Basil Rajapaksa

jeewantha05

Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    ඒ අනුව උතුරේ වසන්තය උදා වන්නේ රාජපක්ෂවරුන්ට පමණකි.

    අනිවා. . . . . සියළු දෙයින් වසන්තය උදාවනු ඇත්තේ ඔවුන්ට පමණි.
     

    zola

    Active member
  • Dec 19, 2013
    494
    210
    43
    අපේ ගෙදර
    අන්න මිනිස්සු....උබල අපිට පුලුවන්ද බන් එක සත 75ක් ගසාගන්න ??? බෑනේ බන්...
    ඒකට මොකද.යුද්දේ දින්නනේ
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    අනිවා. . . . . සියළු දෙයින් වසන්තය උදාවනු ඇත්තේ ඔවුන්ට පමණි.

    අන්න මිනිස්සු....උබල අපිට පුලුවන්ද බන් එක සත 75ක් ගසාගන්න ??? බෑනේ බන්...
    ඒකට මොකද.යුද්දේ දින්නනේ
    :lol::lol::lol:
     

    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    ඒ අනුව උතුරේ වසන්තය උදා වන්නේ රාජපක්ෂවරුන්ට පමණකි.
     

    aruna47

    Well-known member
  • අන්න මිනිස්සු....උබල අපිට පුලුවන්ද බන් එක සත 75ක් ගසාගන්න ??? බෑනේ බන්...
    ඒකට මොකද.යුද්දේ දින්නනේ

    බලුසන්ගේ කත්යාදිපතිකාරය අනුව මේක ගසා කෑමක් නොවේ :dull:
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    Basil_Cartoon_LNW_11.10.10.jpg
     

    monson

    Well-known member
  • May 7, 2007
    24,862
    26,885
    113
    මහින්දගේ දේශප්‍රේමය වෙනුවෙන් ජනතාව ගෙවිය යුතු මිළ

    ලංකාවේ දේශපේ‍්‍රමය නැමැති සංකල්පයේ ඇති ලොකුම වැරැද්ද වන්නේ, ‘දේශය’ යන වචනය, රාජපක්ෂ යන්නට සමාන වචනයක් වශයෙන් භාවිත වීමයි. විටෙක, මහින්ද රාජපක්ෂ යනු දේශයයි. විටෙක, ගෝඨාභය රාජපක්ෂ යනු දේශයයි.

    විටෙක, බැසිල් රාජපක්ෂ යනු දේශයයි. යුද අපරාධවලට දඬුවම් ලබා දෙන ‘විදුලි පුටුවක්’ ලෝකයේ කිසි රටක නැතත්, ‘අපේ රණ විරුවන් වෙනුවෙන් මම විදුලි පුටුවට වුවත් යමි’ යි ජනාධිපතිවරයා සිංහ නාද කරන විට, ඔහු ඉබේම ‘අපේ දේශය’ බවට පත්වෙයි.

    දේශය සමග නායකයාගේ නාමය මෙතරම් අනන්‍ය වූ තවත් කාලයක් නූතන ලංකාවේ මීට පෙර කිසි දවසක නොතිබුණි. ජේ. ආර්.ට, පේ‍්‍රමදාසට හෝ චන්ද්‍රිකාට නොතිබුණු එම දේශමාමක වරය ඔහුට හිමි වීමට එක් ප‍්‍රධාන හේතුවක් තිබේ. එනම්, දේශය සමග අනන්‍යව පැවති තවත් ප‍්‍රපංචයක් වූ යුද්ධය, ඔහුගේ රජය යටතේ හමුදාමය වශයෙන් ජයගත හැකි වීමයි.



    එහි ප‍්‍රතිඵලයක් වශයෙන්, ‘මහින්ද චින්තනය’ යනු වෙනකක් නොව, සැබෑ ජාතික චින්තනයක දිගුවකැ යි හුවාදැක්වීමේ ව්‍යාපෘතියක් දියත් විය. යුද ජයග‍්‍රහණයේ කීර්ති කදම්භයෙන් ඔද වැඩුණු ‘මහින්ද චින්තනය’ විසින් මෙරටේ නිදහස් මතධාරීන් පමණක් නොව, අවුරුදු තිහකටත් වැඩි කාලයක් තිස්සේ ‘ජාතික චින්තනය’ යනුවෙන් මොකක්දෝ දෙයක් කීමට වෙහෙසුණු, නලින් ද සිල්වා සහ ගුණදාස අමරසේකර වැන්නන්වද, තක්බීරි කොට තිබේ. ඔවුන්ගේ අතිජාත පුත‍්‍රයන් වන විමල් වීරවංහ සහ චම්පික රණවක වැන්නන්, ආණ්ඩුව සමග අද පැටලෙන බොරු කෝන්තරවල එක හේතුවක් එයයි.



    ඉහත කී කණ්ඩායමේ ජාතික චින්තනයේ දෘෂ්ටිවාදය වුණේ සැබෑ බුද්ධාගම නොව, මහාවංශ බුද්ධාගමයි. එම බුද්ධාගම ඔවුන්ට වඩා අගේට ගලගොඩඅත්තේ ඥානසාර භික්ෂුව ලවා ගොඩනැංවීමට ගෝඨාභය රාජපක්ෂ අද කටයුතු කරගෙන යයි. එහෙත් කලින් කී ජාතික චින්තනයේ අතීත භෞතික සශ‍්‍රීකත්වය පෙන්නුම් කළ ඇල දොළ වැව් අද සිඳී ගොසිනි. ඒ, නියඟය නිසාම නොවේ. දේශය, ජාතිය, ආගම, ආර්ථිකය, සංස්කෘතිය ඈ සියල්ල රාජපක්ෂකරණය වීම නිසා ය. ඉතා සරළ උදාහරණයකට ‘මිහින් ලංකා’ ගුවන් සේවය ගන්න. මුලින්ම, එය ‘මිහින් ලංකා’ වුණේ ඇයි? මහින්ද සහ ලංකාව යා කිරීමට ය. එක ජාතික ගුවන් සේවයක් (ශී‍්‍ර ලංකන් ගුවන් සේවය) තිබියදී, නායකයාගේ නමින් තවත් ‘ජාතික’ ගුවන් සේවයක් පවත්වාගෙන යාම වෙනුවෙන් දවසකට මේ රටේ ජනතාව රුපියල් කෝටියක පාඩුවක් විඳිති. එය ඉහත කී රාජපක්ෂ දේශපේ‍්‍රමයට ප‍්‍රශ්නයක් නොවේ.


    දවස් පතා අපතේ යන මේ රුපියල් කෝටිය, අර කියන වැව් පද්ධතියේ වැසි දිය රැස්කර ගැනීමේ ධාරිතාව වැඩි කිරීමට පාවිච්චි කළොත්, නියඟයක දී මෙතරම් විඳවන්ට ගැමියාට සිද්ධ වන්නේ නැත. මීට සමගාමීව, ජනාධිපතිවරයාගේ ගමේ ගුවන් තොටුපොලක් ගොඩනැගුණි. ඒ සඳහා ලබාගෙන ඇති ණය කන්දරාව ඩොලර් මිලියන 350 ක් හෙවත් රුපියල් කෝටි 4550 කි.



    ඒ සා ණය කන්දරාවක් යට කිරීමෙන් පසුවත් දවසකට මෙම ගුවන් තොටුපොල පාවිච්චි කරන මගීන් ගණන 50 කි. දකුණු මුහුදු තීරයේ සහ ගම්පහ පාරේ තවත් රේල් පාරක් දැමීමට අවශ්‍ය කරන වියදමත් ඩොලර් මිලියන 350 කි. මුහුදු තීරයේ දුම්රිය සේවයෙන්, දවසේ කාර්ය බහුල කාලයේ ගමන් ගන්නා මගීන් සංඛ්‍යාව 40,000 කි. ඒත් මත්තල තරම් ලස්සණක් කොයින්ද, රේල් පාරක? ‘මිහින් ලංකා’ තරම් ඉගිලෙන්ට පුලූවන් ද වැව් පද්ධතියකට? මේ කියන නායක අධි-මානය සහ නායක වන්දනාව පුස්සක් කරන ප‍්‍රධාන සමාජ ආයෝජනය විය හැක්කේ අධ්‍යාපනයයි. එහෙත්, රටවල් 15 ක් හැරුණු කොට ලෝකයේ අනිත් සෑම රටකම අධ්‍යාපන වැය ශීර්ෂය අපට වඩා වැඩි ය.



    දැන් අපි නූතන දේශපේ‍්‍රමය හඳුනාගමු. ඇමරිකාවට දේශපේ‍්‍රමයක් තිබේ. එංගලන්තය, ප‍්‍රංශය, ජර්මනිය ආදී බටහිර රටවලට පමණක් නොව, චීනයට සහ ඉන්දියාවටත් දේශපේ‍්‍රමයක් තිබේ. ඇමරිකාවේ දේශපේ‍්‍රමය තුළ, බෝයිං නැමැති මහා ගුවන්යානාවල සිට ඇපලෝ නැමැති හඳටත් යන අභ්‍යාවකාශ යානා සහ චන්ද්‍රිකා තිබේ. චීනයේ දේශපේ‍්‍රමය තුළ ලෝකය පුරා පැතිරුණු වෙළඳ අධිරාජ්‍යක් තිබේ. ඉන්දියාවේ දේශපේ‍්‍රමය, ‘මහා භාරතයේ’ රාමා සීතා මත අද යැපෙන්නේ නැත. අපි තවමත් ඉන්නේ දුටුගැමුණු-එළාර වික‍්‍රමයේ ය. අද එය ‘රාජපක්ෂ වික‍්‍රමයක්’ වී ඇත.



    එසේ වන්නේ ඇයි? දේශපේ‍්‍රමය, මැතිවරණ බලය සඳහා ඇති පේ‍්‍රමයක් වශයෙන් සැළකෙන බැවිනි. එවිට, හැකිතාක් ඇමරිකානු-විරෝධී විය යුතුය. හැකි තාක්, බටහිර-විරෝධී විය යුතුය. (විටෙක, ඉන්දියානු-විරෝධී ද විය යුතුය). එවිට, පළාත් සභා ඡන්ද, පාර්ලිමේන්තු මැතිවරණ සහ ජනාධිපතිවරණ ජයගත හැකිය. එතකොට, ඒ සඳහා මේ රටේ ජනතාව ගෙවිය යුතු වියදම කොච්චර ද? (මහින්ද රාජපක්ෂගේ ‘දේශපේ‍්‍රමය’ තුළ ජනතාවගෙන් ගිලිහෙන අධිකරණයේ ස්වාධීනත්වය, නීතියේ ආධිපත්‍යය සහ යහපාලනය වැනි දේවල් මෙහි දී සැලකිල්ලට නොගැනේ).



    කිසිවක් නිෂ්පාදනය නොකරන, වෘත්තීය ව්‍යාපාරයක් වශයෙන් රටවල් අතර තැරැව්කාරකම් කරන ප‍්‍රචාරක සමාගම් විශේෂයෙක් බටහිර තිබේ. ඔවුන් කරන්නේ, යම් රටකට, උදාහරණයක් වශයෙන් ලංකාවට හොඳ මුහුණුවරක් ඇමරිකාවේ ජනතාව අතර සහ ඇමරිකානු පාලකයන් අතර ඇති කර දීමයි. වැදගත් පුද්ගලයන් ලවා ලංකාවට පක්ෂපාතී ලිපිලේඛන ලියා, ඒ රටවල්වල ජාතික පුවත්පත්වල පළ කිරීමාදියේ සිට, තමන්ගේ සේවාදායකයා (ලංකාව) වෙනුවෙන් එරටේ ආණ්ඩුවේ (ඇමරිකාවේ) බලගතු පුද්ගලයන්ට විවිධ මාර්ගවලින් බලපෑම් කිරීමට බැලීම මෙම සමාගම්වල රාජකාරියයි. ඉතා සරළව කිවහොත්, ඌව පළාත් සභා මැතිවරණයේ ඡුන්ද ගරා ගැනීම සඳහා ‘ඇමරිකානු අධිරාජ්‍යවාදයට’ මහින්ද රාජපක්ෂ තඩිබාන විට, අර කියන සමාගම, බරක් ඔබාමාගේ විශ්වාසවන්තයෙකු හරහා, මහින්දගේ සැබෑ ස්ථාවරය, එනම්, ලංකාවේ දී මොනවා කිව්වත්, මහින්ද රාජපක්ෂ මුළු හදින් ඇමරිකාවට ආදරය කරන්නෙකු වන බව, බරක් ඔබාමාට රහසින් මතක් කර දීමට බලයි. මේ සඳහා අති විශාල මුදලක් අර කියන සමාගම ලංකා රජයෙන් අය කරයි.



    මෙවැනි ඇමරිකානු සමාගම් තුනක් සමග අපේ ආණ්ඩුව මීට මාස කිහිපයකට පෙර ගිවිසුම් අත්සන් කර ඇති බව ‘සන්ඬේ ටයිම්ස්’ පුවත්පත (10.08.2014) වාර්තා කෙළේය. එයින් පළමුවැන්න වන්නේ, ජුනි 2 වැනි දා ‘බෙල්ට්වේ ගවර්න්මන්ට් ස්ට‍්‍රැටජීස් ඉන්කෝපරේෂන්’ නැමැති සමාගම සමග ඇති කරගෙන තිබෙන ගිවිසුමකි. ඒ සමාගමට ලංකා ආණ්ඩුව ගෙවිය යුතු මිල මේ දක්වා අනාවරණය වී නැත. කෙසේ වෙතත්, ඊට සති තුනකට පසු, මෙම සමාගම භාරගත් රාජකාරිය ‘බර්ස්ටන් මාස්ටෙලර්’ නැමැති තවත් සමාගමකට ඔවුන් විසින් පවරා තිබේ. ඒ සඳහා එම සමාගමට මාසිකව ගෙවිය යුතු මුදල ඇමරිකානු ඩොලර් 75,000 ක් හෙවත් රුපියල් ලක්ෂ 97 කි. එම මුදල පසු ගිය ජුනි 1 වැනි දා සිට 2015 මැයි 31 වැනි දා දක්වා මාස්පතා ගෙවීමට ලංකා ආණ්ඩුව බැඳී සිටී.



    මේ මාසයේම, තවත් එවැනි සමාගම් දෙකක් සමග ලංකා ආණ්ඩුව ගිවිසුම්වලට අත්සන් කොට ඇත. එකක් වන්නේ, ‘මැඩිසන් ගෘප්’ නැමැති ප‍්‍රචාරක සමාගමයි. ඒ සඳහා ලංකා ආණ්ඩුව ගෙවිය යුතු මාසික ගාස්තුව ඩොලර් 15,000 ක් හෙවත් රුපියල් ලක්ෂ 20 කි. ඊළඟට, ජුනි 23 වැනි දා ‘පී ඇන්ඞ් ආර් පාට්නර්ස් ඉන්කෝපරේටඞ්’ නැමැති තවත් ඇමරිකානු සමාගමක් සමග ලංකා ආණ්ඩුව එවැනිම ප‍්‍රචාරක ගිවිසුමකට අත්සන් කොට තිබේ. ඒ වෙනුවෙන් එම සමාගමට ලංකාව ගෙවිය යුතු මාසික ගාස්තුව, ඇමරිකානු ඩොලර් 35,000 ක් හෙවත් රුපියල් ලක්ෂ 50 කි. මේ ගිවිසුම් තුනටම අත්සන් කොට ඇත්තේ විදේශ ඇමතිවරයා හෝ වෙනත් ඇමතිවරයෙකු නොව, විදේශ අමාත්‍යාංශයේ මොනිටර් මන්ත‍්‍රී වන සජින් වාස් ගුණවර්ධන ය. එසේම මේ කිසිවක් කැබිනට් මණ්ඩලයේ හෝ පාර්ලිමේන්තුවේ අනුමැතියකට ඉදිරිපත් කොට නැත.



    ලංකාවේ දේශප්‍රේමී නායකයාට එරෙහිව දියත් වන ‘බටහිර කුමන්ත‍්‍රණයක්’ ඇතැ යි ඌවේ ජනතාවට අඟවන තරමට, දේශපේ‍්‍රමී ඡන්ද ගරානා ව්‍යාපාරය එම පළාතේ සාර්ථක වෙයි. එහෙත් ඒ බොරුව ගැන බටහිර රටවල් නොරොක් වන බව දන්නා ආණ්ඩුව, එම රටවල හිත් ගැනීමට බලන්නේ තවත් සල්ලි කන්දරාවක් වියදම් කිරීමෙනි. මෙය, නාස්තියක් පමණක් නොව, විහිළුවක් ද වන්නේය. මන්ද යත්, ලංකාවේ ඡන්දදායකයාගේ කැමැත්ත බොරු කීමෙන් සහ සල්ලි වීසි කිරීමෙන් ලබා ගන්නා ආකාරයටම, බරක් ඔබාමා ඇතුලූ අනිත් බටහිර නායකයන්ගේ කැමැත්තත්, චාටුවෙන් ලබා ගත හැකි යැයි අපේ පාලකයන් විශ්වාස කරන නිසා ය.



