BeyondFrame , Taboosubjects

DragonD

Well-known member
  • Nov 26, 2008
    3,508
    1,539
    113
    37.235065, -115.811117
    BeyondFrame , Taboosubjects සයිට් දෙකේ පෝස්ට් කියන්වන්න පුලුවන් තැනක් දන්නවද?
    පරන බ්ලොග්ස් නම් දැන් වහලනෙ
    මම එක දවසක් අහම්බෙන් දැක්ක කවුරු හරි Taboosubjects එකේ පෝස්ට්ස් ගොඩාක් ආයෙ දාල ටියෙනව , ඒත් මම අතින් ඒ ලින්ක් එක නැති උනා.
    කවුරු හරි ඒ සයිට් වල කොපියක් කියවන්න පුලුවන් දැනක් දන්නව නම් කියන්න
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    http://www.elakiri.com/forum/showthread.php?t=829976

    අප ලියා දී ඇත්තේ හිස් චෙක්පතක් ද? :rolleyes::oo:


    ආණ්ඩුව ශක්තිමත් බවත් එයට තුනෙන් දෙකේ බලයක් හිමිව ඇති බවත් පබා වැනි බබාලා පමණක් නොව ජෝන් අමරතුංග වැනි ජෝන් බාස්ලා ද එහි සරණ යන බවත් ඇත්ත ය.


    එහෙත් එයින් කියන්නේ එය අනභිබවනීය බව ද? තව අවුරුදු ගණනාවක් එය කිසිදු ප්‍රශ්නයකින් තොරව පවතිනු ඇති බව ද? අපට ඇත්තේ බකන් නිලාගෙන සිටීමට පමණක් බව ද?


    ඒ කතාව බොරුබව ඊයේ පෙරේදා සිදුවූ දෑ වලින් පෙන්නුම් කරන්නේ ය.


    මාදුළුවාවේ සෝභිත හිමියන් කීවේ තමන් ඇතුළු සංඝයා වහන්සේලා සියයක් සරත් ෆොන්සේකා වෙනුවට සිරබත් කන්නට සූදානම් බවකි.

    පොලොන්නරුවට ගිය ජනපතිට ද හාමුදුරුවන්ගේ ප්‍රශ්නවලට ප්‍රශ්නය ඉවර කරනකම්වත් ඉන්නට බැරි හදිස්සියකින් උත්තර දෙන්නට සිදුවුනේ ය.


    විශ්‍රාම ගිය හමුදා සෙබළුන් හා නිලධාරීන් ද ආණ්ඩුව ප්‍රශ්න කිරීමට ඉදිරිපත්ව සිටින්නේ ය.


    මේ සියල්ල නිසා ආ‍ණ්ඩුව ඉන්නේ ජවිපෙ පෝස්ටරයකටත් බයේ තැති ගැණුනු ස්වරූපයකිනි.


    ශක්තිමත් ආණ්ඩුවක් ජවිපෙ වගේ දුර්වලව ගිය කණ්ඩායමක විරෝධයකට මේ තරම් බය විය යුතු නැත. :rolleyes::P


    ඇත්තටම හිර කරන ලද සරත් ෆොන්සේකා -ජම්පර් අන්දවා බෙලෙක් පිගානක් අතට දී ඇති සරත් ෆොන්සේකා- කලින් චුදිතයාවූ සරත්ට වඩා බලවත් ය.


    39434437418666959151916.jpg


    එයින් කියවෙන්නේ ආණ්ඩුව වැටෙතැයි කියා නොවේ. එය සෙලවී ඇතැයි කියා ය.


    ආණ්ඩුව එලියෙන් ශක්තිමත් වුනාට ඇතුළින් දුර්වල ය. සහෝදර හා පුත්‍ර සමාගමට එලියෙන් පක්ෂපාතීත්වය පෙන්වන සමහර අය පවා මේ සිදුවෙමින් තියෙන දේට ඇතුළතින් විරුද්ධ ය.


    කේපීට පිල්ලෙයාන්ට හා කරුණාට කරන සැළකිල්ලත් ඊට ප්‍රතිපක්ෂව සරත් ෆොන්සේකාට කරන සැළකිල්ලත් දේශප්‍රේමී බලවේගයම මැදින් දෙකඩ කිරීමට සමත්ව තිබේ.


    130 කට අධික නියෝජිත සංඛ්‍යාවක් ගෙන ගොස් ඇමරිකාවේ කාබාසිනියා කරන ලද මුදල් සමග සන්සන්ද‍නයේදී සරත් ෆොන්සේකා කළා යැයි කියන මුදල් වංචාව හිරු අභියස කලාමැදිරියෙකු හා සමාන ය. එය පවා ඔප්පු කර නැතැයි කියන විපක්ෂය ගෙනෙන තර්කය අතිශයින් ප්‍රබල ය.


    සරත් යනු ආණ්ඩුවට එරෙහි ජනයාගේ සංකේතයයි. ඒ නිසාම සරත්ට දක්වන පක්ෂපාතිත්වය තුළ යම්පමණකට ආණ්ඩුව අනුමත නොකරන ජනයාගේ මතය ‍ද නියෝජනය වෙයි.


    දෙමළ ජනතාවගේ ප්‍රශ්නය සම්බන්ධයෙන් කල් ගැනීමේ සීමාවක් ඇත. තටු කඩා දමා තිබුන ද කාලය නැවත වතාවක් දෙමළ ජනයාට තමන්ගේ නැති කළ අයීතින් මතක් කරනු ඇත්තේ ය.


    ආර්ථිකය තවමත් ණය වලින් දුවන්නේ ය. ඊයේ පෙරේදා ද සිංගප්පූරුවෙ කොටස් වෙළද පොල හරහා ඩොලර් බිලියන ගණනක වෙළද ණයක් ගැනීමට ආණ්ඩුවට සිදුවුනේ ය. වෙළදපොළේ වැඩි ‍පොලියට ණය ගන්නට සිදුවූ ප්‍රථම ලාංකික ආණ්ඩුව මහින්දගේ ආණ්ඩුව වූවාට අමතරව එයට දිගින් දිගට එසේ ගැනීමට සිදුව තිබීම ද ආර්ථිකයේ තරම කියන්නේ ය.


    යුද්ධය අවසන වීම නිසා ලැබුණු ඉස්පාසුව නිසා ඇති වූ ආර්ථික පිම්බීම දිගින් දිගට තබා ගැනීමට ශක්තිමත් වැඩ පිළිවෙලක් නැතිව බැරි ය. එනවා යැයි කියූ ‍අපේ සංක්‍රමණිකයින් රට දියුණු කරන්නට ආවේ නැත. ඒ වෙනුවට මෙහි ඉන්නා යමක් කමක් කළ හැකි ටික දෙනා ද ඉක්මණින් පැන ගන්නට මං සොයන්නෝ ය. ඒ බව දැනගන්නට නම් සංක්‍රමණය සදහා පෙළ ගැසී සිටින්නන්ට සේවා සපයන ආයතන විසින් පළ කරන ලද දැන්වීම් ප්‍රමාණය දෙස බැලීමම සෑහෙන්නේ ය.


    දිගින් දිගට පටි තද කර ගෙන ඉදීම අමාරු ය. චේන්පොටක් පමණක් නොව ‍ජංගම දුරකථනයන් පවා හොරකම් කරගෙන දුවන්නට ලෑස්තිවන මිනිසුන්ගෙන් රට පිරෙමින් පවතී. මිනීමැරුම් දූෂණ බලාහාත්කාරකම් අඩුවක් නැතිව වාර්ථා වෙයි.


    ඒ නිසා මතුපිටින් පෙනෙන කතාවෙන් ඇතුළත යථාර්ථය කියවෙන්නේ නැත.


    උණු කරන වතුරවල උෂ්ණත්වය ටිකෙන් ටික වැඩි වෙතත් එය නටන්නේ 100 ට ලංවුනහම ය. එලියට පේන්නේ එවිට ය.


    තමන් නෙලා ගන්නේ තමන් වැපූරු දෙයෙහි අස්වැන්න ය. ඒ ස්වභාවික මූලධර්මය උල්ලංඝනය කරන්නට ඉඩි අමීන්ටවත් බැරිවිය. එච්චර බලගතු ඉඩි අමින්ගේ මල ගමට සහභාගිවන්නට සිටියේ අතේ ඇගිලි ගණනින් ගණන් කළ හැකි සුලු පිරිසකි.


    ලියා දී ඇත්තේ හිස් චෙක්පතක් යැයි සිතා බඩ පිනුම් ගසනා උදවියට අප කියන්නේ එය හෙට අනිද්දා අගරු වෙන්නට ඉඩ ඇති බව ය.:frown::rofl::P


    තමන් අතිශයින් ප්‍රබල යයි කල්පනා කළ ප්‍රේමදාසට දෝෂාභියෝගයකට මුහුණ දීමට සිදුවුනේ විපක්ෂයේ කැරලිකාරිත්වය නිසා නොවේ. ආණ්ඩු පක්ෂය තුළම ඔහු අනුමත නොකළ මිනිසුන්ගේ නැගී සිටීම නිසා ය. විකල්පයක් දැනට නැති වීම වෙනම දෙයකි. එහෙත් විකල්පයක අවශ්‍යතාවයක් ඇතිවිට එය කොහෙන් හෝ පහළ වීම කාටවත් නැවැත්විය නොහැකි ය.


    මේ ටික ලීවේ රටට සිදුව ඇති දේ ගැන තැවෙන අයට ය. ඒ ඉතාම නරක අවස්ථාවක පවා විශ්වාසය අත් හැරිය යුතු නැතැයි කීමට ය. :yes:



    Source :- http://beyondframe.wordpress.com/2010/10/06/10oct06/
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    http://www.elakiri.com/forum/showthread.php?t=680562


    චුල්ල දුට්ඨ ගාමිණි කතා වත්ථුව | The Story Of Dutugemunu Junior


    යටගිය දවස බරණැස් නුවර මායාවතී නම් රැජනක දැහැමෙන් සෙමෙන් රාජ්‍ය කරන සමයෙහි, අසල රාජපක්ෂද්වීපයෙහි කල්‍යාණි පුරවරයට නුදුරු ක්ෂීරභාත්පුර (වත්මන් ව්‍යවහාරට අනුව ‘කිරිබත්ගොඩ’) නම් වූ පසල් දනව්වෙක කාකවණ්ණතිස්ස පරම්පරායෙන් පැවත එතැයි පතළා වූ චුල්ල දුට්ඨ ගාමිණි හෙවත් සුළු දුටුගැමුණු නම් වූ මුග්ධ, අසත්පුරුෂ සාමාන්තයයෙක් මැරකමින් හා දුෂ්ඨකමින් ආණ්ඩු කරන්නාහුය.


    මේ දුර්ජනයාගේ ජඩකම් කෙතෙක්ද යත්: මොහු ආලවකයා බඳු මැරයෙක; වෙසමුණියා බඳු රාක්ෂයෙක; අසළ සගයිනට අපාය සහායකයෙක; දනව් වැසියනට දේවදත්තයාගේ සුළු පියා වැන්නෙක; බුදුන්ට ගල් පෙරළනවා මතු නොව බුදු පුතුන්ගේ අංග ජාතයද මිරිකා වද දෙන්නට සමතෙක; සත්පුරුෂ සමාජයෙහි සියළු සුසිරිත් බැහැර කළා වූ, තම මෑණියන්, දියණියන් සමඟ වුව මෛථුනයේ යෙදෙන්නට හැකි තිරිසනෙක. උහු පූජාච පූජනීයානං ලෙසින් වූ ගෞතම බුද්ධ වචනය අළුයම ලූ වර්චස් පිඬක් පරිද්දෙන් පිටලා උතුමන්ට පරුෂ වචනයෙන් ආක්‍රොශ පරිභව කිරීමේද පසුබට නොවන්නාහ. අසුචි වලෙක වැටුණු කැණහිලකු සේ සතර අත දුර්ගන්ධය පතුරන්නාහ. රා පෙවූ නාලාගිරියා ද මූ දැක, “මූ මගේ අංගජාතයද මිරිකත්දෝ”යි භීතියෙන් හිස් ලූ ලූ අත දිවෙන තරමටම ප්‍රචණ්ඩහ. පොළොවේ වැලි කැටයක් කැටයක් ගානේ දුර්ගුණ කී නමුත් පොළොවේ වැලිකැටම අහවර වන්නේය. මේ පාහරයාගේ දුර්ගුණ අහවර නොවන්නේය.


    චුල්ල දුට්ඨ ගාමිණියා නිතොර ක්ෂිරභාත්පුර වැසියන්ට මහත්වූ නොපණත් කම් කරන්නේය. මද්‍ර පානය, මට පඬුරු පාක්කුඩම් නොදී තොපි කවර වරමෙකින් විකුණන්නෙහුද විමසා වාණිජ්‍යයන් පෙළන්නේය. ක්ෂීරභාත්පුර කෙළ තොල්ලනි, වෛශාක උත්සවයන්ට මසුරන් නොසලන තොපගේ මසුරන් යක්ෂාරූඪයෙන් ගන්නා සැටි දනුම්හ කියා වහසි බස් දොඩන්නේය.


    ‘තුන් ලෝ තමා නතු කළ රවුළු සොහොයුරු-තුන් වේ ඇදුරු පුලසිතුකුල මිණි මිතුරු’ ඈ වශයෙන් සැළලිහිණි සංදේශ කතුවර, ෂඩ් භාෂා පරමේශ්වර, තොටගමුවේ සිරි රහල් මාහිමියන් විසින් වර්ණිත, පෙර කල්‍යාණි නදී තීරයෙහි සිය අණසක පතුරුවා සිටි මහ බලැති විභීෂණ දිව්‍යරාජයෝද චුල්ල දුට්ඨ ගාමිණියාගේ නම ඇසූ පමෙණෙකින් “මම කවර බලැත්තෙක් වෙම්ද, මේ නොවැ බලවතා”යි දියෙන් ගොඩ ගත් මසකු සෙයින් සට සට ගා වෙව්ලා ගොස් චොර චොර ගා සුළුදිය හෙළන්නෝය.


    මේ අමනයාගේ දුෂ්ඨකම් තවදුරෙටත් ඉවසා ගත නොහී හුදී ජනයෝ අරලිය රුක්ක පාසාදයට පිවිස, යුගාන්ත සූර්යයෝපමාන චණ්ඩ මුත් නිශාකර චන්ද්‍රෝපමාණ සංවේදී, ප්‍රභකර කුම් බිඳි කෙසරිඳු බඳු අප මහ රජ්ජුරුවන් වහන්සේට උන් දුර්ගුණ කියන්නෝ,පස්වාන් දහසකට බුදුවන්ඩ දේවයන් වහන්ස, නුඹ වහන්සේ රාත්‍රිය මුළුල්ලේ නිදි වර්ජිතව මහත් ආයාස ගෙන දොවනා කිරිකළයටම මූ උදාසන ගොම නොදමත්දෝයි ඇසූහ.


    එබසට මහ රජ්ජුරුවන් වහන්සේ පිළිවදන් දෙන්නෝ, මුගේ හත් මුතු පරම්පරාවම අප පිය මහරජානන් වහන්සේගේ රජ වාසලේ වාල් වැඩ කළහ; මූ ද මා පැටි වියෙහි සළුවෙහි සුළුදිය පෙරා ගන්නා කාලයේ පටන් දනුම්හ; එකල ශෘංගාරෝත්පාදක වස්තුවෙක් (වත්මන් ව්‍යවහාරට අනුව ‘එළ කෑල්ලක්’)වූ මුගේ මෑණියන්ඳෑ අප පිය මහ රජතුමන් වහන්සේගේ අන්තඃපුර ස්ත්‍රියක්ද වූවාය; මුගේ සනුහරයම අපට වාල් වැඩ කළ හෙයින්දෝ මූ තවමත් අප දුටු වන්හි හතර ගාතය දා බිම දිග ඇදී නමස්කාර කරන්නේය; එසේ හෙයින් නිවට අමුණුගමයා පශ්චාත් භාගයට පයින් ගසා එළවූ සෙයින් මා කවර හිතෙකින් නම් මුගේ පශ්චාත් භාගයට පයින් ගසා රජ වාසලින් එළවම්දැයි ඇසූහ.


    එබස් ඇසූ හුදී ජනයෝ ඉච්ඡා භංගත්වයට පත්ව, ඉදින් කාරණා කාරණ එසේ නම් මූ කිරි කළයට ගොම නොව අසුචි මුසු කළත් නුඹ වහන්සේම පානය කරනු යහපතිය කියා කල්‍යාණි නදී තීරයෙහි පැල් බැඳ, ක්ෂීරභාත්පුරය මේ ජඩයාගෙන් මුදා දෙනු මැනැවැයි දෙවි මිනිස් සකල සත් පුරුෂයින්ට ආයාචනා පූර්වකව සත්‍යක්‍රියා කළෝය.


    මෙත් සිතින් හා සද් භාවයෙන් කළා වූ මේ ආයාචනය, එය ඇරැඹී දින සතෙකින් ශක්‍ර දේවේන්ද්‍රයානන්ගේ පාණ්ඩුකම්බල ශෛලාසනය හුණු කළේ, ‘දහසක් දිවැස් ඇති-සදෙව් ලොවටම අධිපති-මට ඉඳුරු දික්පති-දනෝ සක් දෙවිඳු යැයි පවසති- මැයින් මහා නේත්‍ර ප්‍රසාද මූල වීදාගම මහ තෙරණුවන් විසින් වර්ණිත සක් දෙවිඳු කල්‍යාණි නදී තීරයට මත්තෙන්, තම මහත්වූ රශ්මි කදම්බයන් ප්‍රදර්ශනය කෙරෙමින්, අසුරු සැණෙකින් ප්‍රාදුර්භූත කරවමිනි.


    සක් දෙවිඳු තමන්ට වැඳ සිටින හුදී ජනයා අමතන්නෝ, එම්බල නර පණුවෙනි, චුල්ල දුට්ඨ ගාමිණියාට අන්තරායක් වෙතොත් මාද නතර වනු ඇත්තේ එක්නැළිගොඩ මානවකයා සේම ශ්වේතවර්ණ රථයකයැ; එබැවින් වෙනත් උපායයෙක් යොදමියි කියා රාත්‍රි කාලයෙහි උන් ස්වකීය දියෙණියන් සමඟ රති සුව විඳ අහවරව, ඇගේ ළැම පුන් තිසරුන් මත හිස තබා සැතැපෙත්දී චුල්ල දුට්ඨ ගාමිණියාගේ අංග ජාතය, එය තුබූ තැන රෝමකූපයෙක වත් සලකුණක් ඉතිරි නොකොටැ සොරා ගත්තෝය.


    චුල්ල දුට්ඨ ගාමිණියාද උදාසන පිබිද, පෙර දින රාත්‍රී බිවූ රා කළ හතෙක මුත්‍රා බරින් සුළුදිය පිට කරන්නට අංග ජාතය සොයන්නෝ, ඒ නොදැක, ඩහදිය පෙරා ගෙනැ දුව ගොස්, අරලිය රුක්ක පාසාදයෙහි රාජකීය සන්ථාගාරයට වැද මහ රජතුමාණන් අබිමුවෙහි එකත්පස්ව හිඳ “මහ රජතුමෙනි මහත් වූ පැණෙයෙක් ඇත්තේය” කියා සළුව ඔසවා අංග ජාතය නැති බව දැක්වූහ. මහ රජතුමාණන්ද “මූ අනුන්ට සළුව ඉස්සුවාට කම් නැත, මා දේවියද ඉදිරිපිට නිර්ලජ්ජිතව සළුව උස්සා පෑයේ නොහොබිනාකමය”යි දණ්ඩෙන් පහර ලද නාග රාජයකුසේ කිපී, “තට තගේ අංගජාතය රැකැ ගනු බැරිවුනාට මා පළිද; දැන් ගොස් රන්න පොනිල් අමාත්‍යවරයාගේ අංග ජාතයවත් ගෙන තගේ අධෝ මාර්ගයෙහි රුවා ගනුව”යි මොර ගෑය.


    හිමාල ගිරි ශිඛර පද්ධතිය සසල කරමින් ගිජිඳුන්ගේ කර්ණ සංඛ පටල එක්ෂ්ණයෙහි ඛණ්ඩනය කිරීමෙහි තරම් සමත් වූ ඒ මේඝ ගර්ජනා ඇසීමෙන්ද, පෙර ස්වකීය උසුළු විසුළුවට ලක් වූ රන්න පොනිලයා උන් අංග ජාතය තම අධෝ මුඛයෙහි රුවනු මැවී පෙනීමෙන්ද චුල්ල දුට්ඨ ගාමිණී තෙමේ රා කළ සතෙක මහත් වූ මුත්‍රාබරින් මැඬී ගියේ, මුත්‍රා පිටකොට ගත නොහී, ජූජකයා කුස පැළී මළාක් සේම, එතැනම මුත්‍රාශය පැළී මළේය. එ දුටු ක්ෂීරභාත්පුර වැසියෝද තිස් තුන් කෝටියක් දෙවිදේවතාවෝද “උන්ට දිට්ඨ ධම්ම වේදනීය කර්මය පළදුන්නේය”යි පහන් සංවේගයෙන් යුතුව සත් දිනක් නොකඩව සාධුකාර දුන්නු.


    (හුදී ජන පහන් සංවේගය පතා තාබු විසින් රචිත චුල්ල දුට්ඨ ගාමිණි කථා වත්ථුව මෙතෙකින් නිමියේය. සියළු දුශ්චරිතයෝ මනඃකල්පිතයහ.)


    Original Post :- http://taboosubjects.wordpress.com/2010/05/31/152/


    All Credit for this article goes to original author Taboo Subjects....!! :yes: :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    http://www.elakiri.com/forum/showthread.php?t=829956


    මම කාටවත් වෛර කරන්නෙ නැහැ! අපෙ හාමුදුරුවනේ!




    හාමුදුරුවො දන්නවනෙ. ආයෙ කියන්න ඕනෙ නෑනෙ. මං කාටවත් වෛර කරන්නෙ නැහැ. ඒත් හැමදේම කරන්න පිළිවෙලක් තියෙනවනෙ.


    මමම දාපු කොමිටිය වෙච්චි. මමම දාපු පැමිණිල්ල වෙච්චි. ඉතින් මට පුලුවන් ද අත්සන් නොකර ඉන්න.


    ඒත් මගේ වෛරයක් නම් නෑ හාමුදුරුවනේ.


    ඇත්තටම පිළිවෙලකට ඉල්ලනව නම් සමාව දෙන්න වුනත් මං ලෑස්තියි.


    දැන් ඉතින් පන්දුව ඇත්තේ ප්‍රශ්නය අහපු හාමුදුරුවන් අතේ ය. ඒ පන්දුවට එහිමියන් කුමක් ‍කළේ දැයි අප දන්නේ නැත.


    මල්වතු හා අස්ගිරි මහා නාහිමියන් ඇතුළු නායක හිමියන්ගේ ඉල්ලීමට ද කුමක් සිදුවූයේ දැයි අප දන්නේ නැත. හොයාගන්න විදිහක් ද නැත.


    අප දන්නේ එකම දෙයකි. ඒ අප පින්වත් සංවේදී රජතුමා කුරා කුහුඹියෙකුටවත් වෛර නොකරන බව ය.


    කෑවනම් බිව්වනම් දැන් තියෙන්නේ නිදා ගන්න ය.


    දානේ වැළදුවානම් පිරිකර ලැබුනා නම් දැන් තියෙන්නේ භුක්තානුමෝදනා බණ කීමට ය. එතකොට අපටත් එක හුස්මට නිදාගන්න ඉඩ ලැබෙන්නේ ය.


    (ඔය මොකාද හිරෙ යන්න ලෑස්තිවෙල ඉන්නවැයි කියන්නෙ. සහපිරිවරින්. යන්නම ඕනනම් යන එකනෙ තියෙන්නෙ. හදල දෙන්නද මාර්ගයක්..)


    නහි වේරෙන වේරානි, සම්මන්තී ද කුදාචනං, අවේරෙනච සම්මන්ති, ඒච ධම්මො සනුච්චනෝ!


    සාදු සාදු සාදු!



    (අවසාන වශයෙනුත් කියන්න තියෙන්නේ අපේ රජතුමා කුරා කුහුඹියෙකුටවත් වෛර නොකරන පෝයට බණ අහන හිටිහැටියේ බණ දෙසන හොද බෞද්ධයෙකු බව ය. නිකම්ම නිකම් බෞද්ධයෙකු නොව හොද සිංහල බෞද්ධයෙකු බව ය. පැරණි සිංහල වංශකතාවේ අලුත් පිටු පෙරලන රජ පෙළපතක සිරිය එතුමා තුළින් අභිමානවත් ලෙස පල කෙරෙන බව ය.
    ඒ වංශ කතාවේ මෙහෙම එකක් ද තිබේ. එකෝමත් එක කාලෙක රජකෙනෙක් ගිලෙන්නට ගියේ ය. ඒ දුටු පුරවැසියෙක් තටාකයට පැන රජතුමා කෙස්වල්ලෙන් අල්ලාගෙන ගොඩ ගත්තේ ය. වංශ කතාවේ සදහන් විදිහට තිබෙන්නේ රජතුමා ගිලෙන්නට ගොස් බේරා ගත් එකා රජුගේ කෙස්වල්ලෙන් ඇල්ලුවේ යැයි චෝදනා කොට හිස ගසා දැමූ බව ය. අපේ රාජ පෙළපත එහෙම ය. සැබැවින්ම අභිමානවත් ය.
    ජය ශ්‍රී! )



    39434437418666959151916.jpg


    Source :- http://beyondframe.wordpress.com/2010/10/05/10oct05/
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    http://www.elakiri.com/forum/showthread.php?t=827060


    අපට දැන් ලැජ්ජ නැහැ


    අපි පුච්චනකොට බෑන් කී මූන්ගෙ පඹයො ලොක්ක එහෙ ගිහින් එයත් එක්ක ෆො‍ටෝ ගන්නව. මේක දකින කාට හරි හිතෙන්න පුලුවන් අපිට වස ලජ්ජාවයි නේද කියල. අනේ එහෙම නෑ. :no::no:


    අපි සොල්හෙයිම් පන්නන්න කතා කරන කොට ලොක්ක පරණ කතා අමතක කරල අලුත් ජීවිතයක් පටන් ගමු කියල නොර්වේ රටට කියනව. කෙනෙකුට හිතෙයි අපි නේද පීචං වුනේ කියල. අනේ එහෙම එකක් නෑ. :no::no:


    සරත් ෆොන්සේකා වීරයෙක් කියල ජනතාව ‍උඩ දැම්මට පස්සෙ මෙන්න මේකා දේශද්‍රෝහියෙක් කියල ආණ්ඩුව කියනව. ඇත්තටම උඩ දාපු අපිට පණ පලයං පෙරේදා කියල හිතෙයි කියල සමහරු හිතනව. අයියෝ එහෙම එකක් නෑ. :no::no:


    සරත්‍ ෆොන්සේකා දේශපාලනය කළා කියල ඔහුගේ තරු ගලවපු ආණ්ඩුවෙ ඉහළම නිලධාරීන්ම ප්‍රසිද්ධියේම දේශපාලනය කරනව. ඒත් එහෙම නිලධාරීන් දක්ෂ මිනිසුන් ලෙස හදුන්වන්න අපට ලැජ්ජාවක් නැහැ. :no::no:


    ආණ්ඩුවෙ අය එහෙම කියන කොට විපක්ෂයෙ අය මෙහෙම කියනව.


    ඒකාධිපතියෙක් වංචා කාරයෙක් ප්‍රජාතන්ත්‍ර විරෝධියෙක් කියල අපි රජතුමාගෙ පඹයො පුච්චනකොට රනිල් ලොක්ක ගිහිල්ල කෝපි බීල එනව. හිතුවද අපට ලජ්ජැයි කියල. නෑ එහෙම එකක් දැනෙන්නෙම නෑ. :no::no:


    රට ඒකාධිපතිවාදයට ගෙනියන්න 18 සංශෝධනය ගේනව කියල අපි ආණ්ඩුවට විරෝධය පාන කොට අපේම චන්දයෙන් ඒකාධිපති වෙනවට විරුද්ධ වෙනව කියල දහඅතේ පොරොන්දුවෙල පාර්ලිමේන්තු ගිය කට්ටිය වැට පැනල පිල් මාරු කරනව. ඔය ගොල්ලන්ට හිතෙනව ඇති විපක්ෂයෙ අපට ලජ්ජයි කියල. නෑ එහෙම එකක් දැනෙන්නෙ වත් නෑ. :no::no:


    ඒ විතරක් නෙවෙයි ඇමතිවරුන්ටත් නිලධාරීන්ටත් සංඝයා වහන්සේලාටත් තව බොහෝ දෙනෙකුටත් ලැජ්ජාව නැති වෙල.


    නව යොවුන් ආදරවන්තයන්ට ආදර උයන් හදන්න කතා කරපු උසස් අධ්‍යාපන ඇමති කෙනෙක් යටතෙ තියෙන විදුදය සරසවියේ උපකුලපති තුමා ගිම්හාන නිවාස හා කොන්ක්‍රීට් බංකු කඩා ඉවත් කරනව. ඒව තිබුනහම කොල්ලො කෙල්ලො ලව් කරනව කියල. ඒත් උයන් හදන්න කතා කරපු ඇමතිතුමාට ඒකෙන් ලජ්ජාවක් ඇතිවෙන්නෙ නෑ. :no::no:


    එතකොට ඒ සරසවියෙ ඉන්න ආචාර්ය මහාචාර්යවරුන්ට? ඒ ගොල්ලො ලජ්ජාව නැති කර ගෙන ගොඩක් කල්. මේ වගේ පිස්සු හටනක් උපකුලපති හැටියට සනාතන සභාවෙන් යෝජනා කරන කොටත් ඒ ගොල්ලන්ට ලැජ්ජාව නැතිවෙලයි තිබුනෙ.


