Bike එකේ ඇක්සිලේටර් කේබල් එක කැඩුනොත්...

Gccamila

Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    Bike එකේ ඇක්සිලේටර් කේබල් එක කැඩුනොත්...

    මම මේ නූල කිරියෙ උන්ට කියන්න මතක් උනේ ලගදි දවසක් කොල්ලෙකුගෙ බයික් එකක ඇක්සිලේටර් කේබලේ කැඩිලා ඌ නාහින් අඩ අඩ හිටියා දාගන්න ඕන කියලා. මම ඉති් ඌට මේ කියන්න යන සිම්පල් ප්ලෑන් එක හදලා දුන්නා... :yes::yes::yes::yes: මේක මගේ අත්හදාබැලීමක්. සමහර විට තවත් අය දන්නවද දන්නෑ ඉතිම්... :cool::cool:

    සාමාන්‍යෙයන් Bike එකේ ඇක්සිලේටර් කේබලේ කැඩුනොත් ආයේ දෙකක් නෑ ඕක ගෙඩි පිටින් කඩෙන් අරගෙන හයි කොරන්න එපැයි. ඕකක රුපියල් හය හත්සීයක් වත් වෙනවා. මහා ලොකු ගානක් නම් නෙවෙයි ඉතිම්. ඒත් ඉතිම් අතේ සල්ලි නැති වෙලාවකට ඕකත් හෙන ගානක් තමා... :shocked:

    මම මේ කියන්නේ ඇක්සිලේටර් කේබලේ කැඩුනොත් ඒ තියෙන රවුටර් කේබල් එක එහෙම්මම අරගෙන් ඒක ඇතුලට කේබල් එකක් දා ගන්න හැටියි. ඔරිජිනල් ඇක්සිලේටර් කේබලේ දෙපැත්තෙම අගිස්සේ ගැට දෙකක් තියෙන හින්දා වෙන කේබල් මාරු කරන්න බෑ අයින්ම කරලා අලුත් එකක් දාගන්න ඕන...

    මෙන්න මෙහෙමයි කරන්නේ. ඉස්සෙල්ලාම අපිට ඕන අපේ කැඩිච්ච ඇක්සිලේටර් කේබලේ රවුටර් කේබල් එක. ඒ කියන්නේ කම්බිය නෙවෙයි ඒක වටේ තීව කලු කේබල් එක. මැද තීන කැඩිච්ච කම්බිය අඩුවකින් කපලා අයින් කරලා දාන්න..

    මට හරි හමන් Photos ටිකක් ගන්න මතක් උනේ නෑ හදන වෙලාවේ. පොස්ට් එකක් දාන්න වෙයි කියලා හිතුවෙ නෑනේ ඉතිම්. ඒ හින්දා පොඩි අයිඩියා එකක් ගනිං. හමා ලොකු දෙයක් නෙවෙයි මේක


    03.JPG

    ඊට පස්සේ ඕන ත්‍රීවිල් ක්ලච් කේබල් එකක්. එකක් රු.50 යි. ඇක්සිලේටර් කේබල් ගන්න එපා ඒක මහත වැඩියි. ක්ලච් කේබල් එකක්ම ගන්න. බජාජ් කඩේකින් ඉල්ලුවාම දෙයි. මේකේ එක පැත්තක විතරයි ගැටයක් තීන්නේ. අනිත් පැත්ත අපිට පුලුවන් ගුන්ඩුවක් හදලා හයි කරන්න.. :yes:

    ඊලගට ඕන හෝල්ඩරයක මෙන්න මේ වගේ කෑල්ලක්


    02.JPG

    ඔය තියෙන්නේ අපි පාවිච්චි කරන්න යන ගුන්ඩුව. නියමයි නෙහ්.... මම මේකට ගත්තේ ප්ලග් එකක එකක්. ඒක හොල්ඩර් එකට වඩා ටිකක් හයියයි.

    දැන් මෙච්චරයි කරන්න තීන්නේ. ගත්තා අපේ පරන රවුටර් කේබල් එක. සාමාන්‍ය විදියට රු.50 කේබල් එක රවුටරු කේබල් එක ඇතුලට දා ගන්න. දන්නවනේ දාගන්න ඕක මහා දෙයක් ඈ...

    ඊට පස්සේ හැඩල් එක පැත්තට කේබල් එක හයි කරගන්න. ඊට පස්සේ කාබලේටර් එක පැත්තට එන්න. කාබලේටර් එකටනේ අපි ගුන්ඩුවක් හයි කරන්නේ. දැන් අර හොල්ඩර් එකකින් ගලෝ ගත්ත ගුන්ඩු කෑල්ල කාබලේටරේ කේබල් එක දාන්න ඕන හිලට දාගන්න. ගුන්ඩුව ටිකක් වැලි කඩදාසියකින් මැද ගෙන රවුම් කරගන්න. ඒක ටිකක් අටපට්ටම් වගේනෙ එන්නේ...​

    ඕන නම් ඊට පස්සේ තව ගුන්ඩු කෑලි දෙකක් විතර හයි කරගන්න වැඩි හොදට. රේස් කරද්දි ලෙස්සලා ආවොත් කියලා...පහල Photo එක බලන්න...

    05.JPG

    ඔය 01 කියලා තියෙන්නේ කාබලේටර් එකට ඇක්සිලේටර් කේබල් එකේ ගුන්ඩුව සෙට් වෙන හිල. ඔතනට තමා අපි හොල්ඩරෙන් අරගෙන හදා ගත්ත ගුන්ඩුව දාන්නේ...

