Biodiversity of SriLanka - ශ්‍රි ලංකා රන්මූනත් කොට්ටෝරුවා/Yellow-fronted Barbet(Psilopogon flavifrons)

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    ඔබගේ ‍දැන ගැනීම පිනිස සහ සංරක්ෂණය සඳහා දැනුවත් වෙමු.

    ලන්කාව තුල barbets||woodpeckers කියල හදුන්වන කොට්ටොරුවො එහෙමත් නැත්නන් කෑරල්ලු 14ක් පමන දකින්න පුලුවන්

    01. Coppersmith Barbet / Crimson-breasted Barbet (රත්ළය කොට්ටෝරුවා)

    02. Sri Lanka Small Barbet / Ceylon Small Barbet(රත්-මූනත් කොට්ටෝරුවා)
    https://elakiri.com/threads/biodive...nted-barbet-psilopogon-rubricapillus.2148666/

    03. Brown-headed Barbet(පොලොස් කොට්ටෝරුවා)
    https://elakiri.com/threads/වැදගත්-...pogon-zeylanicus-megalaima-zeylanica.2136642/

    04. Yellow-fronted Barbet(ශ්‍රි ලංකා රන්මූනත් කොට්ටෝරුවා)

    05. Brown-capped Woodpecker / Pygmy Woodpecker (බොර එසසි ගෝමර-කෑරලා)

    06. Yellow-crowned Woodpecker / Yellow-fronted Pied Woodpecker (කහ-සිලු ගෝමර-කෑරලා)

    07. Golden-backed Woodpecker

    08. Streak-throated Woodpecker / Scaly-bellied Woodpecker (පුන්චි කවුරු කෑරලා)

    09. Rufous Woodpecker (බෝරත් කොඩ-කෑරලා)

    10. Red-backed Flameback (රත්-කෑරලා)

    11. Crimson-backed Woodpecker
    https://elakiri.com/threads/biodive...-backed-woodpecker-dinopium-psarodes.2161934/

    12. White-naped Woodpecker / Black-backed Yellow Woodpecker (කැහැපිට මහ-කෑරලා)

    13. Eurasian Wryneck / Wryneck (යුරාසියා ගෙලනැමියා)

    14. Lesser Yellownape / Lesser Yellow-naped Woodpecker (හීන් කහ-ගෙලැසි කෑරලා)

    https://elakiri.com/threads/biodiversity-of-srilanka-හීන්-කහ-ගෙලැසි-කෑරලා-කොල-කෑරලා-lesser-yellownape-lesser-yellow-naped-woodpecker-picus-chlorolophus.2162619/


    මේ පොර ලන්කාවට ආවෙණිකයි


    අඩි 2000 දක්වා, තෙත් කලාපීය වනාන්තර/තෙත් බිම් වල දකින්න පුලුවන්.
    දිරා ගිය උස ගස් බෙන වල තමයි බිත්තර දාන්නෙ.
    කොල පැහැති ශරීයරක්, කහ/රන් පාට හිස් මුදුන සහ නිල් පාට මුහුනක් මෙයාට පිහිටල තියනවා.
    බොහොම ලස්සනයි.








    මේව එච්චර ක්ලියර් පොටොස් නන් නෙවෙයි, හේතුව මෙ ගොල්ලො (Barbets) ඔය උස ගස් වල පලවෙනි, දෙවෙනි වියන් වල තමයි ඉන්නෙ, කොල අතු අස්සෙ හැන්ගිලා.
    අනික ක්ස්නිකව මාරු වෙනව. උකුස්සො/ පිලිහුඩුවො වහෙ ස්ටෙඩි ඉන්නෙ නැ.
    උ දිහා බලල කැමර් එක ෆොකස් කරන කොට බඩු මිසින්.

    මම සැහෙන කාලෙක ඉදන් ට්‍රය් කරන්නෙ ක්ලියර් ශොට් එකක් ගන්න. බැරි නිසා මේක දාන්නෙ
    කූඩුවක් හොයා ගත්තොත් නන් පුලුවන්, එක එච්චර හොද වැඩක් නෙවෙ එ උනාට
    ෆුල් ක්‍රොප් කරල, හදල තියෙන්නෙ lighroom වලින්







    ආවෙනික කියන්නෙ, ලන්කාවෙ විතර්‍යි ඉන්නෙ
    යම් ප්‍රදෙසයක් ආවෙනික වීම සත්තු ඉක්මනින් වදවී ‍යන්න හේතුවක්.







    මෙයා ඉන්නව 1979 රුපියල් 5 මුද්දරේ.
    ebay තියනව මේ සෙට් එකම ගන්න







    Conservation status
    Conservation status එක - Least-concern


    ශ්‍රි ලංකාව ජෛව විවිධත්වයෙන් ඉතා ඉහල රටක්වන අතර ඉන් වැඩි ප්‍රමාණයක් එක දේශිය ජීවින්ගෙන් යුක්තවේ නමුත් වර්ථමානයේදි දිගින් දිගටම සිදු කෙරෙණ වන විනාශය හා සාමාන්‍ය ජනතාවගේ නොදැනුවත් බාවය මත මෙම ජිවින් විශාල වශයෙන් තර්ජනයට ලක්වෙමින් තිබේ සමාජයක් ව⁣ශයෙන් මෙම අපට අවේණික මෙන්ම ඉහල මට්ටමේ පවතින ජෛව විවිධත්වය ආරක්ෂා කරගැනීමට දැනුවත වීමත් සමාජය දැනුවත් කිරිමත් වගකීමක් බව සිහියේ තබාගනිමු..

    ශ්‍රී ලංකාවට ආවේණික ශාක සහ සතුන් විකිණීම වන සත්ව සහ තුරුලතා සංරක්ෂණ ආඥාපනත යටතේ දඩුවම් ලැබිය හැකි බරපතල වරදක් වන බැවින් "ආවේණික" සතුන් විකිණීම හෝ ප්‍රවාහනය කරනවා දුටුවහොත් ලඟම ඇති පොලිස් ස්තානනයට හෝ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ලඟම කාර්යාලය ට දැනුම් දෙන්න.
    Wildlife hotline - 1992



    දඩය රුපියල් ලක්ස 1 සිට 3.50ක් දක්වා නියමු කරපු වෙලාවල් තියනව
    එ නිසා කව්ෘ හරි ලග මෙ ගොල්ලො ඉන්නව නන් වහාම වනජීවි එකට බාර දෙන්න


    Info -

    https://en.wikipedia.org/wiki/Yellow-fronted_barbet
    https://www.freestampcatalogue.com/sceb010-birds-s-s
    https://www.instagram.com/wildlifeofceylon/


    Photos captured by SoloRider @Seethawaka, Aug 2024
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,709
    8,981
    113
    kandy
    bump
    tfs bro


    1724504482248.png
    :lol:
     

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,817
    113
    Earth
    අපේ මිදුලෙ පොල් ගහේ ඔවුන් හිටියා.. දවසෙක් පැටවෙක් වැටිල මන් එද්දි දිමියො කාලා මැරිලා.. :eek: :(

    ඕක දකිද්දි තව කතාවක් මතක් උනා.. මන් හිච්චි කාලෙ ඇටිකුබ්බෙක් අල්ලලා උන සීන් එකක්..

    පොඩි පැටියෙක් ඒත්,, ඌ මගෙ ඇගේ රීවා.. ගොලුබෙල්ලො කාලා ගන්දස්තාරෙ බෑ..අපේ අම්මා මාව අල්ලන් ගිහින් නෑව්වා..දවස් ගාණක් යනකන් ගඳ ගියෙ නෑ ඒ ඇදුම් අයින් කරා හේදුවට වැඩක් නෑ හින්දා..

    පොඩි අලුතෙන් කූඩේන් එළියට ආපු ඇටි කුබ්බ පැටියෙක්.. බෝලෙ වගේ. පඳ්උරු අස්සෙ පැන පැන යන්වා. .. මට ආස හිතුනා.. මන් ඉතින්න අල්ල ගත්ත පදුරු අස්සෙ රින්ගලා කටු ඇණගෙන එහෙම..ඒත් අල්ලපු ගමන් මූ රීවනෙ මගෙ ඇගේ. අත ඇරියට පස්සෙ ඌ සතුටෙන් පැන ගියා..
     

    AnuradhaRa

    Well-known member
  • අර අපේ ගෙදරට එන සරපයගෙ පොටෝ එකක් ගහගන්න ඕනෙ කොහොමහරි
    දැං කැමරා ෆෝන් එකකුත් තියෙනවනෙ

    එතකොට මාත් අලුත් සරපයෙක් ලෝකෙට හදුන්වා දෙනව
    අල්ලපු වත්තෙ තරහකාරයගෙ කඩේ පිටිපස්සට තමා ඌව පැන්නුවෙ යාලුවයි මායි එකතු වෙලා
    තරහකාරය ගෑනියෙක්
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,201
    198,839
    113
    Colombo, Sri Lanka
    අර අපේ ගෙදරට එන සරපයගෙ පොටෝ එකක් ගහගන්න ඕනෙ කොහොමහරි
    දැං කැමරා ෆෝන් එකකුත් තියෙනවනෙ

    එතකොට මාත් අලුත් සරපයෙක් ලෝකෙට හදුන්වා දෙනව
    අල්ලපු වත්තෙ තරහකාරයගෙ කඩේ පිටිපස්සට තමා ඌව පැන්නුවෙ යාලුවයි මායි එකතු වෙලා
    තරහකාරය ගෑනියෙක්
    ඒක හොඳයි ෆොටෝ ටික කිරියට දාන්න. මාළු වල ගණනුත් දාන්න :yes: