Black fungus (කළු දිලීර රෝගය)

Ameesha2

Well-known member
  • May 17, 2011
    678
    1,811
    93
    colombo
    186494964_321253386024833_4349141989989708396_n.jpg


    මොකක්ද මේ කළු දිලීර රෝගය..

    මේ දවස් වල ඉන්දියාව කොවිඩ් 19 වසංගතයෙන් හොදින්ම බැට කාල ඉන්න වෙලාවෙ ,ඒ පිටටම ආපු කළු දිලීර වසංගතයක් ගැනත් අපට නිතර අසන්නට ලැබෙනවා..ඇත්තට මොකක්ද මේ කළු දීලීරය කියන්නෙ?

    Mucomycosis කියල හදුන්වෙන මෙම කළු දිලීර ආසාදනය වෛද්‍යවරුන්ට නම් අලුත් දෙයක් නෙවෙයි..මේක අපේ රටෙත් දක්නට ලැබෙන් ඉතා දුර්ලබ දිලීර ආසාදනයක් ..මේ දිලීරය අපේ පරිසරයෙ හැමතැනම වගේ තියනවා..දීරා ගිය ශාක කදන්, කුණු ගොඩවල් , පසේ වගේම අපේ ශරීරයෙත් මෙම දීලීරයට අපට හානියක් නැතිව ඡීවත් වෙනවා.. හැබැයි කෙනෙක්ට මේක ආසාදනය වෙලා රෝගී බවට පත් වෙන්නෙ බොහොම කලා තුරකින්..විශේෂයෙන්ම කෙනෙක්ගේ ප්‍රතිශක්ති කරන පද්ධතිය ( immune system) දුර්වල වෙච්ච අවස්ථාවක තමයි මෙම දිලීර රෝගය වැලදෙන්න..පාලනය නොකල දියවැඩියාව, පිළිකා රෝග සදහා ප්‍රතිකාර ගන්නා අ⁣ය, නිදන් ගත රෝග තියන අයට මේ රෝගය වැලදීමේ ප්‍රවනතාවය ටිකක් වැඩියි..

    කොහොම උනත් මේ රෝගය වැලදුන කෙනෙක්ව සුව කිරීම නම් ඉතාම අපහසු කාර්යක්.. දීලීර සදහා විශේෂ ඖෂධ ( Anti fungal treatments ) තිබුනත් එසේ ප්‍රතිකාර කරන රෝගීන් ගෙන් 50 % වඩා මිය යන එක වලක්වන්න බෑ..මේක පලමුවෙන්ම ආසාදනය වෙන්නෙ අපේ ඇස් , හිස් කබල ඇතුලත තියන තියන කුහර (sinus ) ප්‍රදේශ වලට පස්සෙ අපේ මොලය ආසාදනය කරනවා..මෙම ආසාදනය පාලනය කරන එක කොච්චර අමාරුද කියනව නම් සමහර විට රෝගියාගේ ජීවිතය බේරා ගැනීම සදහා මෙවැනි ආසාධිත කොටස් ශල්‍ය කර්ම මගින් සම්පුර්ණයෙන්ම අයින් කරල දාන්නත් සිද්ධ වෙනවා..සමහර අයගේ මූහූනේ කොටස් වගේම ඇස් උගුල්ලල අයින් කරන්න සිද්ධ වෙන අවස්ථාත් තියනවා..

    අප රෝහලේ මෑතකදී ප්‍රතිකාර කළ කොරෝනා නොවන කළු දීලීර රෝගීන් දෙදෙනාම කෙටි කලක් තුල මිය ගියා..දැන් තේරෙනව නේද මේ රෝගය කොච්චර භයානකද කියල..

    එතකොට මොකක්ද මේ කළු දීලීරය සහ කොරෝනා අතර තියන සම්බන්ධය? ඔව් ..කොරෝන හැදෙන හැමෝටම මේ රෝගය වැලදෙන්නෙ නෑ..විශේෂයෙන් අර මම කලින් කිව්ව ප්‍රතිශක්තිය අඩු අය සහ දිය වැඩියා රෝගීන්ට තමයි මෙම රෝගය වැලදීමේ අවස්ථාව වැඩි.. වෛද්‍යවරුන් විසින් covid 19 රෝගීන්ට භාවිතා කරන ස්ටීරොයිඩ් ( steroids) කාණ්ඩයට අයත් ඖෂධ මගින්නුත් දැනටමත් දියවැඩියාව පවතින කොරෝනා රෝගීන්ගෙ රුධිර සීනි මට්ටම තවදුරටත් ඉහල දානව. ඉතින් එවැනි රෝගීන්ට මෙකියන කළු දිලීර රෝගය වැලදීමේ අවදානමත් වැඩියි..ඉතින් අපි රට වහල දාල තියන අවදානම් කාලෙ කොරෝන වලින් විතරක් නෙවෙයි.. දියවැඩියාවෙනුත් ආරක්ෂා වෙලා හිටියොත් මේ කළු දිලීරය අපේ රටට ලොකු ප්‍රශ්නයක් බවට පත් වෙන එකක් නෑ..


    උපුටා ගැනීමකි
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,749
    1
    57,984
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    . වෛද්‍යවරුන් විසින් covid 19 රෝගීන්ට භාවිතා කරන ස්ටීරොයිඩ් ( steroids) කාණ්ඩයට අයත් ඖෂධ මගින්නුත්
    කොවිඩ් වලට steroid දෙන්න කියල කවුද මුන්ට උපදෙස් දුන්නෙ?
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,749
    1
    57,984
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    අපේ රට මොනවයින් අඩු උනත් ලෝකෙ තියෙන ඔක්කොම ලෙඩ ජාති ගෙනල්ල ස්වයන්පෝශිත කරල. ඉන්දියන් යුක්‍රේන් ඒ නොකී ඔක්කොම ගෙනාවනෙ ඩොලර් වලට නිරෝධායනේ වෙන්න
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,820
    8,158
    113
    Kotahena
    And your point?

    උබ කියන්නේ ස්ටෙරොයිඩ් වෙනුවට පකනිල් ගහන්න කියලද?

    ඒ කලේ කොරෝන වලට vaccine එක වත් ඇවිල්ල තිබුනේ නැහැ. vaccine එකෙන් උබලගේ අම්ම තාත්තාගේ ජිවිතේ බෙරුනාම තව අවුරුදු දෙකක් විතර ගිහින් vaccine එකෙන් සයිඩ් ඉෆෙක්ට් ආපුවහම, උබ අහයි කොවිඩ් වලට මේ vaccine දෙන්න කියල කවුද මුන්ට උපදෙස් දුන්නෙ? කියල 🥴