    මතට තිත තියන රජ කෙනෙක් රජවාසල අඩගහල ‍බොන්න දෙනව. ඒ ගැන ප්‍රශ්න ඇහැව්වහම සංඝයා වහන්සේ කෙනෙක් මතට තිත තියන්න ලෝකේ ඉස්සරහ කතා කරාට ගෙදර ඇතු‍ළෙ මතින් සංග්‍රහ කරන්න ඒක බාධාවක් නෙවෙයි කියල ප්‍රසිද්ධියේ ලැජ්ජාවක් නැතිවම කියනව. ඒක අහන අපට මතට තිත තියෙන ආණ්ඩුව ගැනවත් එහෙම කිය කිය මතින් සංග්‍රහ කරන රජතුමා ගැනවත් එහෙම සංග්‍රහ කරන රජතුමාව කැත නැතිව ආරක්ෂා කරන්නට ඉදිරිපත් වන සංඝයා ගැනවත් අපුලක් දැනෙන්නේ නැහැ. මේ හොර නඩයට කඩේ යන එක ගැන එහෙම යන අයට ලජ්ජාවක් දැනෙන්නේ නැහැ. :no::no:


    ලංකාවෙ මිනිසුන්ගෙ ලජ්ජාව නැතිවෙල දැන් ගොඩක් කල් වෙනව. :yes::yes:


    පක්ෂ විපක්ෂ හැමෝගෙම දැන් එහෙම එකක් නෑ. :no::no:


    අපට දැන් ලැජ්ජ නැහැ. :no::no:


    ඒ නිසා දැන් හෙලුවෙන් ඉන්න වුනත් පුලුවන්. :yes::yes:


    ඇත්තටම ඇදුම් ඇදන් හිටියට ඉන්නෙ හෙලුවෙන්ම තමා.:lol::lol:



    Source :- http://beyondframe.wordpress.com/2010/10/01/10oct01/
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    http://www.elakiri.com/forum/showthread.php?t=827002


    අම්පිටියේ නායක හාමුදුරුවන්ට වතුර පොවන්නට ඉදිරිපත් වන්නේ කවුද? – අනේ කාලේ වනේ වාසේ!


    Source :- http://beyondframe.wordpress.com/2010/09/30/10sep30/


    බැසිල් රාජපක්ෂ ඇමතිතුමා තමන්ගෙන් සමාව ගන්නා තුරු මඩකලපුවේ ශ්‍රී මංගලාරාමයේ නායක අම්පිටියේ සුමනරත්න හිමියන් මාරාන්තික උපවාසයක යෙදී සිටින බව ලංකාඊනිව්ස් වෙබ් අඩවිය හෙලිකරයි. ඒ ඇමතිතුමා බැහැ දකින්නට ගිය වෙලේ එහිමියන්ට බැණ වැදී පන්නා ගත් නිසා යැයි කියවේ.

    බැණ වැදුනේ කුමක් නිසා දැයි හරිහැටි දැන ගන්නට නැත.

    කුමක් නිසා හෝ හාමුදුරුවන්ට බැණ වැදීම වැරදි යැයි හාමුදුරුවන් කල්පනා කරනවා විය හැකි ය. ඒ තමන් හාමුදුරු කෙනෙක් නිසා ය.

    තමන් බලවත් ඇමති කෙනෙක් නිසා දෙවැනි වන්නේ රජුට පමණක් නිසාත් හාමුදුරු කෙනෙකුට නොව වෙන ඕනෑම ජගතෙකුට බැණ වැදිය හැකි යයි ඇමතිතුමා කල්පනා කරනවා විය හැකි ය. පුලුවන් නම් මාරාන්තික උපවාසය කර බලන්නැයි හාමුදුරුවන්ට පයිණ්ඩයක් ඔහු විසින් යවන්නට ඇත්තේ ඒ නිසා ය. ඒ බව ද අපට කියන්නේ ලංකාඊනිව්ස් වෙබ් අඩවියයි.

    වඩා බලවත් පූජ්‍ය පක්ෂය ද දේශපාලනඥයින් ද යන්න උරගා බැලෙන සිද්ධියක් නිසා මේ ගැන අප ද උනන්දු ය.

    රට යන අත අනුව නම් ජය ලැබෙන්නේ දේශපාලනඥයාට ය. ඒ නිසා පූජ්‍ය පක්ෂය උගත යුතු පාඩම නම් තමන් කෙරුමන් වන්නේ සෙසු මිනිසුන් ඉදිරියේ මිසක දේශපාලනඥයා ඉදිරියේ නොවන බව යි. සෙසු අය ඉදිරියේ කෙරුමන් වන්නට නම් දේශපාලනඥයින් ඉදිරියේ පීචං වීමට සූදානම් විය යුතු බව ය.

    මේ බව තේරි මල්වතු හිමියන් ද පසු බැස ගියා අපට මතක ය. ඒ සරත් ෆොන්සේකා වෙනුවෙන් නුවර උද්ඝෝෂණයක් පවත්වන්නට ගොසින් ය.

    මල්වතු හිමියන් ද එසේ පල්ලම් බැස්ස කල අම්පිටියේ හිමියන්ට මෙහෙම හයියක් ලැබුනේ කෙසේ ද?

    සමහර විට මේ බුදුන්ගේ දේශය යයි අම්පිටියේ හිමියන් කල්පනා කරන්නට ඇත.

    මේ බුදුන්ගේ දේශය බව සැබෑ ය. ඒත් ඒ මේ රාජපක්ෂගේ දේශය යන්නට පසුව යෙදෙන්නකි.

    (හාමුදුරුවන්ට බණින්නට බියොන්ඩ් ෆ්රේම්ට අයිතියක් නැති වුව ද ඒ අයිතිය රාජපක්ෂලාට තිබේ. ඒ එතුමන් මේ බෞද්ධ දේශයේ ආරක්ෂකයින් නිසා ය. ශාසනයට, සංඝයාට, පවා රැකිය නොහැකිව ඇති බුද්ධාගම රාජපක්ෂලා විසින් රකින නිසා ය. ඉස්සර රජකාලේ වුනත් එහෙම ය. මැන්දිස් රෝහණදීර මහතා, ජැක්සන්, මේධානන්ද හිමියන් හෝ ජේආර්පී වැනි ඉතිහාස ඔස්තාර්ලා කීප‍දෙනෙක්ම ඕනෑ නම් සාක්කිවලට කැදවිය හැකි ය.)

    ඒ ගැන නොදන්නා අය දැන් දැන ගනිමින් සිටින්නෝ ය. අනිත් අය උපවාස කර එක්කෝ මැරී යායුතු ය. නැතිනම් විමල් වීරවංශ ගිය මාවත ගත යුතු ය. දෙවැන්න තෝරා ගන්නේ නම් වතුර පොවන්නට කෙනෙකු සොයා ගත යුතු ය.

    අම්පිටියේ හිමියන්ට වතුර පොවන්නේ කවුද? :oo::oo::oo::oo:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    http://www.elakiri.com/forum/showthread.php?t=827017


    සරත් ෆොන්සේකාට හොද වැඩේ! තව වටයක් කිරිබත් කමු ද?


    තීන්දුව වසර තුනකට හිරේ ය.

    අපේ සංවේදී නායකයා විසින් එය දෙකහමාරකට අඩු නොකරන්නට සරත් ෆොන්සේකාට තුනක් ලැබෙන්නට ඉඩ තිබුනේ ය.

    සරත් ෆොන්සේකා වගෙ කල වැද්දන්ට ඔහොම වෙලා මදි ය.

    ඔය පඩි සන්දෙන්නේ දිට්ඨ ධම්ම වේදනීය පාප කර්මයයි.

    එය අහවල් කරුමයක් කළාට දැයි කියන්නට ඕනැ නැත්තේ හැමෝම ඒ මොකද්දැයි දන්නා නිසා ය.

    සමහරු කියන්නේ තමන් සමග තරගයට ආවාට පලි ගන්නා එක ආචාරධර්මයන්ට පටහැනි බව ය.

    ඇත්තටම එහෙම නැත. එතුමාට පලිගන්නට ඕනෑ කළා නම් යෝජිත තුන්වසරම දෙන්න තිබුනා ය. එහෙම නැතිව දෙකහමාරක් කළේ එහෙම චේතනාවක් නැති නිසා ය.

    එයින් පෙන්නුම් කරන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේදී මුලු ලොවටම ඇහෙන්නට කියූ පරිදි එතුමන් බෞද්ධ පිළිවෙත් සිය පාලනයේදී දැඩි ලෙස අනුගමනය කරන බව යි.

    ඇත්තටම මේ සිද්ධිය ‍මුලු ලෝකයටම ආදර්ශයකි.

    යුද්ධයක් දිනා දුන්නා කියා වංචා කළ උදවිය සුද්ධ කරන සිරිතක් අපේ රටේ නැත. ඇත්තටම පුංචි හෝ වැරැද්දක් කළ පසු එයින් ගැලවීමට මේ රටේ බලවත් කිසිවෙකුටවත් බැරි බව තමන් කළ වැරදි වෙනුවෙන් නිසි දඩුවම් සැවොම ලැබිය යුතු බව වැරදි කළ අයට සමාව නොදිය යුතු බව (සංවේදීකම නිසාම මාස 6 ක සමාවක් දුන්නාට) මෙයින් අපි මුලු ලොවටම ඔප්පු කර ඇත්තෙමු.

    මේ සද් කාර්යය නිසා මින් මත්තට වැරදි කරුවන්ගෙන් තොර ලංකාවක් බිහිකිරීම කිසිම කෙනෙකුට වැළැක්විය නොහැකි වනු ඇත්තේ ය.

    මීටත් වඩා ආදර්ශයක් අපට ලොව දිය හැකි ද? නොහැක්කේම ය.

    ඉදින් අපට ලොව ඉදිරියේ අතිශය ආඩම්බර වෙන්නට මේ කාරණයම ඇති ය.

    තව වටයක් කිරිබත් කමු ද? :oo::oo::oo::oo:



    Source :- http://beyondframe.wordpress.com/2010/09/30/10sep31/
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    http://www.elakiri.com/forum/showthread.php?t=721218


    Hon. Wimal Weerawansa’s Final Odyssey | ගරු විමල් වීරවංශ මැතිසඳ බැං කි-මූණාගේ සුම්මට අකපු හැටි....!!



    බැං කි-මූණා කියන අසමජ්ජාතියා අලුගුත්තේරු දේශද්‍රෝහී ක්‍රියාවක් කර ඇති බව ආරඤ්චි වුණු මොහොතේම ගරු විමල් වීරවංශ නිලමක්කාරතුමාට සිරාවටම මල පැන්නේය. පක්සෙ වැඩ නහුතයක් සෙට් වීම නිසා නිසා සිරීපාදය හෝ සීගිරිය වඳින්නට වත් යන්නට බැරුව හිටි තමන්ව සෝමවංස සීයා කිසිම අනුකම්පාවකින් තොරව පුකට පයින් ගසා පන්නාගත්දාටත්; ගෙදර කොක්ටේල් පාටියකට ආ මහරජතුමා ශීර්ෂා උදයන්ති වීරවංශ ළමාතැනියගේ සරුවට වැවුණු වටකුරු ජම්බෝල ගෙඩි දෙස බලා තොල කට ලෙවකා “ඉතින්, කොහොමද නංගියෝ?” කියා ඇසූ දාටත් වඩා මල පැන්නේය.


    “බැං කි-මූණා, පුල්ලිගෙ බැතා, මුගෙ සුම්මට අකුවත් මදිනෙ!”


    ගරු වීරවංශතුමා තමන් කළුතර තිස්ස විද්‍යාලයේ ඉගෙන ගන්නා කාලයේ, හොරෙන් සිකරැට් බොනු හසුවී පිංසිබොල්තුමා විසින් වේවැල් පාර කිහිපයක් දී කට්ට අව්වේ දණ ගැස්සූ දා මැතිරූ වචන සෙට් එකේම රිපීට් බ්‍රෝඩ්කාස්ට් එකක් කළේය.


    “ටාට්ටෙ, අනේ මේ ගාණ කියල දෙන්නකෝ!” විභූති කොළුවා ඉස්කෝලේ ගණන් පොත උස්සාගෙන ආවේ ඒ අහු අස්සේය.


    “මූ වගේ දේශද්‍රෝහියෙක්. අර බැං කි-මූණා කියන පරය රට විනාස කරන්න හදනව. අපට තව මොන ගණන්ද යකෝ? බැං කි-මූණට ඕනැ හැටියට නටන්න දුන්නොත් උඹේ කටෙත් පස්, මගේ කටෙත් පස්!”


    ගරු වීරවංශතුමා විභූති කොළුවාගේ ගණන් පොත උදුරා ‘එයා-මේල් ‘එකෙන් මිදුලට යැව්වේය.


    “ටාට්ටගෙ කටේ කොහොම වෙතත් ඔළුවෙ නම් තියෙන්නෙ පස්!” කියාගෙන විභූති කොළුවා අඬාගෙනම දිවූ මුත් ගරු වීරවංශතුමා එයින් සරෙන්ඩර් වුනේ නැත. එතුමාට දිගින් දිගටම හිතුනේ මේ අවස්ථාවේ බැං කි-මූණාගේ සුම්මට අකන එක සැබෑ දේශප්‍රේමියකුට කළ හැකි හොඳම ජාතික සේවය ලෙසටය.


    ඉන්පසු සති කිහිපය තුළදී ගරු වීරවංශතුමාගේ මේ අයිඩියා එක කොයිතරම් නැඟලා ගියාද කිව්වොත් වැළ නොකැඩී දේශප්‍රේමීහු ගරු වීරවංශතුමාට ජය පතන්නට අවෝය. බැං කි-මූණාගේ සුම්මට අකන්නට යන වීර චාරිකාව සාර්ථක වේවාය ප්‍රාර්ථනා කරනු පිණිස සර්වාගමික මෙහෙයන් පවා පවත්වන ලද්දේය.


    “සිංහල බෞද්ධයින් වෙනුවෙන් කරන්නට යන මේ වීර ක්‍රියාව සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා” යි අති පූජ්‍ය නංගමුවේ බේලක ස්ථිවිරපාදයෝ පිරිත් සජ්ජායනාකොට, මේ වීර කටයුත්ත කිරීමට යොදා ගැනීමට නියමිත ගරු වීරවංශ නිලමක්කාරතුමාගේ එඩිතර ‘ආයුධයේ’ පිරිත් නූලක් වට කිහිපයක් ගැට ගැසුවෝය. (“ටිකක් බුරුලට බඳින්න, නැත්නං පස්සෙ කැපෙන්න ඉඩ තියෙනවා” කීවේ ශීර්ෂා උදයන්ති වීරවංශ ළමාතැනියයි.) “දෙවියන් වහන්සේ සදා ඔබ සමඟය” කියූ රල්කම් මැංජිත් රදගුරුතුමෝ ගරු වීරවංශතුමාගේ ‘ආයුධය’ ශුද්ධ වූ ජලය ඉස පාරිශුද්ධත්වයට පත් කොට “ආමෙන්” කියුවෝය. කුරුක්කල් තුමන්ද සංස්කෘත ශ්ලෝකයක් කියා ගරු වීරවංශතුමන්ගේ ‘ආයුධයේ’ තව කහ පාට නූලක්ද බැන්දේය. (“හැමෝම නූල් බැඳල අන්තිමට මට තමයි කරදරේ” වීරවංශ ළමාතැනිය ඔහුටද කීවාය.)


    ඉස්ලාම් මවුලවිතුමකුද නිවෙසට එනු දුටු ගරු වීරවංශතුමා සියල්ල පසෙක දා ඉස්සකු සේ පැනගොස් ඩබල් බෙඩ් එක යටට රිංගා ගත් අතර ඔහු ඉන් එළියට ගැනීමේ සියළු උත්සාහ අසාර්ථක විය. එඩිතර නිර්භීත ගරු වීරවංශතුමා මෙසේ සැඟවීමට හේතුවවත් එතුමා කාටවත් කීවේ නැත. පසුව මවුලවිතුමා ගරු වීරවංශතුමා නැතිවම දේව මෙහෙය පවත්වා සංකේතාත්මකව මිදුලේ මල් වලට වතුර දමන්නට තුබුණු පයිප්පයේ කොණ කපා නික්ම ගියේය.


    ඊළඟ ගැටළුව වුණේ බැං කි-මූණාගේ ගෙදර හොයා ගැනීමයි. අර කොරියාවේ, මේ කොරියාවේ කිව්වාට උගේ ගම කොහේදැයි කවුරුත් දැන සිටියේ නැත. අන්තිමට විකිපීඩියාවෙන් එය හොයා ගත්තේ ජාතික නිදහස් පෙරමුණේ ගම් මට්ටමේ සාමාජිකයෙකි. මහරජතුමා සල්ලි සල්ලි කියා බලන්නේ නැතුව, ගරු වීරවංශතුමාට සහපිරිවර සමඟ උතුරු චෙං චෙයොං බලා යන්නට ‘මිහින් එයාර්’ ප්ලේන් එකක්ම නිකං දුන්නේය. ඒක හදිසියේවත් කඩා වැටුනොත් කියා පස්සෙන් යන්නට ‘ශ්‍රී ලංකන් එයා ලයින්ස්’ ප්ලේන් එකක්ද දුන්නේය. ගරු විමල් වීරවංශතුමා බැං කි-මූණාගේ සුම්මට අකන මහා වීර චාරිකාව වෙනුවෙන් නික්ම ගියේ දේශප්‍රේමීන්ගේ මහා ජයඝෝෂා මධ්‍යයේය. ගුවන් හමුදාවේ හෙලිකොප්ටර වලින් ගරු වීරවංශ මැතිතුමා ගිය ප්ලේන් එකට සමන් පිච්ච මල් ඉසින ලදී.


    ගරු විමල් වීරවංශ නිලමක්කාරතුමන්ට රම්පෙට පොරි හැළුනේ කොරියාවේ එයා පෝට් එකේදීය. එතුමන් පිළිගන්නට මඟ බලා සිටියේ ජපාන සුමෝ යෝධයකුගේ මෙන් දැවැන්ත ශරීරයක් හිමි නාකි කොරියන් කාරයෙකි. මේ නන්දිමිත්‍රයා දුටු ජාතික නිදහස් පෙරමුණේ පළමු පෙළ සාමාජිකයෝ වහා තම නායකයා අත්හැර දිවගොස් ඉඩ තිබුණු තිබුණු තැන සැඟවුනෝය. ගරු වීරවංශ නිලමක්කාරතුමන් තනිවිය.


    කොරියන් යෝධයා තම භාෂාවෙන් මොනවාදෝ දෙව්වේය. ගරු වීරවංශතුමන්ට යන්තමින් අවබෝධ වූයේ ඔහු තමන්ගේ නම අහන බවය. ‘වීරවංශ’ යන නම ඇසූ පමණින් කොරියන් යෝධයා යක්ෂාරූඪ විය. ඔහු සමඟ සිටි අනෙක් කොරියන් කාරයෝ ගරු වීරවංශතුමන් අල්ලා යටි අතට හරවා බලෙන්ම යටිකය ඇඳුම් ඉවත් කළහ. “ඔය පිරිත් නූල හෙම කඩන්න එපා” කියා ගරු වීරවංශතුමන් මොර දුන්නේය.


    තමන්ගේ දේශප්‍රේමී අධෝමාර්ගයෙන් දැනෙන ඉවසන්නට බැරිතරම් දරුණු වේදනාවත් සමඟ ගරු වීරවංශතුමන් වටහා ගත්තේ තමන් ගහන්නට ආ ප්ලග් එක කෙසේ වෙතත් තමන්ට නම් මදියි නොකියන්නට හොඳ ප්ලග් එකක් වදින බවයි.


