Biodiversity of SriLanka - ගුරැ කොන්ඩයා/පීත කං කොන්ඩයා/Yellow-Eared bulbul(Pycnonotus penicillatus)

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    ඔබගේ ‍දැන ගැනීම පිනිස සහ සංරක්ෂණය සඳහා දැනුවත් වෙමු.

    මේ පොර ලන්කාවට ආවෙණිකයි

    මද්‍ය කදුකරය(horton plains, piduruthalaga, Nuwaraeliya) සහ රිටිගල ආශ්‍රිත කදු පන්ති වල දකින්න පුලුවන් ලන්කාවට ආවෙනික කුරුල්ලෙක්.
    තරමක් දුර්ලබයි.





    සෙමි 20ක විතර දිග සරීරයක් තියනව, ඇගෙ උඩ කොටස ඔලිව්/කහ පාටටත්
    ලය/උදරය සම්පූර්න කහ පාටිනුත් යූක්ත වෙනව.

    හිස මුදුන අලු/සුදු වර්න වලින් යුක්ත පෙදයක් දකින්න පුලුවන්.

    ආවෙනික කියන්නෙ, ලන්කාවෙ මද්‍ය කදුකරෙ විතර්‍යි ඉන්නෙ
    යම් ප්‍රදෙසයක් ආවෙනික වීම සත්තු ඉක්මනින් වදවී ‍යන්න හේතුවක්.







    1979 නිකුත් කරපු රුපියල් 10 මුද්දරෙකත් මෙය දකින්න පුලුවන්





    එ වගේම මෙයා ඉන්නව අලුත් 5000 කොලෙ,




    Conservation status
    Conservation status එක - Least-concern


    ශ්‍රි ලංකාව ජෛව විවිධත්වයෙන් ඉතා ඉහල රටක්වන අතර ඉන් වැඩි ප්‍රමාණයක් එක දේශිය ජීවින්ගෙන් යුක්තවේ නමුත් වර්ථමානයේදි දිගින් දිගටම සිදු කෙරෙණ වන විනාශය හා සාමාන්‍ය ජනතාවගේ නොදැනුවත් බාවය මත මෙම ජිවින් විශාල වශයෙන් තර්ජනයට ලක්වෙමින් තිබේ සමාජයක් ව⁣ශයෙන් මෙම අපට අවේණික මෙන්ම ඉහල මට්ටමේ පවතින ජෛව විවිධත්වය ආරක්ෂා කරගැනීමට දැනුවත වීමත් සමාජය දැනුවත් කිරිමත් වගකීමක් බව සිහියේ තබාගනිමු..

    ශ්‍රී ලංකාවට ආවේණික ශාක සහ සතුන් විකිණීම වන සත්ව සහ තුරුලතා සංරක්ෂණ ආඥාපනත යටතේ දඩුවම් ලැබිය හැකි බරපතල වරදක් වන බැවින් "ආවේණික" සතුන් විකිණීම හෝ ප්‍රවාහනය කරනවා දුටුවහොත් ලඟම ඇති පොලිස් ස්තානනයට හෝ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ලඟම කාර්යාලය ට දැනුම් දෙන්න.


    Wildlife hotline - 1992



    දඩය රුපියල් ලක්ස 1 සිට 3.50ක් දක්වා නියමු කරපු වෙලාවල් තියනව
    එ නිසා කව්ෘ හරි ලග මෙ ගොල්ලො ඉන්නව නන් වහාම වනජීවි එකට බාර දෙන්න


    Info -

    https://en.wikipedia.org/wiki/Yellow-eared_bulbul
    https://ebird.org/species/yeebul1



    Photos captured by SoloRider @Galways Land National Park, Sep 2024
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,991
    152,993
    113
    පට්ට. :love: TFS සහෝ. :) (y)

    doodle-cute-cartoon-husky-dog-wearing-glasses-holding-camera_549515-847.jpg
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    අපි පාන් කුරුල්ලා කියලා කියන්නෙ. අපේ ගෙදරට එනවා පාන් කන්න

    පාන් දෙන්න එපා :no:
    බඩ පිරෙනව, අනික කිසිම පෝශනයක් නැහැ
    එක හොද නැහැ උන්ට
    ඕනම නන් පලතුරු මොනා හරි දෙන්න
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,776
    28,155
    113
    පාන් දෙන්න එපා :no:
    බඩ පිරෙනව, අනික කිසිම පෝශනයක් නැහැ
    එක හොද නැහැ උන්ට
    ඕනම නන් පලතුරු මොනා හරි දෙන්න
    එල සස්ටජන් දාලා තේකක් එකක් හදලා දෙන්නම් ✌
     
    Last edited: