Bipolar Disorders ---

divoomdelux

Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    --Bipolar Disorders--​


    image.png

    මීට මාස කීපයකට පෙර මම මානසික රෝග පිලිබදව දැමූ ලිපි පෙලට ඉතා හොද ප්‍රතිචාර ආවා, Comment කල, Rep+ දුන්න හැමෝටම බොහොම ස්තූතිය්... පහුගිය කාලයේ මම ටිකක් Busy උන හින්දා Post එකක් හදාගන්න බැරිඋනා, මට පොඩි නිවාඩු කාලයක් හම්බුන හින්දා අලුත් පෝස්ට් එකක් හදන්න හිතුව. මේ කාලය ඇතුලත මගෙන් කීප දෙනෙක්ම ඉල්ලුව Bipolar Disorders ගැන දාන්න කියල,, ඒක හින්දා අද පෝස්ට් එක ඒ පිලිබදවයි...


    2hxtxmb.jpg









    විශෙෂ දෙයක් කියන්න ඕනේ... Elakiriye මානසික රෝග පිලිබදව ත්‍රෙඩ් ගොඩාක් තියනව, ඒවා කියවල "මටත් මේක තියනවා " කියන තීරනයට එක පාරට එලබෙන්න එපා, එතනින් ඇතිවන මානසික තත්වයම අති සාමන්‍ය ඔබගේ මානසික තත්වය අසාමාන්‍යය වෙන්න ඔබට යම් ආකාරයක සැකයක් තිබෙනම් විසදුම මෙහි හොයන්න එප, වෛද්‍යවරයෙක් මුනගැහෙන්න. මෙය අමතර දැනුම සදහා පමනක් යොදාගන්න.

    අපි මුලින් බලමු මොකක්ද මේ Bipolar Disorder තත්වයක් කියන්නේ කියලා. වචනෙන්ම ගන්න බලමු අදහසක්.

    Bipolar
    Bi= ද්විත්වයක්/ දෙකක්.
    Polar- = අන්ත/ ද්‍රැව..


    එ කියන්නේ අන්ත දෙකක්...
    මොනවද ඒ අන්ත දෙක, ඕනම දෙයක තියෙන්න පුලුවන් සාමන්‍යය තත්වයක් හා අසාමාන්‍ය අන්ත දෙකක්.. හිතන්න සිතේ ස්වභාවය.(Mood)..
    එහි සාමාන්‍යය ස්වභාවයට(Normal Mood) අමතරව පහත් ස්වභාවයක් (Low Mood) නැතිනම් අපි දන්න Depression / විශාදය තත්වය හෝ, ඉහල ස්වභාවයක් (High Mood) නැතිනම් Mania තත්වයක් (උමතු )...
    එහෙනම් අපි මෙතන කතා කරන අන්ත දෙක තමයි Depression හා Mania යන තත්ව...


    එහෙනම් Bipolar Disorder යනු කුමක්ද?

    * මෙය අපි ඉහත කී Mania සහ Depression තත්ව දෙක අතර විචලනය වන මානසික තත්වයක් වන අතර, මොවුනට Mania ලක්ශන හෝ Depression ලක්ශන වගේම, මේවායේ ලක්ශන මිශ්‍ර වෙලා උනත් තියෙන්න පුලුවන්. ඒ පිලිබදව අපි පස්සේ පැහැදිලි කරගමු.

    3-faces-of-bipolar-disorder-bipolar-disorder-mood-disorder-dr-internet-safety-dark-psychology-ipredator-michael-nuccitelli-image.png

    නමුත් මතක තබාගන්න කලාතුරකින්, යම් විශෙෂ අවස්තා වල එන මෙවන් තත්ව Bipolar Disorder නොවන බව.. Bipolar Disorder යයි කීමට මෙය දීර්ඝ කාලීනව වගේම තමන්ගේ එදිනෙදා ජීවිතයට බලපාන්න ඕනේ..

    මෙය සම්භන්දව ICD - 10 Criteria (International Classification of Disorders) යටතේ ඉතා ගැඹුරට යන්න පුලුවන්, නමුත් මම හිතන්නේ නැහැ ඒ තරම් ගැඹුරට යා යුතුයි කියලා.