    “කවුද ඒ යෝධයා?” ගරු වීරවංශතුමන් සති දෙකකට පසුව ඇසුවේ කොරියාවේ රෝහලකදී බාගෙට සිහිය ආ පසුවය.


    “ඒ තමා බැං කි-මූණාගෙ අප්පොච්චා!” හෙදියක කීවාය.



    Note :- දේශප්‍රේමී අයියලා මගේ Rep- කරයිද දන්නේ නෑ මේවා දාලා.....!! :oo::oo:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    http://www.elakiri.com/forum/showthread.php?t=414041

    :yes::yes: එක් පැත්තක රජතුමා ය! අනෙක් පැත්තේ සෙනෙවි තුමා ය! :yes::yes:


    එක් පැත්තකින් කටවුට් පිරිවරාගෙන වඩින මහරජතුමා ය. අනෙත් පැත්තේ පුංචි පෝස්ටරයක් පමණක් අතැතිව පක්ෂ කාර්යාලයක් අභියස කු‍ඩා කටවුට් එකක් අටවාගෙන සටනට බැස සිටින සෙනෙවිතුමා ය.


    එක් පසෙක ජීවත්වන කලාකරුවන් පමණක්‍ නොව මියගිය කලාකරුවන් ද තොරතෝංචියක් නැතිව දැන්වීම්වලට පෙනී සිටිමින් පුවත්පත් දැන්වීම් පළකරමින් නැවත පත් කරන්නැයි යදින මහරජතුමා ය. අනෙත් පැත්තෙන් එවැනි චන්ද දැන්වීමක් දා ගැනීමටවත් හරි හමන් මුදලක් හදලක් නැති සෙනෙවි තුමා ය.


    එක් පැත්තක රජයේ මාධ්‍යයන්ගෙන් ද කුලියට කහින මාධ්‍යන්ගෙන් ද ආඪ්‍යව සිටින මහරජතුමා ය. අනෙත් පැත්තෙන් නිදහස් මාධ්‍ය පවා ඉඩක් දෙන්නට පැකිලෙන සෙනෙවිතුමා ය.


    එක් පැත්තක රණවිරුවන් වෙනුවෙන් පෝරකයටත් නගින්නට ලෑස්තිවන මහරජතුමා ය. අනෙත් පැත්තේ තමන් රණවිරුවන් කරන ලද සියලු ක්‍රියාවල වගකීම දරමියි පමණක් සංයමයකින් කියනා සෙනෙවිතුමා ය.


    එක් පැත්තක දන්සැලින් සියලු ජනයාට සංග්‍රහ කරනා රජතුමා ය. අනෙත් පැත්තෙන් තේ එකක් තරමටවත් දීගන්නට නොහැකිව ලතවෙන සෙනෙවි තුමා ය.


    එක් පැත්තක ධනයෙන් ආඪ්‍ය රජතුමා හා පරපුර ය. අනෙත් පස කාමර තුනක ගෙයක් සම්පුර්ණ කර ගැනීමට සැරසෙන සෙනෙවිතුමා හා බලාපොරොත්තු පොදි බැද ගත් ජනතාව ය.


    එක් පැත්තක ලිංගික අපචාර චෝදනා ඇතුළු කුණුහරුප ඕපා දූප වලින් මඩ ගසන රජතුමාගේ බත්බැලයින් ය. අනිත් පැත්තේ එවැනි චෝදනා ප්‍රතිපාර්ශවයට එල්ල කර හැකි සාධක තිබියදී ද මුණිවත රකින සෙනෙවිතුමාගේ සේනාවය.


    එක් පැත්තක නීතිය තමන් අතට ගෙන අවනීතිය රජකරවන රජතුමා ය. අනෙත් පැත්තේ අවනීතියෙන් බැට කන සෙනෙවිතුමා ය.


    tඑක් පැත්තක දඹර අමිල හිමියන් ද ශ්‍රීලනිප භික්ෂු පෙරමුණේ හිටපු ලේකම් භික්ෂූන් වහන්සේ ද අත්අඩංගුවට ගෙන තමන්ට විරුද්ධව යන්නේ නම් භික්ෂුවක් වුවද ගායක් නැතැයි කියන රජතුමා ය. අනිත් පැත්තෙන් මල්වතු අස්ගිරි උභය පාර්ශවයෙන් සාධාරණ ලෙස මැතිවරණයක් පවත්වන්නැයි ආණ්ඩුවට බලකරන්නට තරම් හැකියාවක් උරුම කර ගෙන සිටින සෙනෙවි තුමා ය.


    මේ සටනින් ජය අත්වනු ඇත්තේ කාට ද? වෙනදා මැතිවරණයක නැති තිගැස්මකින් අප බලා සිටින්නේ ඒ දෙස ය.



    Source :- http://beyondframe.wordpress.com/2010/01/26/10jan261/
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    http://www.elakiri.com/forum/showthread.php?t=414041

    :yes::yes: එක් පැත්තක රජතුමා ය! අනෙක් පැත්තේ සෙනෙවි තුමා ය! :yes::yes:


    එක් පැත්තකින් කටවුට් පිරිවරාගෙන වඩින මහරජතුමා ය. අනෙත් පැත්තේ පුංචි පෝස්ටරයක් පමණක් අතැතිව පක්ෂ කාර්යාලයක් අභියස කු‍ඩා කටවුට් එකක් අටවාගෙන සටනට බැස සිටින සෙනෙවිතුමා ය.


    එක් පසෙක ජීවත්වන කලාකරුවන් පමණක්‍ නොව මියගිය කලාකරුවන් ද තොරතෝංචියක් නැතිව දැන්වීම්වලට පෙනී සිටිමින් පුවත්පත් දැන්වීම් පළකරමින් නැවත පත් කරන්නැයි යදින මහරජතුමා ය. අනෙත් පැත්තෙන් එවැනි චන්ද දැන්වීමක් දා ගැනීමටවත් හරි හමන් මුදලක් හදලක් නැති සෙනෙවි තුමා ය.


    එක් පැත්තක රජයේ මාධ්‍යයන්ගෙන් ද කුලියට කහින මාධ්‍යන්ගෙන් ද ආඪ්‍යව සිටින මහරජතුමා ය. අනෙත් පැත්තෙන් නිදහස් මාධ්‍ය පවා ඉඩක් දෙන්නට පැකිලෙන සෙනෙවිතුමා ය.


    එක් පැත්තක රණවිරුවන් වෙනුවෙන් පෝරකයටත් නගින්නට ලෑස්තිවන මහරජතුමා ය. අනෙත් පැත්තේ තමන් රණවිරුවන් කරන ලද සියලු ක්‍රියාවල වගකීම දරමියි පමණක් සංයමයකින් කියනා සෙනෙවිතුමා ය.


    එක් පැත්තක දන්සැලින් සියලු ජනයාට සංග්‍රහ කරනා රජතුමා ය. අනෙත් පැත්තෙන් තේ එකක් තරමටවත් දීගන්නට නොහැකිව ලතවෙන සෙනෙවි තුමා ය.


    එක් පැත්තක ධනයෙන් ආඪ්‍ය රජතුමා හා පරපුර ය. අනෙත් පස කාමර තුනක ගෙයක් සම්පුර්ණ කර ගැනීමට සැරසෙන සෙනෙවිතුමා හා බලාපොරොත්තු පොදි බැද ගත් ජනතාව ය.


    එක් පැත්තක ලිංගික අපචාර චෝදනා ඇතුළු කුණුහරුප ඕපා දූප වලින් මඩ ගසන රජතුමාගේ බත්බැලයින් ය. අනිත් පැත්තේ එවැනි චෝදනා ප්‍රතිපාර්ශවයට එල්ල කර හැකි සාධක තිබියදී ද මුණිවත රකින සෙනෙවිතුමාගේ සේනාවය.


    එක් පැත්තක නීතිය තමන් අතට ගෙන අවනීතිය රජකරවන රජතුමා ය. අනෙත් පැත්තේ අවනීතියෙන් බැට කන සෙනෙවිතුමා ය.


    tඑක් පැත්තක දඹර අමිල හිමියන් ද ශ්‍රීලනිප භික්ෂු පෙරමුණේ හිටපු ලේකම් භික්ෂූන් වහන්සේ ද අත්අඩංගුවට ගෙන තමන්ට විරුද්ධව යන්නේ නම් භික්ෂුවක් වුවද ගායක් නැතැයි කියන රජතුමා ය. අනිත් පැත්තෙන් මල්වතු අස්ගිරි උභය පාර්ශවයෙන් සාධාරණ ලෙස මැතිවරණයක් පවත්වන්නැයි ආණ්ඩුවට බලකරන්නට තරම් හැකියාවක් උරුම කර ගෙන සිටින සෙනෙවි තුමා ය.


    මේ සටනින් ජය අත්වනු ඇත්තේ කාට ද? වෙනදා මැතිවරණයක නැති තිගැස්මකින් අප බලා සිටින්නේ ඒ දෙස ය.



    Source :- http://beyondframe.wordpress.com/2010/01/26/10jan261/
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    http://www.elakiri.com/forum/showthread.php?t=410893


    :yes::yes: දැන් ඇසෙන්නේ කස කාරයාගේ හඩ ය. ඊලගට එන්නේ පෙරහැර ය. :yes::yes:




    රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවස හා පක්ෂ කාර්යාලය සෝදිසි කරන්නට වරෙන්තුවක් ඉල්ලා අධිකරණයට ගිය පොලීසියට හිස් අතින් ආපසු එන්නට සිදුවිය. එහෙත් උත්සහය උන් අත්හරී ද යන්න තවම ප්‍රශ්නයකි. ප්‍රධාන පෙලේ නායකයින් සිරකරන්නට සැළසුමක මේ සළකුණු විය හැකි ය.


    ඊයේ කරු ජයසූරිය මහතාගේ බිරිදගේ නිවසක් ද එසේ සෝදිසියට ලක්විය.


    ප්‍රගීත් එක්නැලිගොඩ මාධ්‍ය වේදියා ආ ගිය අතක් නැත. ඔහු රජය අපහසු තාවයට පත් කරන්නට වුවමනාවෙන් හැංගී ඇතැයි කියන්නේ ජනාධිපති ලේකම් කාර්යාලය ය. ආණ්ඩුව තමන් විසින්ම අපහසුතාවයට පත් කරගනිමින් ඉන්නා පරිසරයක ඒ සදහා තව කෙනෙකු ඉදිරිපත් විය යුත්තේ මන්දැයි මට නම් නොතේරේ.


    ජේෂ්ඨ පොලීස් අධිකාරී නිමල් ලෙව්කේ මහතාගේ මාරුවීම අවලංගු කිරීමට මැතිවරණ කොමසාරිස්ට සිදුවිය.


    බොරු ප්‍රචාර නැවැත්වීම සදහා පුවත් පත් සාකච්ඡා පැවැත්වීම සදහා විපක්ෂය කළ ඉල්ලීම සළකා බලා ඊට අවසර දීමට මැතිවරණ කොමසාරිස්ට සිදුවිය.


    මැතිවරණයට පෙර දිනය වන අදත් රාජ්‍ය‍ මාධ්‍ය මැතිවරණ නීති අමු අමුවේ උල්ලංඝනය කරමින් පසු වෙයි. ඒ රාජ්‍ය මාධ්‍ය හීලෑ කිරීමට බැරිතැන පත් කළ බලධාරියා ද මැතිවරණ කොමසාරිස්වරයා විසින් නැවත කැදවා ගත් පසුබිමක ය. මේවා සිදුවන්නේ මල්වතු අස්ගිරි දෙපාර්ශවයේම මහා නායක හිමිවරු රාජ්‍ය මාධ්‍ය ක්‍රියාකාරිත්වය හෙළා දැක ප්‍රකාශ නිකුත් කළ පසුබිමක ය.


    රජයේ නිලධාරීන් හිරිකිතයක් නැතිවම තමන්‍ යටතේ වැඩ කරන අයට බලපෑම් කරමින් සිටියි හමුදා නිලධාරීන් හමුදා ඇදුමෙන්ම දේශපාලනය කරමින් සිටී.


    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අයිති ශ්‍රි ලංකා භික්ෂු සංග‍මයේ හිටපු ප්‍රධාන ලේකම් ආයුධ සගවා ගෙන සිටියේ යැයි කියම්න් අත්අඩංගුවට ගන්නා නමුත් එ හිමියන් සරත් ෆොන්සේකාට සහයෝගය දෙනවා යැයි කියනවා මිසක ශ්‍රීලනිප භික්ෂු සංගමයේ හිටපු ලේකම් බව ද කියන්නට අමතක වෙයි මේ දඹර අමිල හිමියන් අත්අඩංගුවට ගෙන නිදහස් කිරීමෙන් අනතුරුව ය මල්වතු නායක හිමියන්ට බෙන්ස් රථයක් පිරිනමන්නට ගොස් කරගන්නට බැරිව පැමිණිමෙන් අනතුරුව ය


    වංචාව හා දූෂණය සිදු කළ අය දැන් ඒවායින් රැකීම සදහා ද ඒවා ඉදිරියටත් කිරීම සදහා ද අවශ්‍ය අවසන් සටනට සූදානම් වෙමින් තිබේ.


    ප්‍රජාතන්ත්‍රවාදය හොදට ම අසාධ්‍ය වෙලා ය. හෙට ශල්‍ය කර්මය වැරදුනොත් මිහිදන් කරනු ඇරෙන්නට වෙන කළ හැකි දෙයක් නැත.


    එක්කෝ ඔබ ප්‍රජාතන්ත්‍රවාදයට ඔක්සිජන් දෙනු ඇත. නැත්නම් එය වළදැමීම සදහා අවසන් ඇණයත් ගැසීමට දායක වනු ඇත


    විශ්වාසනීය වෙනසක් කළේ නැත්නම් ඔබට හිමිවන්නට නියමිත අසුභ අනාගතයකි.




    මේ අප ලියන අවසන් බ්ලොග් සටහන් කීපය විය හැකි ය. දිගින් දිගට ලිවීම තේරුමක් නැති නිසා පමණක් නොවේ. වෙනසක් වූයේ නැත්නම් නොලිව්වාට ඔබට තේරුම් යන්නට ඕනෑ තරම් සාක්කි ඇස් පනා පිට ලැබෙනු ඇති බැවිනි. වෙනසක් සිදුවන්නේ නම් අප අනිද්දාත් ඔබ හමුවන්නෙමු. අලුතින් බලයට පත්වෙන්නන් වැරදි පාරේ ගියොත් උන්ට අනතුරු අගවන්නට අප සිටිය යුතු බැවිනි.


    Source :- http://beyondframe.wordpress.com/2010/01/25/10jan252/
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    http://www.elakiri.com/forum/showthread.php?t=410824


    :angry::angry: කුඩා බිජුවක් පහළ කොට ගම දෙවනත් වන්නට කෙකර ගෑම :angry::angry:


    එක් එක් රටවල මගී හා භාණ්ඩ ප්‍රවාහනයේ පහසුකම් අනුව එනම් වරාය ගුවන්තොට හා මහාමාර්ග දුම්රිය පද්ධතිවල ප්‍රමාණය හා කාර්යක්ෂමතාවය අනුව එම රටවල් අනුපිළිවෙලට සකස් කොට සාදන ලද වගුවකට අනුව ලංකාවට 2007 හිමිව තිබුනේ 92 ස්ථානයයි. මෙම දර්ශකය ඉංග්‍රීසියෙන් හදුන්වන්නේ Logistics Performance Index යන නාමයෙනි.


    2009 කරන ලද සමීක්ෂණය අනුව ලංකාව වසර දෙකක් තුළ රටවල් 40 ක් පසුපසට යමින් 132 ස්ථානයට පත්ව ඇත. ඒ මෙම සමීක්ෂණයට භාජනය කරන ලද රටවල් 150 ක් අතුරෙනි. වෙනත් ලෙසකින් කියන්නේ නම් අපට වඩා නරක රටවල් ඇත්තේ සමීක්ෂණයට සහභාගිවූ රටවල් අතුරින් 18 ක පමණකි.


    මේ සමහරු මහත් උජාරුවෙන් සිහිපත් කරන රටේ සිදුවුනා යයි කියන මාර්ග ඇතුළු අනෙකුත් සංවර්ධනයෙන් පසු ය. ඕනෑම රටක මාර්ග පාලම් වරාය හැදීම රජයක යුතුකම ය. එහෙත් අප පුරාජේරුවෙන් කියන ඒ වරුණාවට පසුත් අප රටවල් 40 කින් පසුපසට යෑමෙන් පෙනෙන්නේ අපට වඩා බො‍හෝ කටයුතු වෙනත් රාජ්‍යයන් විසින් සම්පුර්ණ කර ඇති බව ය. සාපේක්ෂව ගත් විට අපේ රජය විසින් කර ඇතැයි කියන ඒවා ලෝකය ඉදිරියට යන වේගය සමග සන්සන්දනයේ ඉතා නොවැදගත් කුඩා වැඩ බව ය.


    දැන්වත් අමාරුවෙන් දමන ලද කුඩා බිජුවට දෙස බලා ආඩම්බර පාමින් ගම දෙවනත් වන්නට කෙකර ගානවාට වඩා ලෝකය සමග ඉදිරියට යන්නට නිශ්ශබ්දව සැළසුම් සකස් කරන්නට ඉටා ගත්තොත් හොද ය.


    මාස දෙක තුනකට වරක් මැතිවරණ පවත්වමින් රට වටේ යනවා වෙනුවට ඒ සදහා දන්සැල් පවත්වමින් බොරු ටොක් දෙනවා වෙනුවට වැඩ කරන්නට ඉගෙන ගන්නට කාලය පැමිණ තිබේ.


    නැතහොත් හදාගත් පාලමක් දෙකක් (ඒ ද සමහරවිට සුනාමිය නිසා ලැබුණු ආධාරයන්ගෙන් අනුන් බිහිකළ පාලම් ය) පෙන්වමින්‍ මෙහෙම කල් ගත කළොත් නම් ඉතිරි රටවල් 18ත් අප පසුකර යන්නට ඉදිරි වසර තුළ කටයුතු කරන්නට පුලුවන.



    Source :- http://beyondframe.wordpress.com/2010/01/25/10jan251/
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    http://www.elakiri.com/forum/showthread.php?t=410665


    :P:P වංචාව-මුලාව-බලාහාත්කාරය-තර්ජන-අල්ලස- මේ සියල්ලෙන්වත් ගොඩ දාගන්නට බැරිව දගලන ජනාධිපතිවරණය :P:P


    අල්ලස් මඩ ගැසීම් මුලාකිරීම් අවලාද කටකතා වංචා මැර ප්‍රහාර මිනීමැරීම් බලහාත්කාරය නිල බලය අවනීතිය මේ සියල්ල යොදලා වත් වෙන්න තියෙන දේ වළක්වා ගන්නට බැරිබව පෙනෙන්නට තිබේ


    අල්ලස් දුන්නේ කැබිනට් පදවි බෙන්ස් රථ වැනි ලොකු දේවලිනි. පුංචි අයට දන්සැල් වැනි පොඩි දේවල් ද ලැබිණි.


    මඩ ගැසීම් සදහා රග දක්වන ලද නාට්‍යවල පිටපත් තාත්වික නොවීම නිසා අතේ පත්තු වූ අවස්ථා එමට ය. එහෙත් මඩ ගැසීම් අවසන් කර නැත. එක මඩක් අප්සෙට් වන විට තව මඩක් රැගෙන පැමිණෙන අයගෙන් අඩුවක් නැත. උන් ඕනෑවට වඩා ඉක්මන් වීම නිසා රෙදිත් ගලවා ගත් අවස්ථා තිබිණි. අලුත්ම මඩය සරත් කෝන්ගහගේ ගේ දැන්වීමක් හරහා ය. ඉතාම පහත් ආකාරයේ අනුකරණය කිරීමක් හරහා මේ මඩ ව්‍යාපාරය දියත් කර ඇත්තේ මිනිසුන් නොමග යන ආකාරයට ය.


    මුලා කිරීම් අතුරින් අලුත්ම එක වී ඇත්තේ බොරු ආදර්ශ චන්ද පත්‍රිකා මුද්‍රණය කරමින් සරත් ‍ෆොන්සේකාට චන්දය දමන්නන් ව්‍යාකූල කිරීමට ය. සරත් ෆොන්සේකාගේ නම තිබෙන්නේ 13 තැනට වුව ද එය දෙවැනි තැන වන ලෙස සකස් කරන ලද චන්ද පත්‍රිකා ද අලියා ලකුණ සහිත චන්ද පත්‍රිකා ද සරත් ෆොන්සේකාගේ සළකුණ ලෙස හංසයෙක් වෙනුවට කුරුල්ලෙක් යෙදු චන්ද පත්‍රිකා ද මුද්‍රණය කර බෙදා හැර තිබෙන්නේ ඒ සදහා ය.


    මීට අමතරව සෙනග නැති රැස්වීම්වලට සහභාගීවන ජනාධිපතිගේ ප්‍රචාරක කටයුතු ඩිජිටල් සංස්කරණයට ලක්කොට සංරක්ෂණය කොට ඇති පැරණි රූප රාමු ආශ‍්‍රයෙන් නැවත සකස් කොට පුද්ගලික මාධ්‍යවලට බාර දීමෙන් හා ඒවා පමණක් ප්‍රචාරය කරන ලෙස බල කිරීමෙන් තමන්ට අතිමහත් ජන ගංගාවක් ඇතැයි ජනයාට ඒත්තු ගැන්වීම ද මීට ඇතුළත් ය. මෙසේ වැස්ස දිනක පැවැත්වූ එක් රැස්වීමක දර්ශනවල හිරු රැස් සහිත දිනයක දර්ශන දමා අනාගත් අවස්ථාවක් ද විය.



    Source :- http://beyondframe.wordpress.com/2010/01/24/10jan241/
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    http://www.elakiri.com/forum/showthread.php?t=410790


    :lol: :lol: පබාට රැකියාව අහිමි කරන්නේ අපට ඉඩි අමීන් පෙන්වන ස්වාධීන රූපවාහිනියකින් වීම ලොකුම විහිලුව ය. :lol: :lol:


    බොහෝ දෙනෙකුට පබා ටෙලි නාට්‍යයේ පබා නමින් රගපාන නිලියට සිදුව ඇති දෙය රටේ අවසන් කළ යුද්ධය හා සසදන විට අලගු තබන්නට වත් වටින්නේ නැති පුංචි කතන්දරයකි. එසේ තිබියදී මේ දේශපාලන බ්ලොග් අඩවිය එවැනි තුට්ටුදෙකේ වැඩක් ඉදිරියට ගන්නේ ඇයි ද යන ප්‍රශ්නය බොහෝ දෙනෙකුගේ සිත් තුළ සාධාරණ සාංකාවක් ඇති කර තිබේ.


    ඒ නිසාම මේ ගැන විමසීම වටින්නේ ය.


    මම පබා නොව මේ දිනවල ප්‍රචාරය වන කිසිදු ටෙලි නාට්‍යයක් බලන්නෙක් නොවෙමි. ඇත්තටම මේ පබාගේ නම වත් මම දැන නොසිටියෙමි. පබා සම්බන්ධයෙන් මා දැන සිටි එකම කාරණය ටෙලි නාට්‍ය අතර ඉමහත් ජනප්‍රියතාවයක් දිනා එය ඉදිරියෙන්ම සිටින නාට්‍යයක් බව ය. එය ද ස්වාධීන රූපවාහිනි ආයතනයේ වැඩකරන මා මිත්‍රයෙක් අප සමග පැවසූ කතාවක් නිසා ය.


    එසේ තිබියදී පබා ගැන කැක්කුමක් ඇතිව තිබෙන්නේ මේ රෙජිමයට ගහන්නට දෙයක් නැතිව අප බංකොළොත් වී ඇති නිසා ද? කිසිවෙක් එසේ අසන්නේනම් එසේ ඇසීම ගැන අප උරණ නොවෙමු. මක්නිසා ද යත් අප අපගේ අස්ථානය හරිහැටි පැහැදිලි කර නැති බැවිනි.


    අප අසා ඇති පරිදි මෙය ප්‍රජාතන්ත්‍රවාදී රටකි. එහෙව් රටක තමන් කැමති දේශපාලන කදවුරක් වෙනුවෙන් එලිපිට පෙනී සිටින්නට රාජ්‍ය සේවකයින් නොවන අයට නීතියෙන්ම අවසර තිබේ. ඒ අයිතිය ජැක්සන් ඇන්තනීට ලැබී පබාට නොලැබෙන්නේ නම් එතැන මොකක්දෝ කුණුහරුපයක් තිබේ.


    ඒ අයිතිය භාවිතා කිරීම තමන්ට තමන් කරගෙන ආ වෘත්තිය කරගෙන යාමට බාධකයක් වන්නේ නම් එයින් පෙනෙන්නේ ඔය කියන ප්‍රජාතන්ත්‍රවාදය රටතුළ ක්‍රියාත්මක නොවන බව ය. ඒ බාධකය එල්ලවන්නේ රජයට අයිති මාධ්‍ය ආයතනයක් හරහා වීම නිසා එහි අපුල හා දුර්ගන්ධය වඩාත් ඉහළ ය.


    පබා කපා දැමීම නිසා ස්වාධීන රූපවාහිනියට වන ආර්ථික පාඩුවවත් මෙහි දී සළකා බලා නැති තරමට දේශපාලන බලාහාත්කාරය ඔඩු දුවා තිබේ.


    මේ රටේ ජීවන මාර්ගයක් කර ගෙන නිදහසේ ඉන්නට අපගේ දේශපාලන පක්ෂපාතිකම් ප්‍රශ්නයක් වෙනවා කියන්නේ දරුණු තත්වයකි. පෝස්ටර් අලවන අයට මැරෙන්නට පහර දීම තරමටම ගෙවල් වලට බෝම්බ ගසා පුච්චන තරමට ම දරුණු තත්වයකි. මිනිසුන්ගේ අතපය කඩා උන් හිරේ විලංගුවේ දමා උන් මරා දමා විරුද්ධවාදීන්ගෙන් පලි ගන්නා තරමටම දරුණු තත්වයකි.

    ඉතිරි සියල්ල වෙනත් අයගේ ගිණුම්වලට බැර කළ හැකි වුව ද අඩුම තරමින් පාලනය කරගත නොහැකි පාක්ෂිකයින්ගේ ගිණුම්වලට බැර කර ගත හැකි වුව ද පබා තහනම එසේ නොවේ. එය ස්වාධීන රූපවාහිනියේ කළමනාකරණය ඍජුවම මැදිහත් වී එලිපිට කෙරෙන්නෙකි.


    (ඊයේ ඊට සමාන තවත් සිදුවීමක් විය. එය ස්වර්ණවාහිනියේ ඇන්ඩ් කොම්පැනිය ප්‍රචාරය නොකිරීමේ තීන්දුව ය. නාට්‍යයකටත් බය රාජ්‍ය නායකත්වයක් අප සතු ව ඇති බව එයින් පෙන්නුම් කරයි. රජතුමා යටතේ අනාගතය කොයි වගේ විය හැකි ද යන්න පිළිබද ඉගියක් එය අපට සපයයි. එය පබා තහනම වගේ ය. පවතින්නේ නිලියකටත් බය ආණ්ඩුවක් බව පබා තහනමෙන් ආණ්ඩුව අපට පෙන්නුම් කළා වාගේම එම ආණ්ඩුව මිනිත්තු විස්සේ නාට්‍යයකටත් බයයි යන්න ද එයින් පෙන්නුම් කර ඇත. විරුද්ධ පක්ෂයක්, විරුද්ධ පාක්ෂිකයෙක්, විරුද්ධ මතයක් දකින්නට අමාරු කම නමැති ව්‍යාධීය ආණ්ඩුවකට හැදෙන්නේ ආණ්ඩුවේ නායකයාට ඉඩි අමීන් කෙනෙක් වීමේ ලෙඩය වැළදෙමින් ඉන්නා විට ය.)


    පබාට රැකියාව අහිමිකරන අතරේම පබා රග පෑ පරණ රූප රාමු දමා පබා තවමත් රගපාන බවට මුලාවක් කරන්නට ද මේ නඩය ඉදිරිපත්ව තිබේ. ඒ මේ ලජ්ජා නැති වැඩේ ජනතාවගෙන් සගවන්න ය.


    මේවා අපට ආණ්ඩුවේ නිර්ලජ්ජී බව එලිපිට පෙන්වා සිටීන කාරණාය. ඉතිරි සියල්ලත් මුන්ම කරන්නේය යන්නට ප්‍රබල අනුමානයක් ද මේවායින් ඒ සමග උන් පෙන්වා සිටී.


    පබාට රැකියාව අහිමි කරන්නේ අපට ඉඩි අමීන් පෙන්වන ස්වාධීන රූපවාහිනියකින් වීම දවසේ විහිලුව ය. එසේ වන්නේ සංවේදී නායකයාට චන්දය දෙන ලෙස අප ආමන්ත්‍රණය කරන කලාකරුවන් ඉන්නා රටක වීම දවසේ විගඩම ය.


    නායකයාම කියු පරිදි දැන් ලංකාවේ ඉන්නේ දෙකොට්ඨාෂයකි. එක කොට්ඨාෂයක් නායකයාට පක්ෂ හෝ නායකයා කියන දෙයට මුවින් නොබැන ඉන්නා කීකරු ජනතාව ය. අනිත් කොට්ඨාෂය නායකයා කියන හැමදෙයක්ම අනුමත කිරීමට ලෑස්ති නැති මිනිසුන් හා ගැහැණුන් ය.


    රටත් ප්‍රජාතන්ත්‍රවාදයත් අයිති පළමු කාණ්ඩයට ය. ඉඩි අමින් ය‍ටතේ උගන්ඩාවේ සිදුවුනේ ද එයයි.



    Source :- http://beyondframe.wordpress.com/2010/01/24/10jan242/