Black History

Caps Lock

Member
Nov 15, 2016
5,068
615
0
والله أكبر
වසර හැට එකකට පෙර අද වැනි දවසක රෝසා පාර්ක් නම් වූ කළු ජාතික කාන්තාව , බස් රථයේ තම අසුන සුදු ජාතිකයෙක් වෙත පිරි නැමීම ප්‍රතික්ෂේප කර සිරගත වූවාය. සුදු ආධිපත්‍යයට නොබියව අභියෝග කළ රෝසා පාර්ක්ව සිරගත කිරීම ඉතිහාසගත වන්නේ ඇමරිකානු වර්ණභේදය මුලිනුපුටා දැමීමේ පළමු වෙඩි මුරය ලෙසිනි.

1955 දෙසැම්බර් මස 1 වැනි දා රෝසා පාර්ක් ගමන් ගත් බස් රථයේ , කළු ජාතික - සුදු ජාතික ආසන පිරී පවතිද්දී අමතර සුදු ජාතිකයින් කීපදෙනෙක් බස් රථයට ගොඩ වැදිණ. සුපුරුදු පරිදි කළු ජාතිකයින්ට නැගිට තම අසුන් ඔවුන් වෙත ලබා දෙන් ලෙස රියදුරා විසින් අණ කරන ලදී. නමුත් රෝසා පාර්ක් එම ඉල්ලීම තරයේ ප්‍රතික්ෂේප කරන අතර ඇය පොලිස් අත් අඩංගුවට පත් වන්නීය. විප්ලවය ඇරඹෙන්නේ එතැන් සිටය.

ඩෙක්‌ස්‌ටර් බැප්ටිස්‌ට්‌ දේවස්ථානයෙහි ප්‍රධාන පූජක ධුරයට අලුතින්ම පත්ව පැමිණි "මාර්ටින් ලූතර් කිං" ප්‍රමුඛ කළු ජාතිකයින් ඓතිහාසික "මොන්ටිගෝමරි බස් වර්ජනය අරඹන්නේ " මේ සිදුවීමට විරෝධය පෑමක් ලෙසිනි. දින තුන්සිය අසූ දෙකක් පුරාවට හතළිස් දහසකට අධික කල්ලන් සමූහයක් විසින් දියත් කළ එම වර්ජනය අවසන් වුයේ ඔවුනට ජය අත් කර දෙමිනි. එය කළු ලෝකය සිහින දුටු සැබෑ නිදහස අත් වූ දිනය ලෙස හැඳින්වූවාට වරදක් නැත. නමුත් මේ ජයග්‍රහණය කරා ආ මාවතේ අහිමි වූ දෑ බොහෝය. සුණු විසුණු වූ දෑ බොහෝය. රෝසා පාර්ක් ගේ සහ ඇගේ සැමියාගේ රැකියා අහිමි වූ අතර කළු ජාතික ආගමික මධ්‍යස්ථාන ගිනිබත් විය. අවසානයේ මාටින් ලූතර් කිං ගේ ජීවිතයද වෙඩි උණ්ඩයක් විසින් උදුරා ගනු ලැබිණ.

ඒ ඉරණම්කාර දිනයේදී රෝසා පාර්ක් තම අසුන සුදු ජාතිකයෙක් වෙත පරිත්‍යාග කර මුනිවත රැක්කේ නම් , මෙතරම් ජන අරගලයකට ජීවය ලැබේයැයි සිතන්නට නොහැකිය. කළු සුදු භේදය පිළිබඳ ලෝක අවධානය මෙතරම් ප්‍රබල ලෙස යොමුවෙතැයි උපකල්පනය කළ නොහකිය. ඇමරිකානු කළු සුදු භේදයේ මිනී පෙට්ටියට අවසාන ඇණය මේ තරම් ඉක්මණින් වැදෙතැයි විශ්වාස කිරීම උගහටය.

නමුත් ඇය , රෝසා පාර්ක් නම් වූ හතළිස් දෙහැවිරිදි කාන්තාව එම ආශ්චර්යය මිහිමතට කැඳවීමට සමත් වන්නීය. අනාගත පරපුරක සැනසුම උදෙසා වර්තමානය කැපකරන්නට තරම් නිර්භය වූවාය. එබැවින් රෝසා පාර්ක් යනු ඇමරිකානු කළු ජන හදවත් ඉන්ද්‍රජාලිකව සුවඳවත් කළ සෙව්වන්දියක ලෙස හැඳින්වීම වරදක් නොවේ. ඉතිහාසය පුරා ඇය කළ කැපකිරීම් සහ විඳි වේදනාවලට එය උපහාරයක් වේ යැයි සිතිය නොහැකිද ?

සටහන මෙයාගෙ හොදේ... - සහන් කසීර වික්‍රමසිංහ -


15230623_10209941554872716_6714787412008206503_n.jpg


15271995_10209941555312727_8763269847678429121_o.jpg



15232163_10209941555872741_2013878136087638297_n.jpg


15219430_10209941556592759_1940227659819610545_n.jpg
 
  • Like
Reactions: jmzsl