    එක් එක් Bipolar Disorder ආකාර ගැන කතා කරන්න කලින් අපි බලමු Depression හා Mania ලක්ශන මොනවද කියලා.

    විශාදය / Depression

    අධික කම්පාව/ දුක
    ශක්තිය හීන වීම.
    බලාපොරොත්තු විරහිත බව.
    සිත එක තැනක ත්බාගැනීමේ අපහසුව.
    තීරන ගැනීමේ අපහසුව.
    රාත්‍රී නින්ද නොයෑම.
    ආහර රුචියේ වෙනස්කම්.
    සිය දිවි හානි කරගැනීමට සිතීම, උත්සහ කිරීම.
    ආත්ම ශක්තිය හීන වීම

    උමතුව / Mania

    ඕනාවටත් වඩා අදික සතුට, බලාපොරොත්තු සහගත බව.
    අදික සතුටින් ඉද එකවරම අදික ලෙස කේන්ති යාම, මානසික ඒකාග්‍රතාවක් නොමැතිකම.
    අදික ලෙස ක්‍රියාකාරිය්, අදික ලිංගික ආශාව.
    වැරදි දැක්ම, තීරන ගැනීම.
    අදික ඇබ්බැහිවීම්.
    නින්දක් පවා අවශ්‍යය නොවීම.
    අධික නොසැලකිලිමත්කම, ප්‍රවේගකාරී ගතිය.

    (තවත් තත්වයක් තියෙනවා Hypomania කියලා, මෙයත් Mania තත්වයක්ම තමයි, නමුත් ඒ තරම්ම ලක්ශන ප්‍රභල නැහැ )

    1893971.jpg

    මෙය වැඩිහිටි හෝ වැඩිහිටි වියට පත්වන විට ආරම්භ වියුඅ හැක. කලාතුරකින්, එය ළමා කාලය තුලදී සිදු විය හැකිය.
    ඒ වගේම මේක පවුල තුල නිදන්ගත වෙලා තියෙන්නත් පුලුවන්. ඒ වගේම මොලයේ රසායනික වෙනස්කම් බලපාන්නත් පුලුවන්.


    Bipolar Disorders අපිට පුලුවන් මෙන්න මේ කොටස් 4 ට බෙදන්න.
    1. Bipolar I disorder - මෙහි Mania තත්වය Depression තත්වයට වඩා ප්‍රභල වෙනවා.
    2. Bipolar II disorder- - මෙහි Depression තත්වය Mania තත්වයට වඩා ප්‍රභල වෙනවා.
    3. Cyclothymic disorder
    4. others


    නමුත් මම හිතනව මේවා ගැන ගැඹුරට දැනගැනීමට අවශ්‍යය නැහැ කියල..

    අපි දැන් බලමු මෙහි ප්‍රතිකාර ක්‍රම හා බලපෑම් මොනවද කියල.

    මෙහිදී සිදුවන හානි ගැනනම් විශෙශයෙන් කියන්න දෙයක් නැහැ.

    උදාහරන විදිහට - ඇබ්බැහිවීම්, සම්භන්දතා පලුදු වීම්, පාසලේ හෝ රැකියා ස්තානයේ අසාර්තක වීම්, ජීවිතය ගැන කලකිරීම, වගේම එක් එක් ශාරීරික රෝග වලට පහසුන් ගොදුරුවීම වගේ දේවල් වෙන්න පුලුවන්.

    අපි දැන් බලමු මෙහි ප්‍රතිකාර ක්‍රම...

    අනික් හැම මානසික රෝගයක වගේම මෙයත්.

    Medicines/ Drug therapy (ඖශද ) හා Psychotherapy (මනෝ චිකිත්සාව) යන දෙක යටතේ තමයි කෙරෙන්නේ..


    නමුත් මම ඖශද ගැන කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ, මොකද එය රෝග තත්වය අනුව වෙනස් වෙන හින්දා, මම කතා කරන්නම් මානසික පුහුනුව ගැන.

    Psychotherapy (මනෝ චිකිත්සාව ) අපි බෙදනවා පහත ආකාරයට.

    1. Cognitive Behavioral Therapy (CBT) - මේ ගැන මම දීර්ඝ වශයෙන් කතා කලා - OCD - Obsessive-compulsive disorder 2 - ප්‍රතිකාර ක්‍රම, ත්‍රෙඩ් එකේ, එතනින් බලන්න. මෙතන Paste කලොත් Post එක දිග වැඩි වෙනවා...

    2. Interpersonal and social rhythm therapy (IPSRT) - මෙහිදී කෙරෙන්නේ එක් එක් පුද්ගලයාගේ දෛනික කාලසටහන හදුනාගෙන, එයට අනුව ක්‍රියා කරන්න පුහුනු කිරීමක්, නිදා ගැනීම, ආහාර ගැනීම, ව්‍යායම කිරීම වගෙ දේවල්, මෙය පුහුනුව ලත් අයෙකු සමග කරනවානම් වඩාත් හොදයි.

    මීට අමතරව Electroconclusive Therapy (ECT) යන ක්‍රමයත් භාවිතා කරනවා Severe Bipolar වලදී...


    මම දැන් කියන්නම් මේ තත්වය ඔබට තියේ කියල හිතනවානම්, වෛද්‍යය ප්‍රතිකර ක්‍රම වලට අමතරව ඔබට කල හැකි දේවල් කීපයක්..
    * මධ්‍යසාර හා අනෙකුත් මත්ද්‍රව්‍යය වලින් මිදීම (මේ පිලිබදව ඉදිරියේදී මම ත්‍රෙඩ් එකක් හදන්නම් )

    * ඔබ මේ සදහා ඖශද ගන්නේ නම් සෑම විටම මෙවායේ ඇති අතුරු ආබාද, මේ සමග ඔබ නොගත යුතු ආහාර, අනෙකුත් ඖශද වගෙ දේවල් හොදින් අසා දැනගන්න.

    * ඒ වගෙම පහුගිය 24 පැය ඇතුලත ඔබගේ Mood change එක diary එකක ලියගන්න, ඔබට ඇතිඋන හැගීම, ඔබ එයට ක්‍රියා කල ආකාරය, එසේ ක්‍රියාකිරීමට සිදුවූ හේතුව වගෙ දේවල්... මෙය වැදගත් වේවි ඔබගේ ප්‍රතිකරයට... ඔබට නොහැකිනම් ඔබ ලගින් ඉන්න විශ්වාසවන්ත අයෙකුට කියන්න.

    * වෛද්‍යවරයා සමග අවංක වන්න.

    * මෙම තත්වය ඇති හෝ තිබෙන අනෙකුත් අය සොයගෙන කතා කරන්න.

    * ඒ වගේම ඔබ සෑමවිටම ලගම ඉන්නා අයෙක් සමග කතා කරන්න, ඒ වගෙම තමයි ඔබේ නිවසෙත් මෙ රොගයෙන් පෙලෙන්නෙක් සිටී නම්, ඔහු සමග නිතරම කතා කරන්න, ඔහුව තනිවම ගෙදර තබන්න එප කොයිම මොහොතකවත්.


    හොදයි, මම මෙතනින් මේ ගැන නවත්තන්නම්, ප්‍රශ්න තියෙන අය PM or Comment එකක් දාන්න,
    වෙලාවක් අරන් කියෙව්වාට ස්තූතියි.
    හොදනම් රෙප් එකක් දීල යන්න.
    ස්තූතියි... සුබ දවසක්
     
    Last edited:

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    බුක්මාක් කරගත්ත දොස්තර මහත්තයෝ... ඊයේ පෙරේදා මහන්සියට ලෙඩ වගෙ දැන් ඇගට අමාරුයි.. සෙම එනව.උගුර අවුල් හොදටම.ඔලුව රිදෙනවා.. පස්සෙ බලන්නම්කො..TFS Rep+++++
     
    • Like
    Reactions: divoomdelux