TVS Lanka සමාගම, උසස් ක්‍රියාකාරිත්වකින් හා තාරුණ්‍යයට ගැළපෙන කදිම පෙනුමකින් යුත් නවතම Apache RTR මෝටර් සයිකල් පෙළ පසුගියදා ශ්‍රී ලංකා වෙළෙඳපොළට හඳුන්වා දුනි. TVS Lanka සමාගම හඳුන්වා දුන් ලොව නවතම මෝස්තරයෙන් යුත් මෝටර් සයිකල් පෙළ වූයේ TVS Apache RTR 150 හා TVS Apache RTR 180 ය.
TVS Lanka සමාගම නවතම Apache RTR මෝටර් සයිකල් පෙළ ශ්‍රී ලංකා වෙළෙඳපොළට හඳුන්වා දෙයි
TVS Lanka සමාගම, උසස් ක්‍රියාකාරිත්වකින් හා තාරුණ්‍යයට ගැළපෙන කදිම පෙනුමකින් යුත් නවතම Apache RTR මෝටර් සයිකල් පෙළ පසුගියදා ශ්‍රී ලංකා වෙළෙඳපොළට හඳුන්වා දුනි. TVS Lanka සමාගම හඳුන්වා දුන් ලොව නවතම මෝස්තරයෙන් යුත් මෝටර් සයිකල් පෙළ වූයේ TVS Apache RTR 150 හා TVSApache RTR 180 ය.
'අප හඳුන්වා දුන් මෙම අලුත්ම Apache RTR මෝටර් සයිකල් පෙළ එය පැදයන්නන්ට කිසිදා අමතක නොවන තාක්‍ෂණයකින් හා මෝස්තරයකින් යුතු වීම විශේෂත්වයක්. මූලික වශයෙන්ම ඒනචජඩඥහි සංවර්ධන අංශය එය නිර්මාණය කර ඇත්තේ, මෝටර් සයිකල් තරග ධාවකයකුට අවශ්‍යතා පරිපූර්ණ කිරීමක් ලෙසිනුයි. එනම් සෑම හැඩතලයක් හා උපාංගයක්ම එක්කර ඇත්තේ, එහි උපරිම කාර්යක්‍ෂමතාව සැපයෙන අන්දමිනුයි. වර්තමානයේ ඒනචජඩඥ මෝටර් සයිකල් සඳහා ඉහළම පිළිගැනුමක් නිර්මාණය වී ඇත්තේ එහි ඇති මෙම සුවිශේෂී විශේෂාංග හේතුවෙනුයි,Apache RTR මෝටර් සයිකල් පෙළ මෙරට වෙළෙඳපොළට හඳුන්වාදුන් අවස්ථාවේදී TVS Lanka සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සම්පත් අගලවත්ත මහතා පැවැසීය.
නවතමApache RTR මෝටර් සයිකල් පෙළට එයට පමණක්ම ආවේණික වූ ලක්‍ෂණ හා හැඩතලයන් රැසක්ම පිහිටා ඇති අතර, එහි එක් සුවිශේෂී අංගයක් වන්නේ, දිවා හෝ රාත්‍රියේ වෙනසක් නොමැතිව මෝටර් සයිකලය පණගැන්වූ සැනින්ම දැල්වෙන LED විදුලි බල්බ තාක්‍ෂණය සංකලනය වූ එහි ඉදිරිපස විදුලි ලාම්පුය. දුරින් දකින්නකුට සිහිගන්වන්නේ, දැඩි අවධානයකින් යුත් සත්ත්වයකුගේ 'බිහිසුණු දෑසකි.'
එමෙන්ම මෙම නවApache RTR මෝටර් සයිකල් පෙළෙහි තිබෙන මනා සේ පිරිපුන් හා කදිම හැඩයකින් යුත් ඉන්ධන ටැංකියේ ආවරණයන් හි නව වායු ක්‍රියාකාරීත්ව උපාංග අඩංගු වීමෙන් බාධාවකින් තොරව උපරිම කාර්යක්‍ෂමතාවක් සැපැයීමට යන්ත්‍රය උණුසුම් වීම අවම කරන අතර, එය වැඩි වේගයකින් මෝටර් සයිකල් පැදයෑමේ කැමැත්තක් දක්වන්නන් තුළ දැඩි උනන්දුවක් ඇති කරවන්නකි. එමෙන්ම එය භාවිත කළ හැකි බලය වර්ධනය කර පැදයන්නාට සුවපහසුවක් ඇති කරන්නකි.
තවද ඩිජිටල් තාක්‍ෂණික උපාංග සහිත නිර්මාණය කළ මෙම නවApache RTR මෝටර් සයිකල් පෙළෙහි පිටුපස කාබන් ෆයිබර් ආවරණයකින් හැඩගන්වා තිබෙන අතර, එහි පිටුපස දීප්තිමත් නිල්පැහැ ආලෝකයක් විහිදෙන්නේ එයට කදිම පෙනුමක් එක්කරමිනි.
එමෙන්ම වඩාත් ආනත වූ අසුන දිගේ දුම්බට වැස්මක් හා එන්ජින් වැස්මක් තිබීමෙන් මෙම මෝටර් සයිකලයේ හඬෙහි අපූරු දෝංකාරවීමක් නැඟෙන්නේ පැදයන්නාට මෝටර් සයිකල් තරගකරුවකුගේ හැඟීම් ඇති කරවමිනි. මෙම නවApache RTR මෝටර් සයිකල් පෙළ එම කාණ්ඩයේ විශිෂ්ටතම බලය - බර අනුපාතයක් හිමි නිෂ්පාදන සේ සැලැකේ.
ද්විත්ව වර්ණ සංකලනයකින් යුත් TVSApache RTR 150 මෝටර් සයිකලය තත්පරයකට 14.1ක දළ බලයක් නිපදවීමෙන් එයට පැයකට කිලෝ මීටර් 118 උපරිම වේගයක් අත්පත් කරගත හැකිවන්නා සේම TVSApache RTR 180 මෝටර් සයිකලයට තත්පරයකට 17.03ක දළ බලයක් නිපදවිය හැකිවීමෙන් එයට පැයකට කිලෝ මීටර් 124ක වේගයක් හිමිකරගත හැකිය.
නව TVSApache RTR 150 මෝටර් සයිකලය ද්විත්ව වර්ණ සංකලන සතරකින් එනම් කළු පසුතලයේ කොළ, රතු, කහ හා අළු වර්ණ සහිතව හා TVSApache RTR 180 මෝටර් සයිකලය සුදු, කහ, අළු හා කළු වර්ණවලින් ලබාගත හැකිය. නව TVSApache RTR මෝටර් සයිකල් පෙළ දිවයින පුරා පිහිටි TVS Lanka සමාගමේ අලෙවි නියෝජිතයන්ගෙන් ලබාගත හැකිය.
ඉස්සුවේ මෙතැනින්
http://mawbima.lk/index.html