Belt එකේ Fashion එක
එදිනෙදා ඩෙනිම්, ජීන්ස් අඳින Fashion කරන්න කැමති යුවතියන්ට නිතර අවශ්‍ය වන අංගයක් ලෙස බඳපටිය හෙවත් පොදුවේ Belt එක හඳුන්වන්න පුළුවන්. බෙල්ට් මිල දී ගැනීමේදී තමන්ට සුදුසු බෙල්ට් වර්ගය, එහි දිග ආදිය ගැන බොහෝ දෙනෙකුට වැඩි අවබෝධයක් නැහැ. ඒ නිසා අපි අද ඔබට මේ කියා දෙන්න හදන්නේ ඔබට සුදුසුම බෙල්ට් එක තෝරා ගන්නා ආකාරයයි.
වර්තමානයේ බොහෝ දෙනෙක් අන්තර්ජාලයෙන් නොයෙක් විලාසිතා උපකරණ මිල දී ගන්නවා. සාපපුවට ගොස් මිල දී ගන්නා අයටත් අන්තර්ජාලය භාවිතා කරන අයටත් පොදුවේ උපකාර වන උපදෙස් කිහිපයක් මෙන්න..
සිහි තබා ගත යුතු පලමුම කරුණ වන්නේ බෙල්ට් එකක් එකක් ඔබේ ඩෙනිමේ හෝ ජීන් එකේ ඉණ ප්‍රමාණයට වඩා අඟලක් දෙකක් විශාල විය යුතු බවයි. ඒවා සාමාන්‍යයෙන් ඔබේ ඉණ ප්‍රමාණයට හෝ උකුලේ පළලට වඩා අඟල් දෙකක් විශාලවයි නිෂ්පාදනය කරන්නේ.
සාමානයෙන් බෙල්ට් එකක සිදුරු පහක් තිබෙනවා. එහි ප්‍රමාණය ඔබට නිවැරදිව ගැලපෙනවා නම් එහි මැද සිදුරයි භාවිතා කරන්නේ. එක්සත් ජනපදයේ බෙල්ට් වල දිග මනින්නේ අඟල් වලින්. නමුත් යුරෝපයේ බොහෝ රටවල් සෙන්ටිමීටර් වලිනුයි දිග මනින්නේ. බෙල්ට් එකේ දිග මැන ගන්නට බොහෝ ක්‍රම තිබෙනවා.
පළමු වැන්න ඔබේ ඉණ මැනීමයි
සිරුරට හොඳින් ගැලපෙන ඩෙනිමක් ඇඳ, එයට බෙල්ට් එකක් දමන ආකාරයට ටේප් පටියක් හෙවත් මිනුම් පටියක් දමන්න. නමුත් මතක තබා ගන්න ඔබ මිල දී ගන්නට යන අලුත් බෙල්ට් එක අඳින්නට බලාපොරොත්තු වන ස්ථානය ඉණ හෝ උකුළ වේවා එතැන පළලයි ඔබ මෙසේ මැන ගන්නේ. ඒ මැනගත් ස්ථානයේ අගයට අඟල් දෙකක් එකතු කරන්න. එවිට ඔබට ගැලපෙන බෙල්ට් එකේ දිග මැන ගත හැකියි.
දෙවැන්න පැරණි බෙල්ට් එකක දිග මැනීම
ඔබට හොඳින් ගැලපෙන බෙල්ට් එකක් දැනටමත් තිබෙනවා නම්, එහි දිග මැන ගනිජ ඉතා පහසු ක්‍රමයක්. බෙල්ට් එක සමතල මතුපිටක සෘජුව තබන්න. ගාංචුව වම් පසට විය යුතුයි. ගාංචුවේ පටියට සවි වන කෙලවර පහසු බෙල්ට් එක සිදුර දක්වා ටේප් එකක ආධාරයෙන් දිග මැන ගන්න. දිගින් සමාන බෙල්ට් එකක් මිල දී ගත හැක. නැතිනම් එයට වඩා තරමක් දිගු එකක් වුවත් හොඳයි.
තෙවැන්න ඔබේ ඩෙනිමක ඉණ මැන ගැනීම
මෙය අනික් ක්‍රම දෙක ඵලදායි නොවුනත්, බොහෝ පිරිමි අයට මෙන්ම සමහර කාන්තාවන්ට මෙම ක්‍රමය හොඳින් ගැලපෙනවා. ඒ සඳහා ඇන්ද විට ලස්සන මෙන්ම සුව පහසු ඩෙනිමක් ගෙන එහි ඉණ අඟල් වලින් මැන ගන්න. ඒ දිගට තවත් අඟල් දෙකක් එකතු කරන්න.
බෙල්ට් එකෙහි දිග බ්‍රෑන්ඩ් එක අනුව වෙනස් වෙනවා. ඒ නිසා හැම බ්‍රෑන්ඩ් එකකම දිග එක හා සමාන විය නොහැකියි. මේ හැරුණු විට බෙල්ට් එකක දිග සඳහන් චාට් එකක් වුණත් භාවිතා කළ හැකියි.
source http://thewoman.lk/fashion-belt/