Best of IFA 2014 : මේ_වසරේ හොඳම තාක්ෂණික මෙවලම්

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,584
    16,436
    113
    Best of IFA 2014 : මේ_වසරේ හොඳම තාක්ෂණික මෙවලම්

    මේ වසරේ IFA හීදි නිකුත් වූ හොඳම තාක්ෂණික මෙවලම් මෙන්න !



    4Wq7K70.jpg



    IFA කියන්නේ ලොව පුරා අවධානය දිනාගත් තාක්ෂණික වෙළඳ ප්‍රදර්ශණයක්. මේ දැවැන්ත තාක්ෂණික ප්‍රදර්ශණයේදී දැවැන්ත සමාගම් රාශියක් තමන්ගේ අලුත්ම තාක්ෂණික උපකරණ හඳුන්වා දුන්නා. ඒ අතරින් කැපී පෙනෙන ස්ථානයක්, Samsung, LG, Sony වැනි සමාගම් වෙත හිමි වුනා. ඉතින් අපි මේ කතා කරන්න යන්නේ එලෙස IFA හීදී හඳුන්වාදුන් තාක්ෂණික මෙවලම් අතරින් හොඳම දේවල් මොනවාද කියලයි.



    Best Flagship Phones


    Galaxy Note 4


    samsung-unpacked-galaxy-note-4-11_2040_verge_super_wide.jpg


    Samsung සමාගම පසුගිය වසරේ නිකුත් වූ Galaxy Phablet දුරකථනය වන Galaxy Note 3 හී මීළඟ සංස්කරණය පසුගියදා එළිදැක්වූවා. මීට ප්‍රථම නිකුත් වූ Galaxy Alpha දුරකථනයේ මෙන් ලෝහමය ආවරණයක් සහිතව නිකුත් වූ Galaxy Note 4 දුරකථනයේ QHD තිරයක් හා Optical Stabilizer එකක් සහිත 16MP කැමරාවක්ද සහිතයි. මීට අමතරව සැම්සුන් සමාගම විසින් තවත් පෙරළිකාර නිර්මාණ කිහිපයක්ම හඳුන්වා දෙනු ලැබුවා.

    Galaxy Note Edge


    samsung_galaxy_note_edge_screens.jpg

    ඒත් එයිනුත් නොනැවතී විශාල තිර සහිත ජංගම දුරකථන සඳහා කැමැති අය වෙනුවෙන් තවත් අපූරු නිර්මාණයක් නිකුත් කිරීමට Samsung සමාගම සමත් වුණා. Galaxy Note Edge නමින් හැඳින්වෙන මේ ජංගම දුරකථනය Note 4 හි ඇතුලත් සියළුම අංග උපාංග ඇතුලත්ව නිකුත් කර ඇති අතර තිරයේ දකුණු පස විශේෂ ආකාරයකට වක්‍රව ඇත. ඒ නිසා වඩාත් පහසුවෙන් Notification බලාගැනීම, කැමරාව පාලනය කිරීම, සංගීත වාදකය පාලනය කිරීම වගේ දේවල් කල හැකියි. කෙසේ නමුත් මේ නව ජංගම දුරකථනය පිළිබඳව මිශ්‍ර අදහසකුයි පාරිභෝගිකයින් සතුව පවතින්නේ.

    Sony Xperia Z3 Compact


    xperia-z3-compact.jpg

    Sony සමාගමේ ප්‍රචලිත ජංගම දුරකථන පෙළක් විදියට Xperia Z හඳුන්වන්න පුළුවන්. එහි තුන්වන සාමාජිකයා වන Xperia Z3 හඳුන්වා දීමට Sony සමාගම විසින් තෝරාගෙන තිබුනේ මේ IFA ප්‍රදර්ශණයයි. ඒ විතරක් නෙවෙයි මෙහිදී Xperia Z3 Compact නමින් කුඩා සංස්කරණයක් ද, Xperia E3 නමින් මිලෙන් අඩු ජංගම දුරකථනයක් ද හඳුන්වා දීමට Sony සමාගම කටයුතු කලා. Xperia Z3 ට සමාන spec වලින් යුත් Xperia Z3 Compact ජංගම දුරකථනය අඟලු 4.6ක තිරයක් සහිත ජංගම දුරකථනයක්. Samsung Galaxy Alpha හා iPhone 6 සමඟ තරඟ කරන්නට තරම් හැකියාවක් ඇති මේ Xperia Z3 Compact ජංගම දුරකථනය ජල ප්‍රතිරෝධීවීමත්, ඉදිරිපස Streao Speakers සහිත වීමත් නිසා විශේෂ වනවා.


    Motorola Moto X (2014)


    xl_moto%20x%20web.jpg



    මේ තරඟයට එක්වෙමින් Motorola සමාගම විසින් Moto X(2014) ජංගම දුරකථනය නිකුත් කරනු ලැබුවා. මීට පෙර නිකුත් වූ Moto X ජංගම දුරකථනයට වඩා විශාල තිරයකින් හා වෙනස් බාහිර පෙනුමක් ද ඇතිවයි මේ නව Moto X ජංගම දුරකථනය එලිදැක්වුනේ. ඒ වගේම ලෝහමය ආවරණයත්, ලෙදර් හෝ දැවමය පසුපස ආවරණයත් නිසා premium පෙනුමක් Moto X 2014 ජංගම දුරකථනයට හිමි වෙලා. පසුගිය Moto X දුරකථනයේ මෙන් මෙහිත් Moto Maker මඟින් ඔබට අවශ්‍ය පරිදි ඔබේ දුරකථනය Customize කරගන්නට අවස්ථාව හිමි වන බවත් පැවසෙනවා. මීට අමතරව පෙර නිකුත් වූ Moto G ජංගම දුරකථනයේත් නව සංස්කරණය නිකුත් වුනා.



    Best Smartphones



    Nokia Lumia 830


    concept_nokia_lumia_830_1.jpg


    Nokia සමාගම (Microsoft) ට නම් මේ වසරේ Flagship ජංගම දුරකථනයක් නිකුත් කරන්නට අවස්ථාව ලැබුනේ නැහැ. ඒ වගේම වසර 2කකට පමණ පෙර නිකුත් කල mid range ජංගම දුරකථන ද්විත්වයක් වූ Lumia 720 හා Lumia 820 ජංගම දුරකථන වල සාර්ථකත්වය නිසාම මෙවර IFA හීදී Nokia විසින් Lumia 830 ජංගම දුරකථනය නිකුත් කලා. මිලි මීටර් 8.5ක තරම් කුඩා ඝනකමකින් යුත් මේ දුරකථයේ කැමරාව 10MP Pureview කැමරාවක්. තරමක් විශාල බැටරියක් සහිත මෙහි බැටරිය wireless ආකාරයෙන් charge කැන්නටත් හැකියාව තියෙනවා. මිලෙන් තරමක් වැඩි Lumia 930 ජංගම දුරකථනයට සමාන මිලනේ අඩු සංස්කරණයක් ලෙස Lumia 830 හඳුන්වන්නට පුළුවන්.

    Nokia Lumia 730 හා Lumia 735


    nokia-lumia-735-leaks-alongside-lumia-730.png


    ඒ වගේම Nokia විසින් තවත් Midrage ජංගම දුරකථන 2ක් නිකුත් කලා. ඒවා Nokia Lumia 730 හා Lumia 735 නිකුත් කලා. පෙනුමින් හා Specs අතින් බොහෝම සමාන මේ ජංගම දුරකථන අතුරින් Lumia 730 Dual Sim ජංගම දුරකථනයක්. ඒ වගේම Selfie සඳහාම විශේෂයෙන් නිමවූ ඉදිරිපස කැමරාව 5MP 24mm focal length කැමරාවක්.


    HTC Desire 820

    HTC%20Desire%20820%20Group-578-80.jpg

    HTC සමාගම සිය දෙවන 64bit ජංගම දුරකථනයයි IFA හීදී නිකුත් කලේ. HTC Desire 820 ලෙසින් හැඳින්වූ එය අඟල් 5.5 ක තිරයක් ඇති තරමක් විශාල ජංගම දුරකථනයක්. Cortex-A53 cores 8ක් සහිතව හා LTE සම්බන්ධතාවය සහිතව වෙළඳපලට නිකුත් වීමට නියමිත මෙහි ඉදිරිපස කැමරාව 8MP කැමරාවක්. පසුපස කැමරාව 13 MP කැමරාවක්.

    Huawei Ascend Mate 7

    hw_366501.jpg

    දැවැන්ත සමාගම් සමඟ තරඟයට දැන් Huawei සමාගමත් ඇවිත්. ආසියානු රටවල් අතර වඩාත් ප්‍රචලිත ජංගම දුරකථන අතර Huawei ජංගම දුරකථන කිහිපයක්ම ඉහළින්ම සිටිනවා. මෙවර IFA හීදී Huawei සමාගම එළිදැක්වූවේත් තරමක් විශාල ජංගම දුරකථනයක්. ඒ Huawei Ascend Mate7. අඟල් 6ක තිරයකින් යුත් මේ ජංගම දුරකථනයේ පසුපස ආවරණය ලෝහ වලින් නිමවා ඇත. ඉතාමත් තුනී ජංගම දුරකථනයක් වුවත් මෙහි Octa core ප්‍රොසෙසරයක් වගේම ඇඟිල් සළකුණු සංවේදකයක්ද ඇතුලත්.

    Lenovo Vibe X2

    gsmarena_002.jpg

    Lenovo සමාගම හඳුන්වා දුන්නේ තරමක් වෙනස් ජංගම දුරකථනයක්. “first layered smartphone” ලෙසින් හඳුන්වා දුන් එහි විශේෂත්වය වන්නේ විවිධ ලේයර් මඟින් අවශ්‍ය බැටරි හෝ ස්පීකර් සම්බන්ධ කරගන්නනට ඔබට හැකියාව තිබෙනවා.




    Best Tablet



    Sony Xperia Z3 Tablet Compact


    sony_xperia_z3_tablet_compact.jpg


    මෙවර IFA හීදී නිකුත් වූ tablet අතර වැඩිම අවධානය දිනාගත්තේ Sony Xperia Z3 Tablet Compact යි. Sony සමාගම විශේෂයෙන්ම ප්‍රසිද්ධ අඟල් 6.4mm ක අතිශය සිහින් බඳත්, waterproof බවත් මේ නව ටැබ්ලට් එකටත් ඇතුලත්. ඒ වගේම Remote Play හරහා සම්බන්ධ කෙරෙන DualShock 4 game controller එකක් භාවිත කර PlayStation 4 හි ක්‍රීඩා කිරීම සඳහා තිරයක් ලෙසත් Z3 Tablet එක භාවිත කරන්නට පුළුවන්.

    Asus Memo Pad 7 • Lenovo Tab S8 • Toshiba Encore mini

    Windows 8.1 මෙහෙයුම් පද්ධතිය ලෙස භාවිත වෙන tablet කිහිපයක්මත් මෙවර දකින්නට ලැබුනා. ඒ අතරින් ඩියුරලුමින් හා ෆයිබර්ග්ලාස් වලින් නිමවූ Asus Memo Pad 7, විවිධ වර්ණ සහිත Lenovo Tab S8 හා අඟල් 7ක Toshiba Encore Mini කැපී පෙනෙන උපරකණ වුණා. Quad core Intel Atom ප්‍රොසෙසරයකින් බලගැන්වෙන මේ ටැබ්ලට් ත්‍රිත්වයම මිලෙන් අඩු උපාංග ගණයටයි වැටෙන්නේ.

    Alcatel Hero 8

    gsmarena_001.jpg

    ඇල්කටෙල් සමාගම විසින් හඳුන්වා දුන් අඟල් 8ක ඇන්ඩ්‍රොයිඩ් ටැබ්ලට් එකත් සැලකිය යුතු මට්ටමක පවතිනවා. සිහින් අඟල් 7.3ක බඳත්, LTE සම්බන්ධතාවයත්, Ocata core ප්‍රොෙසසරයත් 2GB ram මතකයත් නිසායි එය විශේෂ වන්නේ.




    Best Accessory



    Moto 360


    image.jpg


    මේ වසරේ Wearable devices වලට වැඩි අවධානයක් යොමුවුනා. Android වෙතින් වෙනමම මෙහෙයමු පද්ධතියක් (Android Wear) පවා හඳුන්වා දීමට කටයුතු කලා. ඒ නිසාම මෙවර IFA ප්‍රදර්ශණය තුලත් Wearable වෙනුවෙන් බොහෝ දෙනාගේ ඇස් යොමුවී තිබුනා. ඒ වගේම විවිධ නිෂ්පාදන රාශියක්ම නිකුත් වුනා. ඒ අතරින් කැපී පෙනෙන නිෂ්පාදනයක් වුනේ Moto 360. එළිදැක්වීමෙන් බොහෝ කාලයකට පසුව අවසානයේ Moto 360 වෙළඳපලට නිකුත් කිඑීමට Motorola සමාගමට හැකි වුනා. Moto 360 හි ඇති රවුම් පෙනුම සහ සාමාන්‍ය ඔරලෝසුවක හැඩය ගැනීම නිසායි Moto 360 මේ තරම් ජනප්‍රියත්වයක් ලබාගත්තේ.

    LG G Watch R

    LG-G-Watch-R-01-640x426.jpg

    Moto 360 සඳහා හොඳ තරඟයක් දීමට නිකුත් වූ ස්මාර්ට් ඔරලෝසුවක් විදියට LG G Watch R හඳුන්වන්න පුළුවන්. ඒ වගේම මීට ප්‍රථම නිකුත් වූ LG G Watch ඔරලෝසුවටත් මේ වන විට විශාල වෙළඳපලට අවධානයක් හිමි වෙලා.

    Sony SmartWatch 3

    sony-smartwatch-3-hands-on.jpg

    ස්මාර්ට් ඔරලෝසු සඳහා Sony සමාගමේ තරඟකරු වන්නේ Sony Smartwatch 3 ඔරලෝසුවයි. මීට ප්‍රථම සංස්කරණ වලදී සිය සමාගමේම මෙහෙයුම් පද්ධතියක් ඇතුලත්ව Smartwatch ඔරලෝසු නිකුත් වුවත් මේ නව Smartwatch 3 හි දී Android Wear මෙහෙයුම් පද්ධතිය යොදැගැනීමට Sony සමාගම තීරණය කරලා.

    Asus ZenWatch

    asus_zenwatch.jpg

    Asus සමාගමේ ZenWatch කියන්නෙත් හතරැසු ඔරලෝසුවක්. 2.5D Gorilla Glass වක්‍රවූ තිරයක් සහිත එහි විශේෂත්වය වන්නේ මිලෙන් සාපේක්ෂව තරමක් අඩු වීමයි.

    Samsung Gear S

    2014829183741.jpg

    Samsung සමාගමත් Gear Fit වැනි ස්මාර්ට් ඔරලෝසු හඳුන්වා දුන්නත් මෙවර ඔවුන් හඳුන්වා දුන් Gear S ඔරලෝසුව තරමක් විශේෂයි. ඒ මෙතෙක් නිෂ්පාදනය කල ස්මාර්ට් ඔරලෝසු අතරින් 3G සම්බන්ධතාවය සහිත එකම ස්මාර්ට් ඔරලෝසුව එය වීමයි. එනම් මේ ඔරලෝසුවට Sim පතක් ඇතුලත් කර දුරකථන ඇමතුම් ලබාගැනීම හැ අන්තර්ජාලයට සම්බන්ධවීමට හැකියාව තියෙනවා.

    Samsung Gear VR

    samsung_gear_vr_mobilefun.jpg

    ඒ වගේම සැම්සුන් සමාගම තවත් අපූරූ ගැජට් එකක් හඳුන්වා දුන්නා. ඒ තමයි Gear VR. Virtual Reality තාක්ෂණය ඔබේ ජංගම දුරකථනයට ගෙන ඒමට සමත් මේ නව නිෂ්පාදනය, එහි පෙනුමත්, භාවිතයේ පහසුවත් නිසා සැලකිය යුතු අවධානයක් දිනාගන්නට සමත් වුණා. කෙසේ වුවත් මේ Gear VR නිපදවා ඇත්තේ Galaxy Note 4 ජංගම දුරකථනය සඳහාමයි.

    Motorola Hint


    motorola-hint-166017

    Motorola සමාගමි විසින් හඳුන්වාදෙන ලද Moto Hint අපට මතක් කරන්නේ Her චිත්‍රපටයේ කෘතිම බුද්ධිය වෙසෙන උපරකණයයි. ලෝහ හා දැව වලින් නිමවා ඇති මේ උපරකණය මඟින් පහසුවෙන් ඔබට ලැබෙන ඇමතුම් ලබැගැනීමටත්, ජංගම දුරකථනය පාලනය කරන්නටත් හැකියාව තියෙනවා.







    source:techGURU​
     
    Last edited:

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,114
    113
    අඩේ මාර අයිටම් ටිකක් නේ.:cool: ස්තුතියි බෙදාගත්තට:yes:
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,438
    1,004
    113
    එල මචන්
    Moto 360 ගැන තව විස්තර දාපන්කෝ බන්
    කොහොමද සයිස් ඒක
    මට හොදම ගියර් S ඒක
    එත් ඒක ලොකු වැඩි බන්
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,584
    16,436
    113
    එල මචන්
    Moto 360 ගැන තව විස්තර දාපන්කෝ බන්
    කොහොමද සයිස් ඒක
    මට හොදම ගියර් S ඒක
    එත් ඒක ලොකු වැඩි බන්

    menna meke thiyenawa ban okkoma details.matath hithata alluwe me smartwatch ekayi gear s ekayi witharayi.:yes::cool:


    https://moto360.motorola.com/
     

    pmmali

    Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    මේවාද​ 2014 වසරේ හොඳම තාක්‍ෂණික මෙවලම්?

    තව දවස් දෙකක් ඉවසල හිටියොත් බලන්න පුලුවන්, Long waited Advance Gadgets.

    http://www.apple.com/live/