Best chinese smartphone Brands මෙන්න

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,494
    16,242
    113
    ඇපල්, සැම්සුන්, LG වගේ ප්‍රසිද්ධ ජංගම දුරකථන මාදිලි වලට අමතරව මිලෙන් අඩු, නමුත් තත්වයෙන් උසස් ජංගම දුරකථන වලට මේ දවස්වල වෙළඳපලේ ඇත්තේ ලොකු ඉල්ලුමක්. ඒ අතරින් චීන ජංගම දුරකථන නිෂ්පාදන සමාගම් වලට ඇත්තේ ඉහල අගයක්. දැනට ලොව හොඳම ජංගම දුරකථන මාදිලි 5 අතරින් 2ක්ද චීන සමාගම්. ඉතින් මේ චීන ජංගම දුරකථන නිෂ්පාදන සමාගම් අතරින් හොඳම ජංගම දුරකථන මාදිලි කිහිපයක් ගැනයි අද අපි කතා කරන්නේ.


    ZTE

    zte-grand-x-3-05164.jpg

    ZTE කියන්නේ සමාගම දැනට වසර ගණනාවක් තිස්සේ හොඳ තත්වයේ ජංගම දුරකථන නිෂ්පාදනය කල සමාගමක්. කෙසේ නමුත් ZTE හට තවමත් වෙළඳපලේ ස්ථාවර නමක් දිනාගන්නටනම් හැකියාවක් ලැබී නැහැ. චීන වෙළඳපල හා ජාත්‍යන්තර වෙළඳපලේ පවතින අතිශය තරඟකාරී ස්වභාවය නිසාවෙන් එසේ වුවත් දිනකට අලෙවි වන ජංගම දුරකථන ප්‍රමාණය අනුව නම් ZTE හොඳ නමක් හිමිකරගෙන සිටිනවා.


    Meizu

    gsmarena_001.jpg


    මේ කාල පරිච්ඡේදය තුල අති දැවැන්ත ජනප්‍රියත්වය හා දියුණුවක් ලබාගත් ජංගම දුරකථන මාදිලියක් ලෙස Meizu හඳුන්වන්නට පුළුවන්. වෙළඳපල තුල ඇති Apple iPhone සඳහා ප්‍රභල අභියෝග එල්ල කරන්නට Meizu හට හැකියාව ලැබුනා. Meizu MX5 හා Meizu M2 කියන්නේ බෙහෙවින් ජනප්‍රියත්වයට පත්වුණු ජංගම දුරකථන ද්විත්වයක්. ජංගම දුරකථනයේ පෙනුම හා තත්වය අතින් ඉදිරියෙන්ම සිටින Meizu ජංගම දුරකථනයේ මිලත් අඩුඅගයන් වල පවත්වා ගැනීමට එම සමගම කටයුතු කරනවා. ඇපල් iPhone හා සමාන ලෝහ නිමාවකින් යුත් නමුත් iPhone වලට වඩා මිලෙන් අඩු Meizu ජංගම දුරකථන ආසියා යුරෝපා වෙළඳපල තුල සීග්‍රෙයන්ම වර්ධනය වන ජංගම දුරකථන මාදිලිය ලෙස හඳුන්වන්නට පුළුවනි.


    OnePlus

    oneplus-phones.jpg


    OnePlus කියන්නේ තරමක් ලංකාවේ අපට පුරුදු නමක්. OnePlus සමාගම කලේ තමන්ගේ නිෂ්පාදනයම සිය වෙළඳ උපක්‍රමයක් ලෙස යොදාගැනීමයි. Invite ක්‍රමය නිසා පාරිභෝගිකයා තුල නමක් ඇතිකරගැනීමට OnePlus හට හැකිවුනා. Invite ක්‍රමය ගැන කියනවානම් මුලදී OnePlus දුරකථනයක් මිලදී ගැනීමට ඔබට අවශයනම් මිලදී ගත් කෙනෙකෙුගෙන් invite එකක් ලබාගත යුතු වුනා. ඒ වගේම අඩු මිලත් උසස් තත්වයත් නිසා Flagship Killer ලෙස ජාත්‍යන්තර වෙළඳපලේ දී ප්‍රසිද්ධියට පත්වීමට OnePlus One දුරකථනයට හැකියාවක් ලැබුනා.


    Oppo

    IMG_7494.jpg


    Oppo වෙළඳපලට පැමිණියේ තරමක තරඟකාරී වාතාවරණයකදී යි. ප්‍රථම මෝටරයකින් බලගැන්වෙන කැරකැවිය හැකි කැමරාව සහිත ජංගම දුරකථනය සහ ලොව සිහින්ම ජංගම දුරකථනය නිපදවීමට Oppo සමත් වුවත් අද වන විට ඒ වාර්තා බිඳ වැටී තිබෙනවා. කෙසේ නමුත් චීන වෙළඳපල තුල පහසුකම් අතින් ඉහළ වගේම මිලෙනුත් තරමක් ඉහළ ජංගම දුරකථන සඳහා Oppo නාමය ප්‍රසිද්ධයි.


    Xiaomi

    Xiaomi-mi5-phone-1.jpg


    Xiaomi කියන්නේ වසර කිහිපයක් ඇතුලත අතිශය සීග්‍රෙයන් ජනප්‍රිය වුණු ජංගම දුරකථනයක්. කෙසේ නමුත් 2015 වසරේ දී තිබූ අති දැවැන්ත ඉල්ලුමට සැපයීම් කරගැනීමට පවා Xiaomi හට නොහැකි වුනා. නැගී එන ජංගම දුරකථන මාදිලියකට එය ඒතරම් හොඳ සළකුණක් නෙවෙයි. එසේ වුවත් Xiaomi ජංගම දුරකථන වල තත්වය ඉතාමත් උසස්.



    චීන ජංගම දුරකථන සඳහා මීට වසර කිහිපයකට පෙර පැවතියේ ඒ තරම් හොඳ නමක් නෙවෙයි. හැබැයි දැන් දැන් ඒ තත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වී ඇති බව කවුරුත් දන්නා දෙයක්. එදිනෙදා භාවිත කරන මිලෙන් අධික ජංගම දුරකථනයකින් ලබාගත හැකි සියළුම දේ හෝ ඊටත් එහාගිය පහසුකම් වලින් යුත් මිලෙන් බෙහෙවින් අඩු ජංගම දුරකථයක් මිලදී ගන්නට කවුද අකමැති?



    TechGuru-New-Logo-90.png
     
    Last edited:

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    9+ machan

    oppo f1 + selfi expert eka nam patta

    front cam eka 16 mp da koheda
     
    Last edited:

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,693
    1
    10,990
    113
    ඔව්ව ලංකාවේ තියෙනවද මචන්...කැඩුනොත් හදන්න එහෙම බඩු තියෙනවද
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,112
    16,937
    113
    අප්පා එහෙම සින් එකක්ද! ඒ උනාට ඒක පට්ටලුනෙද බන්?

    1+ පට්ට ෆෝන් එක.සුද්දෝ හිටන් පිස්සු වැටුණනේ ඒ ෆෝන් එකට.චීන බඩු ඔක්කොම බාල නැහැ..විශේෂයෙන් ෆෝන්ස්.xiaomi MI ෆෝන් එකක් එහෙම අතට අරන් බලපන්.සුපිරි.තව ඉස්සරහට බලපන්කො.ඇපල්,සම්සුන්ග් වලේ.:lol: