මගේ අත්දැකීමක් කියන්නම්. ලඟකදි හිට් ඇඩ් එකෙන් බලලා ෆෝන් එකක් ගන්න ප්‍රිමියර් එකට ගියා. පත්තරේ තිබුණ විදියට නම් ෆෝන් එකේ ගාන 26900යි. මම ඇහුවාම උන් කියාපි ඒක ගනන් ගියා දැන් ගාන 27900 කියලා. මට හොඳටම මල පැන්නා. "මම ඇහුවා දවස් දෙකට කොහොමද එහෙම ගනන් යන්නේ ?තමුසෙලා මහලොකුවට හිට් ඇඩ් එකේ නම් දානේ ඒ ඇඩ් එක අරන් ආවාම ස්පෙශල් ප්‍රයිස් එකට ගන්න පුළුවන් කියල? ඒ වුනාට දැන් ආවම වෙන විකාරයක් කියනවා. නිකං මිනිස්සුන්ව මුලා නොකර ඉන්නවා" කියලත් කියලා ඇමතුවා.
එතකොට ඌ කියනවා. "පොඩ්ඩ්ක් ඉන්න මම ලොක්කට කෝල් කරලා බලන්නම් " කියලා පස්සේ ඌ කෝල් එකක් අරන් කිව්වා "හරි,පත්තරේ ගානට දෙන්නම්" කියලා. හැබැයි ඌ ආයේ කියනවා ඒ ගානට දෙන්න පුලූවන් සුදු පාට ෆෝන් එක තමාය කළු එක ගන්නව නම් 27900 තමාය කියලා. ආයේ මට මල පැන්නා. මම ඇහුවා තමුසේලා පත්තරේ කළු පාට ෆෝන් එකේ පිංතූරෙ දාලා ඊට යටින් ගාන දැම්ම්ම අදහස් කරන්නේ කළු පාට ෆෝන් එක නෙවිද කියලා. තමුසේලාගේ ඇස් පේනවා හොරද කියලත් ඇහුවා.
ඔන්න ඔහොමයි උන්ගේ කෙරුවාව!!!
කියන්නේ එහෙමයි කරන්නේ මෙහෙමයි...
උඹලත් පරිස්සම් වෙයල්ලා.....