කිරියනි!
මම මීට කලිනුත් මට වෙච්චි relationship කේස් ගැන හෙම පෝස්ටු දාල තියෙනවා.
යාලුවෙකුගේ සිද්ධියක් ගැනයි, මගේ සිද්ධියක් ගැනයි වෙන වෙනම ත්‍රෙඩ් දෙකක් විතරත් දාල තියෙනවා.
ඒවාට මට එකඟ වෙන්න පුළුවන් වගේම බැරි feedback එහෙමත් ලැබුනා.
සිද්ධිය සරලවම මේකයි.
මගේ වයස 32යි.
කෙල්ලෝ ගැන හෙම කැමැත්තක් තිබුනට බඳින්න අදහසක් මුල ඉඳලම තිබුනේ නැහැ, අවුරුදු 29 විතර වෙනකම්.
ඕක හෙන වගකීමක් හන්දයි, දරුවෝ මල්ලෝ හදන්න ගත්තට පස්සේ පීඩනේ වැඩි වෙයි කියල හිතිච්චි හන්දයි එහෙම හිතුවේ.
ඒත් මෑතකදී, ඒ කියන්නේ වයස 30දි විතර ආයිත් හිතුවා, බඳිනවා නම් හොඳයි කියලා.
ඊට පස්සේ ඉතින් මගේ වයසයි, රස්සාවයි එක්ක යම් යම් තැන්වලින් ප්‍රපෝසලුත් ආවා.
ඒත් ඒවා නොබලාම ප්‍රතික්ෂේප කළේ ප්‍රපෝසල් වලින් එන ඒවට මගේ කැමැත්තක් නොතිබිච්ච හන්දා.
මොකද මගේ අදහස වුනේ පොඩ්ඩක් දැන අඳුනගෙන කසාද බැන්දහම හොඳයි කියන එක කියලා.
ඒ විතරක් නෙමෙයි, මං දන්න අඳුනන යාළුවෝ මං ගැන ප්‍රපෝසලුත් එයාලා දන්න කට්ටියට කරලා තිබුනා.
නෝ සක්සෙස්! ඒගොල්ලෝ මට නොකියන, ඒත් මම දැනටම දන්නා හේතුව තමා මගේ මූණත්තහඩුව.

ඉතින් යාලු, ඔහොම ගිහින් ඔහොම ගිහින් ඔහොම ගිහින්
රටේ ආර්ථික අර්බුදයකුත් ආවා කියහන්කෝ!
දැන් වෙඩින් එකක් ගන්න එක විතරක් නෙවි, පවුලක් නඩත්තු කරන එකත් අමාරු වෙන සීන් එකක් තියෙන්නේ.
වයස 35 වෙද්දීවත් මේ යන විදිහට කෙල්ලෙක් සෙට් වෙයි කියලා හිතන්න බැහැ.
ඒ නිසා මට හිතෙනවා කසාද නොබැඳ ඉන්න එක හොඳයි කියලා.
ඔන්න ඕකයි තත්තේ බ්‍රෝ!
දැන් ඉතින් postgraduate එකකුත් කරන එකේ අමාරුවෙන් හරි රට යාගන්න තමා බලන්නේ!
ලෝකේ enjoy කරන්න එක ක්‍රමයක් කියලා නැහැ.
ඕනි තරම් විදි තියෙනවා!