    02 කියලා තියෙන්නේ පිටින් තව දෙකක් විතර දැම්මොත් කේබල් එක ලෙස්සලා එන්නේ නැති වෙන්න. කෝකටත් හොදයිනේ ඉතිම්...


    001.JPG

    දැන් තේරෙනවනේ සිද්දාන්තය. මේච්චර හෑල්ලක් ලිව්වට මේක කරන්න පට්ටම ලේසි. මුලු වියදම රු.50 යි.. සත්තයි :P:P:P:P:P

    විනාඩි දහයක් වත් යන්නේ නෑ වැඩේට. හයි කරලා ඉවර වෙලා කේබල් එකේ වැඩි හරිය හොද වයර් කපන අඩුවකින් කොහු වෙන්නේ නැති වෙන්න ලස්සනට කපලා දාන්න. නැත්තම් එල්ලෙනවා. මොකද ඔය ක්ලච් කේබල් එක පට්ට දිගයි. අනික ත්‍රීවිල් එකටනේ එන්නේ... :cool::cool:

    මගේ නම් දැනට ඕක දාලා දැන් මාස අටක් වෙනවා. තාම කිසිම අවුලක් නෑ. මගේ අගිස්ස පොඩ්ඩක් කොහු වෙලා තියෙනවා මොාකද මම දෙපාරක් විතර කාබලේටර් එක ගැලෙව්වා ඒකයි...

    තේරුණ නැති දේවල් තීනවා නම් අහපං. මේක Pulsar එකක කාබ් එකක්..


    හොදයි නම් ඉතින් දන්නවනේ. බමපියක් වත් දාගෙන යමන් ඉතින්..
     

    Attachments

    • 01.JPG
      01.JPG
      62.7 KB · Views: 56
    Last edited:

    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)

    මගේ නම් දැනට ඕක දාලා දැන් මාස අටක් වෙනවා. තාම කිසිම අවුලක් නෑ. මගේ අගිස්ස පොඩ්ඩක් කොහු වෙලා තියෙනවා මොාකද මම දෙපාරක් විතර කාබලේටර් එක ගැලෙව්වා ඒකයි...

    මේක Pulsar එකක කාබ් එකක්..

    මාස 8ට දෙපාරක් කාබ් එක ගැලෙව්වේ අහවල් එකටද? :confused:
    මම අවුරුදු 9ට එක පාරක්වත් ගැලෙව්වෙ නෑනේ. (පල්සර් 200)




    මේ ක්‍රමේ හදිස්සියට හොඳයි. ගොඩක් කල් පාවිච්චි කරන්නත් පුලුවන්. ඒත් වාහන වලට කෑලි දාද්දි නියම පාර්ට්ස් ම දාන්න බලන්න. නැත්නම් ඊලඟට වාහනේ ගන්න එකත් පව්නේ මොනව උනත්.

    ඔය සමහර පරණ මොඩල් බයික් හරි ඇක්සලරේටර් කේබල් හොයාගන්න නැති ඒවටනම් මේ ක්‍රමේ සෑහෙන වටිනවා.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මගෙ ඉස්සර තිබ්බ DT 50 යක්...ඒකට ඇස්ලේටර් කේබල් අලුතෙන් හොය්නව කියන්නෙ කලුනික හොයනව වගේ වැඩක්...ඒක නිසා ඔක තමා කරේ...පස්සෙ ඒකෙ එන්ජිමට ලෙල්ල හුටන් උනා..2T නොදා දුවල...පස්සෙ 4000කට වික්ක..මස් කරන්ඩ...:sorry::sorry:
     

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    මාස 8ට දෙපාරක් කාබ් එක ගැලෙව්වේ අහවල් එකටද? :confused:
    මම අවුරුදු 9ට එක පාරක්වත් ගැලෙව්වෙ නෑනේ. (පල්සර් 200)

    මේ ක්‍රමේ හදිස්සියට හොඳයි. ගොඩක් කල් පාවිච්චි කරන්නත් පුලුවන්. ඒත් වාහන වලට කෑලි දාද්දි නියම පාර්ට්ස් ම දාන්න බලන්න. නැත්නම් ඊලඟට වාහනේ ගන්න එකත් පව්නේ මොනව උනත්.

    ඔය සමහර පරණ මොඩල් බයික් හරි ඇක්සලරේටර් කේබල් හොයාගන්න නැති ඒවටනම් මේ ක්‍රමේ සෑහෙන වටිනවා.

    නෑ මචං මම කාබ් එක එක පාරක් ගැලැව්වා සුද්දයක් දාන්න. ඊට පස්සේ ආයේ ගලවන්න උනේ Jet එකක් Replace කරන්න. වාහනේ විකුනනවා නම් ඉතින් මෙහෙම අටවලා දෙන එක හරි නෑ තමා බං. මම කිව්වේ මේක තාවකාලික විසදුමක් වෙයි හදිස්සියටකට බං..
     

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    මගෙ ඉස්සර තිබ්බ DT 50 යක්...ඒකට ඇස්ලේටර් කේබල් අලුතෙන් හොය්නව කියන්නෙ කලුනික හොයනව වගේ වැඩක්...ඒක නිසා ඔක තමා කරේ...පස්සෙ ඒකෙ එන්ජිමට ලෙල්ල හුටන් උනා..2T නොදා දුවල...පස්සෙ 4000කට වික්ක..මස් කරන්ඩ...:sorry::sorry:

    හයියෝ හපරාදෙ බං.
    DT :love::love: