මට ඔයාලගේ අදහස්/උපදෙස් අවශ්‍යයි. මෙන්න මේකයි කාරණය.
මට වයස අවු. 30 යි. මම ස්ථිර රාජ්‍ය සේවයේ කළමනාකරණ සේවා නිලධාරියෙක් විදිහට වැඩ කරනවා. මට අවස්ථාව ලැබුණා කොළඹ විශ්වවිද්‍යාලයේ IHRA එකෙන් රැකියා කරන අයට දෙන ශ්‍රම අධ්‍යාපනවේදී (Bachelor of Labour Education) කියන ඩිග්‍රිය හදාරන්න. දැන් ඒකෙ අවසාන ටිකේ ඉන්නෙ. තව මාස කීපයකින් ඒක ඉවර වෙනවා. ඒ ඩිග්‍රිය HR, Labour relations වගේ දේවල් මූලික වෙච්ච උපාධියක්.
නමුත් මම කැමතියි IT වල information security field එකට. දැන් ඔයාලා අහයි ඇයි උඹ IT වලින් ඩිග්‍රියක් නොකර ඕක කළේ කියලා. එහෙම කළේ ඒක නොමිලේ රජයේ ශිෂ්‍යත්වයක් විදිහට ලැබුණ නිසාත් ඒක කොළඹ විශ්වවිද්‍යාලයේ අභ්‍යන්තර උපාධියක් නිසාත්. දැන් මම රජයේ සේවයේ ඉඳගෙන IT වලින් ඉස්සරහට යන්න නම් ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සේවයට යන්න වෙනවා. ඒකට යන්න එක්කෝ IT වලින් මූලික උපාධියක් හෝ IT නොවන උපාධියක් එක්ක IT පශ්චාත් උපාධියක් ඉල්ලනවා. රජයේ සේවයෙන් ඉවත් වෙලා IT industry එකට යනවා නම් මං හිතන විදිහට academic qualifications වලට වඩා professional qualifications + skills ඕන වෙයි (මං වැරදි නම් නිවැරදි කරන්න). IT වලින් මූලික උපාධියක් කරනවා නම් මේ දවස්වල register කරන UCSC BIT එක පටන් ගන්න පුළුවන්. නැත්නම් තව මාස කීපයකින් මේ ඩිග්‍රිය ඉවර උනාම UCSC එකේ MIT හෝ MIS (Master of Information Security) එක කරන්න පුළුවන් (Handbook එකේ තියෙන විදිහට ඒ දෙකම මට මේ ඩිග්‍රියෙන් ඉල්ලන්න පුළුවන්).
දැන් මට වඩා හොඳ;
1. මේ උපාධිය තියාගෙන රස්සාවත් කරන ගමන් BIT එක කරන එකද? ඒක self study කරලා කරන්න පුලුවන්ද?
2. මේ උපාධිය කරලා UCSC එකේ MIT හෝ MIS කරන එකද?
3. එහෙමත් නැත්නම් තවත් දේවල් තියෙනවද?
උඩ කිව්ව දේවල්වලට අමතරව මට Hardware networking දේවල් සාමාන්‍යයෙන් පුළුවන්. Java, PHP, MySQL, BootStrap, JavaScript ඇතුළු web development වල දේවල් සාමාන්‍යයෙන් පුළුවන්.
ඔයාලගේ දැනුම සහ අත්දැකීම් අනුව මට උපදෙස් දෙන්න. ජය වේවා!