Bangladesh beat England by 108 runs to level Test series

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,841
    9,578
    113
    එංගලන්ත බංගලාදේශ දෙවන ටෙස්ට් තරගයේ ලකුණු 108 කින් ජය ගන්නට බංගලාදේශ කණ්ඩායම අද සමත් වුණා. ඒ පළමු වතාවට එංගලන්තය ටෙස්ට් තරගයකදී පරාජය කරමින්.

    මේ තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කල බංගලාදේශ කණ්ඩායම ලකුණු 220 ක් රැස් කල අතර එංගලන්තය පළමු ඉනිමට ලකුණු 244ක් රැස් කළා. බංගලාදේශය දෙවන ඉනිමට ලකුණු 296 ක් රැස් කළේ ජයග්‍රහණය සඳහා එංගලන්තයට ලකුණු 273 ක ඉල්කක්කයක් ලබා දෙමිනි.

    නමුත් අද පස්වරුවේදී එංගලන්ත දෙවන ඉනිම ලකුණු 164 කට සිමා කිරීමට බංගලාදේශ පන්දු යවන්නන් සමත් වුනා. මේ අනුව මෙම තරගයේ ලකුණු 108කින් ජය ගත් බංගලාදේශය තරගාවලිය තරග 1ට 1ක් ලෙස ජය පරාජයෙන් තොරව නිම කළා.

    2000 වසරේදී ටෙස්ට් වරම් දිනා ගත් බංගලාදේශය මිට පෙර ටෙස්ට් තරගයකදී පරාජය කර තිබුනේ බටහිර ඉන්දීය කොදෙව්වන් සහ සිම්බාබ්වේ පමණයි.

    දෙවන ඉනිමේදී එංගලන්ත පිතිකරුවන් ලකුණු 64ක් තුළ දැවී යාම විශේෂත්වයක් වන අතර වයස අවුරුදු 19 බංග්ලාදේශ දඟ පන්දු යවන්නා කඩුලු 6ක් ලබා ගැනීමට සමත් වුණා.



     
    • Like
    Reactions: deanXX

    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    bangali nikan world cup 1 dinuwa wage :lol:

    indiawata hapan okunge pada. dinanne nathi hinda hodai hamadama