් ලංකා කියලා. කෑමනම් සුපිරි. ලංකාවෙ සෙට් එකක් කරන්නෙ.
හැබැයි මමනම් කියන්නේ රට යනවනම් තනියම ප්ලෑන් කරගන්න කොහෙ කොහෙද යන්නෙ කියලා. පැකේජ් වලට ගියාම ටිකක් ගාන අඩුයි තමා. එත් උන් කියන කියන වෙලාවට අපි ලෑස්ති වෙලා උන් කියන කියන තැන් වලට යන්න වෙන්නේ. තනියම ප්ලෑන් කලාම අපිටම පුලුවන් අපි කැමති වෙලාවල් වලට පබ්ලික් ට්රන්ස්පොර්ට් වලින්ම කැමති තැන් වලට ගිහින් අපි කැමති කෑම කාලා, කැමති වෙලාවකට ආපහු ඉන්න තැනකට එන්න පුලුවන්.
ඉන්ටර්නෙට් එකෙන් හොයාගන්න පුලුවන් බලන්න තියෙන දේවල්, එවට කොහොමද යන්නෙ ආදී සියලු විස්තර. ගිය අයගෙනුත් විස්තර අහගෙන ප්ලෑන් කර ගත්තම ලේසී. එතකොට තමා අපි රට ගියා කියලා ඇඟට තෙරෙන්නෙ. නැත්තන් කිසි ගතියක් නෑ.