Bird Strike
මේ මාතෘකාව දැකපු ගමන් මේ පැත්තට එන්න ඇති කුරුල්ලොත් “ස්ට්‍රයික්“ කරනවද කියලා. ඇත්තටම මම අද කියන්න යන්නේ කුරුල්ලන් ගුවන් යානා වල වැදීම නිසා සිදු වනදේ ගැන කථා කරන්න. මේක Bird Strike ලෙස හඳුන්වනවා.
කුරුල්ලන් ගුවන් යානා වල වැදීම නිසා බොහෝ ගුවන් අනතුරු සිදු වෙනවා. ඉතින් මේ නිසා මේක ඉතාම වැදගත් දෙයක්. අපේ ගුවන් තොටුපළවල ආශ්‍රිතව එතරම් කුරුල්ලන් නොහිටියාට වෙනත් රටවල විශේෂයෙන් ඇමරිකාව වගේ රටවල මේ දේ දකින්න පුළුවන්. මතක ඇතිනේ වල් පාත්තයින් රෑනක් නිසා ඇමරිකාවේ “හඩ්සන්“ ගඟට වැටුණ යානාව. ඒකෙදි නම් වෙලාවට වගේ කවුරුවත් මැරුණෙ නැහැ.
සාමාන්‍යෙයන් ගුවන් තොටුපළක් ආශ්‍රිතව විශාල වශයෙන් කුරුල්ලන් දැකිය හැකියි. මේකට හේතු බෙහොමයක් තියෙනවා. නාගරීකරණය (Urbanization) නිසා කුරුල්ලන්ට කැළැවන් අහිමි වෙමින් තිබෙනවා. ඒ වගේම අහාර (Food) ලබා ගැනීමේ පහසුවත්, කුඩු සකසා ගැනීමේ පහසුව අදියත් (Roosting & Nesting), ලැග සිටීමේ පහසුවත් ඒ වගේම සෙවණ (Shelter) සහ ජලය ආදිය පහසුවෙන් ලබා ගත හැකි වීමත් මේකට හේතු වශයෙන් දක්වන්න පුළුවන්. ගුවන්යානා මෙහෙයුම් වැඩි වීමත් මේ කුරුළු ගැටුම් වලට හේතු වෙනවා. තවත් දෙයක් තමා දැන් තිබෙන නවීන ගුවන් යානා එන්ජින් වල ශබ්ධය අඩු වීම (quieter Engines). මේ නිසා කුරුල්ලන්ට ගුවන් යානය ළගට එනකම්ම ඇහෙන්නෙ නැහැනෙ.
කුරුල්ලන් ගුවන් යානා වල වැදීම හේතුවෙන් යානයේ සිදුරු ඇති වීමට පුළුවන්. තවද එන්ජින් තුළට යාම නිසා ගිනි ගැනීම සිදු විය හැකියි. අවසානයේ විශාල අනතුරක් පවා සිදු විය හැකියි.
මේ තියෙන්නේ සිදුවුණ දේ ගැන පින්තූර ටිකක්.
මේනිසා බොහෝ ගුවන් තොටපළ ආශ්‍රිතව කුරළු ගහණය පාලනය කිරීමට විවිධ උපක්‍රම භාවිතා කරනවා. කුරුල්ලන් මරා දැමීම, ජලය ආහාර වගේ දේවල් කුරුල්ලන්ට පහසුවෙන් ලබා ගැනීමට ඇති ඉඩකඩ ඇහිරීම, විවිධ ශබ්ධ සහ ලේසර් ආලෝකය භාවිතා කරමින් කුරුල්ලන් එළවීම ආදය සිදු කරමින් ගහණය පාලනය කළ හැකියි.
මීට අමතරව බෙහෝ රටවල උකුස්සන් වැනි විලෝපීය කුරුල්ලන් පුහුණු කර අනෙක් කුරුල්ලන් දඩයම් කිරීමත් (Falconry) දඩ බල්ලන් (Border Collies) යොදා ගැනීමත් සිදු කරනවා.
පහල රූපේ බලන්න මිනිස්සු කීදෙනෙක්ගේ ජිඉවිත අනතුරේද?
සිංහල ජාතියට ජය වේවා !!!
Last edited:

