මචන්, හොඳ බාස් කෙනෙක් හොයා ගන්න හරිම අමරුයි.. අපේ ගෙදර කරපු එකා උනත් මට රෙකමන්ඩ් කරන්න බෑ.. මම ලඟ ඉඳන් කෑකෝ ගහලා තමයි වැඩේ කර ගත්තේ.. මම ඔයාට ටිප්ස් ටිකක් දෙන්නම් ඒ ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න...
1) පාරේ ලයින් එකෙන් නම් වතුර ගන්නේ මේ විදියට නන් රිටර්න් වෑල් දාලා හදා ගන්න.. මොකද නා ගන්නයි පුක ශෝද ගන්නයි හොඳට ප්‍රෙෂර් වතුර තියෙන්න ඕනේ.. ටැංකියේ ඉඳන් පහලට එනකොට බාත් රූම් එක ගාවටම එකහාමාරෙන් ගේන්න.. පස්සේ භාගෙට දා ගන්න..
View attachment 107841
එළියෙන් බාත් රූම් එක ඇතුලට ලයින් එක දෙද්දි මේ වගේ closer TAP එකක් දා ගන්න අවශ්‍යය වෙලාවට වහ ගන්න,ඇතුලේ නඩත්තු කටයුත්තක් කර ගන්න ලේසී..
View attachment 107844
2) කක්කි බෙටි යන්න වෙනම ටැංකියයි.. නානවතුර + කුස්සියේ වතුර යන්න වෙනම ටැංකියයි ලොකේට් කර ගන්න ලඟින්ම.. ඈතින් දා ගන්න එපා බෙන්ඩ් වැඩි උනාම කරදරයි.. කක්කි බෙටි යන බටයේ නැවුම්(Bend) තියා ගන්න එපා.. බුග් ගාලා ෆ්ලෂ් කලාම කෙලින්ම වලට යන්න සෙට් කරන්න.. නැත්නම් පස්සට කරදරයි..
3)බිත්තියට ටයිල් තෝරද්දි මතුපිට ප්ලේන් ටයිල් එකක් පවිච්චි කරන්න, මොකද ඔය සෙට් සෙට් හෑරිච්ච කාණු වගේ ඩිසයින් තියෙන ටයිල් ඇල්ලුවම ඕවයේ කුණු රැඳෙන ප්‍රමාණය වැඩී.. හෝදන්න ගියාම පණ යනවා.. බිමට රෆ් ටයිල් එකක් අල්ල ගන්න.. ලිස්සනේ නැති.. මොකද සබන් වැටුන ගමන් බණ්ඩක්කා වගේ ලිස්සනවා.. කළු ගල් ෆිනිෂ් okay...
View attachment 107846
4) ඇතුල මේ විදියට සෙටප් කර ගන්න.. නාන ස්ථානය අඟලක් පාත් කර ගන්න අනික් මට්ටම වඩා.. ඒකෙන් නාන වතුර එහේ මෙහේ යන එක නතර වෙනවා.. නාන වතුර ඒ කොටුවේ මුල්ලකින් එළියට යන විදියට ස්ලොප් එක හදා ගන්න.. එතනින් ගලිය දාන්න..
View attachment 107847
5)මම පෞද්ගලික කැමති මේ වගේ ශවර් එක තියෙනවට.. කළු ගල් ෆිනිෂ්...
View attachment 107848
ඇහැට ලේසී.. මේ වගේ තියෙනකොට මට ඇහැට මාරුයි..
View attachment 107849
6) රොසෙල් ෆිටින්ග්ස් ගන්න.. ඒකෙත් හොඳම ග්‍රේඩ් එකෙන් ගන්න.. ස්විස් ටෙක් එකත් අවුලක් නෑ..
7) නාන කොටස මේ වගේ ටෙම්පර්ඩ් ග්ලාස් එහෙකින් වෙන් කර ගන්න.. මේ වගේ උඩින් නිකල් බටයක් දාලා ලස්සනට ඇරේන්ග් කර ගන්න.. ඇලුමිනියම් ගහන්න එපා.. ගූ 70යි. මේකේ මේ යටින් ලෑල්ලක් ගහලා තියෙන්නේ මෙයා නාන කොටස පහත් කරලා නැති නිසා...වතුර එනවට ගහලා.. Also වොෂ් රූම් එකේ කක්කි ගඳ සංසරණයට හොඳ වාත කවුළුවක් තබන්න මේ වගේ..
View attachment 107850
8) ෆිටින්ග්ස් අල්ලද්දි වෝල් ටයිල් විදින කොට පරිස්සමෙන් විද ගන්න.. මොකද කට්ට පැනලා වටේම හීරෙන්න බලනවා.. ඕවට වෙනම කටු තියෙනවා මේ වගේ..
View attachment 107851
9) මිරර් එක වැඩිය උඩ අල්ලන්න එපා.. ගානට අල්ල ගන්න බිජ්ජ උනත් පේන සයිස් එකට.. කෙල්ල එක්ක වොෂ් රූම් එකේ ජිගි ජිගි දානකොට කණ්නාඩියෙන් බලන් කරද්දි පට්ට..
10) හොට් වෝටර් වලට 13A එකක් උඩින් දා ගන්න.. ඒකට වෙනම වතුර ලයින් එකක් තියලා තියන්න. කණ්නාඩිය අසලත් ප්ලග් පෝට් එකක් තියන්න රැවුල කපා ගන්න.. මිරර් එකටත් උඩින් ලයින් එකක් ඇදලා තියා ගන්න මිරර් ලයිට් එකට..
11) බිත්තියේ බට ඇදලා වහන්න කලින් සප්ලයි එක දීලා බලන්න ලීක් තියෙනවද කියලා.. 100%ක් ඕකේ නම් කපරාරු කරන්න..
12) අලුත් වොෂ් බේසින්ග් මොඩල් බිත්තියටමයි හයි කරන්න එන්නේ.. ඒ වතුර පිටවෙන බට නිසි පරිදි නිසි උසින් තියා ගන්න..
View attachment 107852
13) බිත්තියේ බට ටයිල් කැටය තුළින් එලියට ගැනීමේදී ඒ නිසි රවුම් කපන කටර්ස් භාවිතා කරන්න.. නැත්නම් සමහරු අඬුවෙන් කඩනවා කැතයි.. නිසි මීමි අරන් හරියටම හිල කපන්න ඕන තැනින් හිල කපන්න...
14) ගලි දෙකක් දා ගන්න.. නාන වතුර ගලි එකයි.. පිටත ගලි එකයි..
15) සමස්ථ වොශ් රූම් එකේ පොළව ගෙදර පොළවට වඩා අඟලක් පහත් කරන්න..
16) නාන තැනින් මේ වගේ රැක් එකක් එල්ල ගන්න ඔයාගේ ෂැම්පූ බෝතල් ටික තියා ගන්න.
View attachment 107853