Beginning - 10 More Years To Go. අනිවා මේක බලපං

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,200
    31,929
    113
    Lankawe thiyenne podi economy ekak goda ganna puluwan lesiyen.

    worker remitances tikama athi masayak polin nathuwa duwanna hariyata un ewanawa nam.
    Ewanna horu gedara yanna ona, dan pissai, ponilai dekak elawanna epaiq
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,738
    9,060
    113
    ග්‍රීසිය හාඩ් ඔස්ටෙරිටීස් වෙනුවට විකල්පයකට ගියා නම් ඔච්චර කල් යන්නෙ නෑ. එයාලට උනෙත් බංකොලොත් අනිත් රටවල් වලටත් උන සන්තෑසියමයි. අවිචාරශීලී කොස්ට් කටින් වලට යන්න හැදීමෙන් ද්විතීයක අර්බුදයක් නිර්මාණය උන එක. අපිත් බොහෝවිට ඕකම කරගනියි.

    අපිට නැති ලොකු ඔපචුනිටියක් උන්ට තිබුන. සාමාන්‍යෙන් IMF එකෙන් දෙන ක්‍රමවේදය වෙනුවට ආර්ථික ඇමති වරුෆාකිස් හදල ඉදිරිපත් කරපු එයාලගෙම හෝම්ග්‍රෝව්න් වැඩපිළිවෙලට IMF එකෙන් කොළ එලිය ලැබෙමින් තිබුනෙ. මේ 2015 කාලෙ. අන්තිම මොහොතෙ රජය ඒක පැත්තක දාල බොයිලර් ප්ලේට් IMF ඔස්ටෙරිටීස් වලටම ගියා. වරුෆාකිස් රජයෙන් අස් උනා මෙතනින් එහා රට ගැන බලාපොරොත්තුවක් නෑ කියල.

    අපිට අඩුම තරමෙ IMF එකත් එක්ක සාමාන්‍ය ක්‍රමයෙන් පිට විකල්පයක් කල්පිතයක් විදිහට කන්සිඩර් කරන්නවත් ඩිමාන්ඩ් පවර් එකක් නෑ. IMF එකේ කවුරු හරි සුද්දෙක් හදල දෙන ක්‍රමයක් ඔහේ උස්සන් ඇවිත් කරොත් අබ සරණයි. අපේ අයියල ගැන දන්න නිසා වැඩේ පැහැදිලියි. 10කින්වත් ආවොත් හොඳයි.

    කරන්න තියෙනව දෙයක්. පාර්ලිමේන්තුවෙ අතිශයින් කුටික බලය ලෙවල් කරල ඉකොනොමිස්ට් තින්ක් ටෑන්ක් එකකින් බැක් වෙන නායකයෙක්ට මැන්ඩේට් එක දෙන්න. වැඩකට ඇති කිසිම මනුස්සයෙක් ඕක බාර ගන්න කැමති නැත්තෙ අර ආත්මාර්ථකාමී පොහොට්ටුවත් එක්ක මේ පාර්ලිමේන්තුවෙ වැඩ කරන්න බෑ කියල දන්න නිසා. රටට වැඩකුත් නොවී තමන්ගෙ දේශපාලන වෘත්තියත් නාස්ති කරගන්න උන්ට පිස්සු නෑ. නිකමට හිතපන් රට නිළ වශයෙන් බංකොලොත් වෙලා දැන් දවස් තුනක්. මේ වෙනතුරු ආර්ථික‍ය ගැන පාර්ලිමේන්තුවෙ කතා වෙලා නෑ, දවස් දෙකක්ම කතා කරන්නෙ ගෙවල් ගිනිතිබ්බ මංගල්ලයක් ගැන. ඒ අස්සෙ දිනේශ් ගුණවර්දන ඉල්ලනව දෙකක් මදි හතරක්ම ඕනෙ කියල. පිස්සුද බන් මුන් එක්ක රට හදන්න යන්න කාටවත්. ඒ අස්සෙ අපේ වාහෙල කියනව විපක්ෂය කකුලෙන් අදින එක නවත්තල සහයෝගය දෙන්නලු.
     
    Last edited: