BBC Sinhala : ශ්‍රී ලංකාවේ පොදු ප්‍රවාහන සේවා, කාන්තා
ශ්‍රී ලංකාවේ පොදු ප්‍රවාහන සේවා, කාන්තාව හා අතවර
"මම සෙරෙප්පුව අතට ගන්නද? නැත්නම් ඊළඟ හෝල්ට් එකෙන් බැහැල යනවාද?"
බස් රිය තුළ දී එක්තරා පුද්ගලයෙකුගෙන් දිගින් දිගටම සිදු වූ හිංසා ඉවසා ගත නොහැකිව කොළඹ පෞද්ගලික බැංකුවක ලේකම්වරියක ලෙස සේවය කරන කේශිකා රණසිංහ එසේ පැවසුවාය.
ශ්‍රී ලංකාවේ දිනපතා සිය ගමන් බිමන් සඳහා පොදු ප්‍රවාහන සේවය භාවිත කරන පුද්ගලයන්ට මෙවැනි සිද්ධීන් සුලභව දැකිය හැකිය, ඇසිය හැකිය.
ශ්‍රී ලංකාවේ බස්රථ හා දුම්රිය වැනි පොදු ප්‍රවාහන සේවා භාවිත කරන කාන්තාවන්ගෙන් 90%ක් එම ප්‍රවාහන මාධ්‍ය ඇසුරේදී ලිංගික හිංසනයට ලක්වන බව එක්සත් ජාතීන්ගේ ජනගහණ අරමුදල (UNFPA) විසින් 2017 වසරේ නිකුත් කරන ලද වාර්තාවක සඳහන් වේ. මේ අතරින් වඩාත් පීඩාවට පත්ව ඇත්තේ රැකියා සහ අධ්‍යාපන කටයුතු සඳහා පොදු ප්‍රවාහන සේවය භාවිත කරන කාන්තාවන්ය. නමුත් ඒ සම්බන්ධයෙන් පොලිස් රැකවරණය පතන්නේ අදාළ කාන්තාවන් අතුරෙන් 4%ක පමණ පිරිසක් බව පොලිස් ළමා සහ කාන්තා කාර්යාංශයේ දත්ත අනුව පෙනී යයි.
කාන්තාවන් අතුරෙන් 50%ක් රැකියා සඳහා යාමේදීත් 28%ක් අධ්‍යාපන කටයුතු සඳහා යාමේදීත් 20%ක් වෙනත් පෞද්ගලික අවශ්‍යතා සඳහා යන අතරවාරයේදීත් පොදු ප්‍රවාහන සේවාවලදී ලිංගික හිංසනයට ලක් වෙති.
මෙම සමීක්ෂණය සඳහා දිවයිනේ සෑම පළාතක්ම නියෝජනය වන පරිදි වයස අවුරුදු 15 - 35 අතර කාන්තාවන් 2500ක් සහභාගි වී තිබුණි. ඔවුන්ගෙන් 90%ක්ම බස් රථ හෝ දුම්රිය තුළදී විවිධ අන්දමින් ලිංගික හිංසනයට ලක්වී ඇත. හිංසනයන්ට මුහුණ දුන් කාන්තාවන්ගෙන් 74%ක් පැවසුවේ තම සිරුරෙහි කොටස් සිතාමතා ස්පර්ශ කිරීමට පුරුෂයන් පෙළඹුණු බවය. ඉන් 52%ක් පැවසුවේ විවිධ පුද්ගලයන් ලිංගික අවයවය තම සිරුරේ ඇතිල්ලීම කළ බවය. අශෝබන ලෙස අසුන් ගන්නා පුරුෂයන් නින්දේ පසුවන බව අඟවා අනවශ්‍ය ලෙස තමන් ස්පර්ශ කළ බව 52.25% කාන්තාවෝ පැවසූහ.
CONTINUE READING CLICK HERE : BBC Sinhala