Blog එකකින් උස්සපු පට්ට කවි පෙළක්

gayandinusha

Member
Jan 20, 2007
3,105
0
0
Avissawella
Blog එකකින් උස්සපු පට්ට කවි පෙළක්

මේක දැක්කම කට්ටිය එක්ක බෙදාගන්න හිතුනා
ඔන්න උස්සපු තැන http://samindikasrimantha.blogspot.com/2011/12/blog-post.html

ෂේන් පදිනවා තවුසන් කවසාකී.....

සිලින්ඩර්ම හතරයි එන්ජිම ලොකුය
කාබ් එකක් හරි ලෙඩ දුන්නොත් සොරිය
ෂොක් එක මොනෝ - යන එන කොට නම් සැපය
කෙට්ටු අපට හොන්ඩා හොනට් ලෙකු වැඩිය

අඩි හතරට පහට වඩා වැඩි වෙච්චී
ලෙකු හෙඩ් ලයිට් දෙක ඇස් ගෙඩි දෙක වෙච්චී
ගහේ යන එකත් කජ්ජක් නොම‍ වෙච්චී
අනේ මට හොදයි බාජා ටූ ෆිෆ්ටී

මැෂින් නැතිව මැනුවල් හයි කර කෑලී
ඇමරිකානුවන් මේවට හරි ලෝලී
පස්සෙ තියාගෙන තම ආදර බාරී
කොල්ලො පදිනවා ඩේවිඩ්සන් හාලි

කොල්ලට කොහෙම වෙතත් බල්ලට නම් නොහැකී
දිගට වඩා පලලට වැඩි ගොඩ නැවකී
රේස් පදින ලයිසන් ඇති මගේ සකී
ෂේන් පදිනවා තවුසන් කවසාකී

මඩේ යන්නේ ටී ඩබ්ලිව් ටූ හන්ඩ්‍රඩ්
ගලේ යන්නේ ටී ඩබ්ලිව් ටූ හන්ඩ්‍රඩ්
කැලේ යන්නේ ටී ඩබ්ලිව් ටූ හන්ඩ්‍රඩ්
උල පිල එකයි ට්‍රැක්ටරේට ටූ හන්ඩ්‍රඩ්

ටී ටී ආර් එකයි ඇක්සල් එකයි පොරේ
රේස් පදිනකොට කොල්ලන් කියයි හුරේ
ලිමිට් පැන්නොතින් අල්ලා දමයි හිරේ
ඩී ටී පදී තේ වත්තේ සින්න දොරේ

හතලිස් නමය සී සී එන්ජිම චූටී
දම්පාටයි ලා රතු පාටයි ස්වීටී
වර්කිං ගර්ල්ලගෙ තනි නොතනියට සිටී
කොල්ල පස්සේ කෙල්ල පදී ස්කූටී

පල්සර් තිස්පහයි හතලිහ අතර කරයි
ඩිස්කවරියත් තව ඩිංගක් වැඩිය කරයි
බොක්සර් එක ලීටරේට හැටක් කරයි
සී ටී එක පෙට්ට්‍රල් සුවදටත් දුවයි

කාර් වෑන් පැජරෝ ලොක්කන්ගේය
ඒ සී එකේ යනකොට සුරැ සැප වේය
වැස්සට තෙමී අව්වට අපි වේලේය
හැබැයි
මේවයේ තියෙන ආතල් ඒවයෙ නෑය