tawa mona wage bot lada run karanne
මට ඒ field එක ගැන නම් වැඩිය දැනුමක් නෑ. Binance එක test කරන්නම තමයි VPS හදාගත්තෙ.
Hriyt backtest krnne khomd bn?
1. Strategy එකක් ඉගෙන ගන්න (youtube එකේ දැක්කාටම විශ්වාස කරන්න එපා, උන් views ගන්න බලාගෙනම videos දානවා. එකම strategy එකේ වැරදුණ setups පෙන්නන්නෑ.)
2. Chart එකේ මාස කීපයක් ආපස්සට ගිහින්, candle එකින් එකට ඉස්සරහට එන ගමන් අර strategy එකේ විදිහට ඉරි ඇඳලා, TP-SL ලකුණු කරගන්නවා. (SL වගේ දෙගුණයක්වත් TP දාන්න ඕනෙ. ඒකට කියනවා 1:2 RR කියලා)
3. තව ඉස්සරහට ගිහින් බලනවා TPද SLද වැදුණෙ කියලා.
4. ඒ ඔක්කොම ලියාගන්නවා. (දිනය, වෙලාව, HTF setup එක, LTF setup එක, entry එක, result එක, ........ , විශේෂ කරුණු/ නැවත නොකළ යුතු දේවල්)
5. ඔය විදිහට trades 100ක් වත් (පුලුවන් නම් 500 වත්) backtest කරලා win rate එක හොයාගන්න.
RR එක 1:2 නම් 50% win rate ඇති.
සාමාන්යයෙන් ඕක තමයි backtest කරන විදිහ කෙටියෙන්. Bot එකකින් backtest කළත් ඔය දේ වෙන්න ඕනෙ.
ඉදිරියේ තියෙන candles දිහා බලන්නැතුව කරන්න ඕනෙ.
(මෙහෙම ටෝක් දුන්නාට මට තාම හරියට strategy එකක් හම්බ වෙලා නෑ)