Be a Excellent Encoder

KingCM

Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    අද මම කියල දෙන්න යන්නෙ video එකට හරියන විදිහට කොහොමද audio එක හදාගන්නෙ කියල.....///////////



    මේවට රේප්+දෙන්නේ නැත්නම් වෙන මොනවට දෙන්නද බන්.:):):)

    පොස්ට් වලට ගොඩක් මහන්සි වෙලා තියෙනවා වගේ.:)

    මටත් RIP කරන හැටි ඉගෙන ගන්න ඕනේ වෙලා තිබුනන්ත් කොහෙන්ද පටන් ගන්නේ කියල හිතාගන්න බැරුව තමයි හිටියේ.:dull::dull::dull:
     

    ppkgamage

    Well-known member
  • Feb 12, 2009
    2,198
    466
    83
    In Hell :DD
    මේවට රේප්+දෙන්නේ නැත්නම් වෙන මොනවට දෙන්නද බන්.:):):)

    පොස්ට් වලට ගොඩක් මහන්සි වෙලා තියෙනවා වගේ.:)

    මටත් RIP කරන හැටි ඉගෙන ගන්න ඕනේ වෙලා තිබුනන්ත් කොහෙන්ද පටන් ගන්නේ කියල හිතාගන්න බැරුව තමයි හිටියේ.:dull::dull::dull:
    onna ehenam den wede patanganna :lol:
     

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    onna ehenam den wede patanganna :lol:

    ඔව් මචන් මම දැන් මේ පොස්ට් එක follow කරන ගමන් ඉන්නේ.

    අනිත් එක උබ හොද පැහැදිලිව lesson එක present කරලා තියෙනවා.

    කියවන්නත් අසයි. ඇත්තටම සුපිරියටම explain කරලා තියෙනවා.thank again.!!!​

    clipart-thumbs-up-happy-smiley-emoticon-8595.png
     

    ppkgamage

    Well-known member
  • Feb 12, 2009
    2,198
    466
    83
    In Hell :DD
    x264 (H264) ගැනයි දැන් කතාකරන්න යන්නෙ.

    ඉස්සෙල්ලම බලමු මොකද්ද මේ 264
    මුලිම video compression method එකක් විදිහට පාවිච්චිකරේ MPEG කියන ක්‍රමයට නැත්නම් MPEG codec යොදා සාදන ලද ක්‍රමයකුයි. ඉස්සරම තිබුනු වීඩියෝවල resolution එක හා codec එක ගැන කතාකරද්දි ගොඩාක් වීඩියෝ වල codec එක උනේ MPEG codec එකයි. ඒ වීඩියෝවල resolution අද කාලෙ තියෙන ඒවට වඩා ගොඩාක්ම අඩුයි. සාමන්‍යෙන් 352*264 තමා ඒදවස්වල බාවිතා උන size එක උනේ.
    කාලයක් යනකොට මේ resolution එක සමහර වැඩ වලට මදි උනා ඊටපස්සෙ ඔන්න resolution එක වැඩිකරන්න පටන් ගත්ත. resolution එක වැඩිකරනකොට MPEG වීඩියොවල Quality එක අව්ල් වෙන්න පටන් ගත්ත.
    ඊටපස්සෙ මෙයාලට ඒ සදහා වෙනම compression method එකක් හොයාගන්න උනා. එහෙම වේගෙන යද්දි තමයි TV වල එහෙම Aspect ratio එක එහෙම වෙනස් වෙන්න පටන්ගත්තෙ. ඉස්සර තිබුනු හැම ටීවී එකේම AR අගය 4:3 උනා.
    AR අගය කියන්නෙ දිග හා පලල අතර අනුපාතයයි
    352*264
    88*66 (4න් බෙදීමෙන්)
    8*6 (11 න් බෙදීමෙන්)
    4*3 (2 න් බෙදීමෙන්)
    මෙහි AR අගය 4:3 වේ
    AR අගය 16:9 කියල වෙනස් වෙන්නපටන්ගත්ත. ඒකට HDTV කියල හදුන්වනුලැබුවා.
    ඒවගේ සාමාන්‍ය resolution එක 640*352 උනා. AR අගය 4:3 විටදී 640*480 වනවා. MPEG codec එකෙන් පසුව උපයෝගී කරගත් මීලග codec එක වන්නේ DivX යන්නයි.
    මෙයනම් අදටත් සුලබව බාවිතාවෙනවා. resolution එක තව තවත් වැඩිකා ගැනීමේදී DivX වැනිම codec එකක් උපායෝගී කරගනු ලැබුවා. DivX වලට වඩා ටිකක් Advanced උන XviD මෙමෙ codec වර්ග දෙක තමයි අදටත් සුලබවම .avi file සදහ යොදා ගන්නේ. මෙන්න මෙහි ඇතුලත්වන compression method එක හදුන්වනවා H263 ලෙස.

    225.jpg


    meGUI හි ඉහත රූපයේ Quantilizer type එක තෝරන තැන H263, MPEG ලෙස දක්වා ඇත්තේ මා කලින් කියපු methodදෙකයි

    resolution එකේ අගය තව තව වැඩිවෙන්න උනා. HD, fullHDඑන්න පටන්ගත්ත.
    HD කියන්නෙ 720p (1280*720 AR 16:9)
    FullHD කියන්නෙ 1080p (1920*1080 AR 16:9)
    ඔන්න ඕවට යනකොට avi file වල Quality එක ගැනීමට යාමේදී විශාල mb ප්‍රාමනයක් file සෑදීමට සිදු උනා. මේ සදහා අලුත් compression method එකක් යොදාගත්තා. ඒකට ත්මයඉ x264 (H264) කියන්නෙ.
    අද වනවිට super HD වීඩියෝද පැමිනීම නිසා x264 තවත් හොද method එකක් යොදාගන්නවා. ඒක හදුන්වනවා x265 (H265) කියල. meGUI හි අලුත්ම සන්ස්කරන වල මේ H265 preset එකක්ද ඇතුලත්වනවා. meGUI මගින් superHD videoද සෑදීමේ අවස්තාව ලබා දී තිබෙනවා. නමුත් තවම එය පරීක්ශාන්ත්මක මට්ටමේ පවතී

    ඊලගට බලමු x264 සමග encode එකක් කරන විදිහ.....

     

    ppkgamage

    Well-known member
  • Feb 12, 2009
    2,198
    466
    83
    In Hell :DD
    ඔව් මචන් මම දැන් මේ පොස්ට් එක follow කරන ගමන් ඉන්නේ.

    අනිත් එක උබ හොද පැහැදිලිව lesson එක present කරලා තියෙනවා.

    කියවන්නත් අසයි. ඇත්තටම සුපිරියටම explain කරලා තියෙනවා.thank again.!!!​


    clipart-thumbs-up-happy-smiley-emoticon-8595.png

    hemadema man danna widihata okkotama kiyaladennai man uthsaha karanne. kaata hari prayojanayak wenawanam eika sathutak. monawa hari getalu thyenawanam ahanna...
     

    ppkgamage

    Well-known member
  • Feb 12, 2009
    2,198
    466
    83
    In Hell :DD
    මුලින්ම වීඩියොවක් තෝරාගෙන එක file indexer එක මගින් index කරවාගන්න
    මීලග open වෙන avisynthscript creator එක මගින් කලින් සදහන් කල පරිදි script එකක් තනා ගන්න

    මීලගට x264 scrtchpad preset එකේ config යන්න

    228.jpg


    ඉස්සෙල්ලම තියෙන්නෙ encoding mode එක තෝරන්නයි.
    මෙහි abr යනු AVARAGE BITRATE යන්නයි. මෙහිදී එක් වරක් පමනක් encode වීම සිදුවේ 1 pass
    Automated 2 pass or 3 pass ක්‍රමයන් හැර අනිත් සියලු අවස්තාවලදී එක්වරක් පමනක් encode වීම සිදුවේ

    මීලගට වීඩියෝවට අදාල bitrate එක ලබාදෙන ස්තානය. සින්දුවක් සදහා වැඩි අගයක් ලබාදිය හැකි අතර avi සදහා ලබාදෙන අගයට වඩා අඩු අගයක් බාවිතා කල හැක.

    avi වලින් encode වීමේදී 4500Kbps ලබාදුන් වීඩියෝවකට මෙහිදී 2500Kbps පමන ලබාදීම ප්‍රමානවත්ය.

    tuning තමන්ට කැමති ලෙස වෙනස්කරගත හැක. සාමාන්යෙන් එය වෙනස් නොකර බාවිතා කරයි

    මීලගට AVC profile (x264 යන්න හදුන්වන තවත් නමක් තමයි advanced video code එහි අදාල preset profile එක තෝඑරා ල්බාදීම මෙතනින් සිහුවේ. මෙතනට High profile යන්න තෝරන්න

    AVC level යන්න autogess යන්න තැබීම ඉතාම යෝග්යවේ. අදාල වීඩියෝවට දාලව levelහි අගයන් autoම වෙනස්කරගැනීම සිදුවේ.

    තමන්ට අව්ශ්‍ය level එකක්ද බාවිතා කල හැක. සාමාන්‍යෙන් 4.1 යොදාගනී

    playback device එකත් අපිට කමති පරිදි වෙනස් කරගත හැක නමුස් මෙය වෙනස් කිරීමෙන් සමහර settings වෙනස් වීමේදී අදාල device එකේ පමනක් play කිරීම යෝග්ය වෙයි. ඒ නිසා මෙය වෙනස් නොකර තබා ගැනීමෙන් ඕනෑම device එකකට යෝග්‍ය පරිදි වීඩියෝව සක්සාගත හැක.

    10bits encoding මෙය bit depth එක ගැන කතාකරයි. බොහෝ වීඩියෝ වල මෙම අගය 8 වේ. ඒම් 8bit යොදාගනී. 10bit යොදාගෙන සාද HD video Quality එකෙන් වැඩිවේ.

    ඉන්පසු show advanced settings යන්නට tik එකක් යොදන්න එවිට ඔබට තව tab 4ක් open වෙනවා දැක ගත හැකිවේ.

    ඉතිරිය මතුසම්බන්දයි ....