    ගාමිණී වියන්ගොඩ
    - රාවය -
     

    Captain NALI

    Well-known member
  • Apr 23, 2011
    2,274
    260
    83
    Kiri Matte
    (ලංකා ඊ නිව්ස් -2014.අගෝ.23, ප.ව.4.30 -තෙවන සංස්කරණය ප.ව.6.40) 2005 වසරේ සිට ශ්‍රී ලංකාව යටත් කරගෙන සිටින මැදමූලන පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ හදිසියේ අසනීප වී විදෙස් රටක් කරා රැගෙන ගොස් තිබේ. ඔහුට කලින් යොදා ගත් කිසිදු විදේශ සංචාරයක් නොතිබූ අතර ඊයේ(22) රාත්‍රී කටුනායක ගුවන් තොටුපොලින් පිටත්ව යෑමට තිබූ සාමාන්‍ය ගුවන් යානයක් මගින් විදේශයකට රැගෙන ගොස් තිබේ. ඔහුගේ ගමනාන්ත රට කුමක්දැයි මෙතෙක් හෙලි වී නැති අතර ඔහුට හදිසි අසනීප තත්ත්වයක් ඇතිවූ බව රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියා විසින් ද තහවුරු කරන ලදී.

    හෙලිකොප්ටර් යානයකින් ගුවන් තොටුපොලට රැගෙන ආ පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ ඒ වන විට පිටත් වීමට තිබූ යානයකින් ගෙන ගොස් ඇති අතර ඔහු සමග වෛද්‍ය කණ්ඩායමක්ද පිටත්ව ගොස් ඇත. එම යානයේ යෑමට සියල්ල සූදානම්ව සිටි දෙමළ මගීන් සිව් දෙනෙකුගේ ගමන්වාර අවලංගු කර රාජපක්ෂගේ කණ්ඩායමට ඉඩ හසර සලසා තිබේ.

    පර්සි මහේන්ද්‍රගේ ඇමරිකානු පුරවැසි සොයුරෙක්ද ඔහු සමග පිටත්ව ගොස් ඇති අතර පර්සි මහේන්ද්‍ර රාජපක්ෂගේ හදිසි අසනීපය ගැන ඔහුගේ ලඟම ඥාතීන් දැඩි සේ කලබලයට පත්ව ඇත.

    මේ සම්බන්ධයෙන් ඔහුගේ කාර්ය මණ්ඩලය නිල වශයෙන් කිසිවක් ප්‍රකාශ නොකරන අතර නිහඬතාවයක් දරයි.

    1945 නොවැම්බර් 18 වෙනිදා වීරකැටියේදී උපත ලද පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ ගේ වයස මේ වන විට අවුරුදු 68 කි.
    Photo: පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ හදිසියේ අසනීප වී විදෙස් රටකට රැගෙන යයි..!------
     

    aruna47

    Well-known member
  • (ලංකා ඊ නිව්ස් -2014.අගෝ.23, ප.ව.4.30 -තෙවන සංස්කරණය ප.ව.6.40) 2005 වසරේ සිට ශ්‍රී ලංකාව යටත් කරගෙන සිටින මැදමූලන පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ හදිසියේ අසනීප වී විදෙස් රටක් කරා රැගෙන ගොස් තිබේ. ඔහුට කලින් යොදා ගත් කිසිදු විදේශ සංචාරයක් නොතිබූ අතර ඊයේ(22) රාත්‍රී කටුනායක ගුවන් තොටුපොලින් පිටත්ව යෑමට තිබූ සාමාන්‍ය ගුවන් යානයක් මගින් විදේශයකට රැගෙන ගොස් තිබේ. ඔහුගේ ගමනාන්ත රට කුමක්දැයි මෙතෙක් හෙලි වී නැති අතර ඔහුට හදිසි අසනීප තත්ත්වයක් ඇතිවූ බව රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියා විසින් ද තහවුරු කරන ලදී.

    හෙලිකොප්ටර් යානයකින් ගුවන් තොටුපොලට රැගෙන ආ පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ ඒ වන විට පිටත් වීමට තිබූ යානයකින් ගෙන ගොස් ඇති අතර ඔහු සමග වෛද්‍ය කණ්ඩායමක්ද පිටත්ව ගොස් ඇත. එම යානයේ යෑමට සියල්ල සූදානම්ව සිටි දෙමළ මගීන් සිව් දෙනෙකුගේ ගමන්වාර අවලංගු කර රාජපක්ෂගේ කණ්ඩායමට ඉඩ හසර සලසා තිබේ.

    පර්සි මහේන්ද්‍රගේ ඇමරිකානු පුරවැසි සොයුරෙක්ද ඔහු සමග පිටත්ව ගොස් ඇති අතර පර්සි මහේන්ද්‍ර රාජපක්ෂගේ හදිසි අසනීපය ගැන ඔහුගේ ලඟම ඥාතීන් දැඩි සේ කලබලයට පත්ව ඇත.

    මේ සම්බන්ධයෙන් ඔහුගේ කාර්ය මණ්ඩලය නිල වශයෙන් කිසිවක් ප්‍රකාශ නොකරන අතර නිහඬතාවයක් දරයි.

    1945 නොවැම්බර් 18 වෙනිදා වීරකැටියේදී උපත ලද පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ ගේ වයස මේ වන විට අවුරුදු 68 කි.
    Photo: පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ හදිසියේ අසනීප වී විදෙස් රටකට රැගෙන යයි..!------

    බලපන් බලුසන් බෝදි පුජාවක් තියනවද කියලා :rofl::rofl:
     

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,180
    1,891
    113
    C:\
    ල0කාවේ ඉන්න ලොකුම හොරා.. මූට යන්න වෙනම අපායක් හදන්න ඔනෙ...
     

    wall-e

    Well-known member
  • Aug 27, 2012
    2,061
    364
    83
    Pixar Animation Studios
    නිකමට හරි ගිහිල්ලා ....ස්වාදීන පක්ෂේකට්වත් චන්දෙ දෙන්න ඕන .........බැන බැන චන්දෙ නොදා ඉඳල හරි යන්නේ නෑ ...........මිනිස්සු එකතු වෙනවා නම් හොඳ නායකයෝ හැදෙයි
     

    monson

    Well-known member
  • May 7, 2007
    24,862
    26,885
    113
    මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ‘වාර්ෂික ආදායම' රුපියල් හාරකෝටි තිස්දෙලක්ෂ අසූනව දහස් හාරසීයක් (රු.43289400) වන විට එහි ‘මාසික වැටුප් වියදම' රුපියල් තුන්කෝටි විසිදෙලක්ෂ පන්සිය හැත්තෑ පහක් (රු. 32200575)ක් බව අනාවරණය වේ.

    එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී ඇසූ ප්‍රශ්නයකට ගුවන් සේවා අමාත්‍ය ප්‍රියංකර ජයරත්න ඇමතිවරයා ලබාදුන් පිළිතුරෙන් එහි ආදායම අනාවරණය විය.

    එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් මාසික වැටුප් වියදම අනාවරණය වී තිබේ.

    එම ගුවන්තොටුපළට ගුවන් සමාගම් පහක යානා පැමිණ තිබේ. ශ්‍රී ලංකන් ගුවන් සමාගම, මිහින් ලංකා සමාගම, ෆ්ලයි ඩුබායි ගුවන් සමාගම, රොටානා ජෙට් ගුවන් සමාගම සහ අනෙකුත් සමාගම් ඒ අතර වේ.

    ශ්‍රී ලංකන් ගුවන් සමාගමෙන් වැඩිම ආදායම උපයා ඇති අතර එය රුපියල් තුන්කෝටි එකොලොස් ලක්ෂ එක්දහස් අටසිය හතලිස් එකක් (රු.31 101 841) වේ. මීලඟ වැඩිම ආදායම උපයා ඇත්තේ ෆ්ලයි ඩුබායි ගුවන් සමාගමෙන්ය. එය රුපියල් අනූනව ලක්ෂ හැත්තෑහතර දහස් දෙසීය තුනක් (රු. 9 974 203)ක් වේ.

    මේ අනුව වර්ෂයකට දළ වශයෙන් වැටුප් සඳහා දළ වශයෙන් රුපියල් තිස්අට කෝටි හැටහතර ලක්ෂ හයදහස් නවසීයයක් (රු.386 406 900) ක් වැය වේ. නමුත් මුළු ආදායම ඇත්තේ රුපියල් 43 289 400 ක්ය.

    මෙම ව්‍යාපෘති සඳහා ලබා ගන්නා ණය ඉහළ පොලියත් සමඟ ගෙවීමට මෙරට ජනතාවට සිදු වී තිබේ.

    මෙම සංඛ්‍යාලේඛණ පිලිබඳව අදහස් දක්වන මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් පවසා සිටින්නේ මත්තල ගුවන්තොටුපොලේ අලාභයට හේතුව ගුවන්සේවා අමාත්‍යවරයා විසින් විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට නිවැරදි සංඛ්‍යාලේඛණ ඉදිරිපත් කිරීම බවයි. එම නිසා මත්තල ගුවන්තොටුපොල මහ බැංකුව යටතට පවරා ගෙන මාස 6 ක් තුල ලාභ උපයා පෙන්වීමට තමා සූදානම් බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.


    :angry: