BMW I8 රථය
BMW i8 යනු BMW සමාගම විසින් නිර්මාණය කරන ලද Plugging-Hybrid ගනයට අයත් sports car රථයකි.
තත්පර 4.4 ක කාලයක් තුළදී BMW i8 රථයට 0 Km/h සිට 100Km/h ක වේගයකට ලගාවිය හැකිය. මෙය ධාවනය කල හැකි උපරිම වේගය පැයට කිලෝමීටර 250(160mph) කට ඉලෙක්ට්‍රොනිකව සීමා කර ඇත.
I8 රථයේ ඉදිරිපස රෝද කිලෝ වොට් 98 ක විදුලි මෝටරයකින්ද පසුපස රෝද කිලෝ වොට් 164 ක ජවයක් ඇති 1500cc turbocharged 3-cylinder එන්ජිමකින්ද බල ගැන්වේ.
මෙම මොටර් රථයේ ක්‍රම 3 කට ධාවනය සකස් කිරීමට පුලුවන් ඒCOMFORT, SPORT, ECO PRO වශයෙන්. මේ කාර් එකේ body එක chassis එක වගේ දෙවල් carbon fiber සහ aluminum හදලා උපරිම ඉන්ධන කාර්යක්ෂමතාවක් ලබාගෙන තිබෙනවා වගේම තමයි මෙහි විදුලිය පිරිමැසීම.සෑම විදුලි බල්බයකටම LED යොදාගෙන ඇති අතර ප්‍රධාන ලාම්පු ලෙස ප්‍රථම වතාවට ලෙසර් (Laser)ලයිට් එකක් මේ රථයේ භාවිත කර තිබෙනවා.මෙම ලේසර් බල්බයන් දැනට හයිබ්‍රිඩ් (Hybrid) කාර්වල භාවිතාවන LED වලටත් වඩා 30% පමණ කාර්යක්ෂම බවයි පැවසෙන්නේ.එවගේම විදුලි සහ පෙට්‍රල් එන්ජිම එකතුව අශ්වබල (Horse power) 357hp වගේ නිපදවන ඉතාමත් වේගවත් කාර් එකක් තමයි මේ BMW i8 කියන්නේ.මේහි බටරිය නැවත සම්පුර්ණයෙන් ආරොපණය කරන්න 220V ප්ලග් පොයින්ට් එකකින් පැය එක හමාරක් වගේ කාලයක් යනවා. Comfort mode එකේදි 500Km සහ Eco Pro mode එකේදි 600Km යන දුර ප්‍රමාණයක් මේ මෝටර් රථයට ගමන් කරන්න පුලුවන්. ඇත්තටම මේ කාර් එක Toyota Prius වගෙ කාර්යක්ෂම වන අතර තව පැත්තකින් රේසින් කාර් එකක් වගෙ වේගවත්. (source:- http://www.autoguide.lk/bmw-i8-හයිබ්‍රිඩ්-රථය/)
(මේ thread එක ලියන දිනයේ) Brand New මෝටර්රථයක බදු රහිත වටිනාකම :- ඇමෙරිකානු ඩොලර් $149,900 ( ශ්‍රී ලංකා රුපියල් 23,390,396.00)
Toyota Corolla Axio Hybrid රථය.
මෝටර් රථ මාදිලිය: Toyota COROLLA AXIO
ධාරිතාව: 5 දෙනෙක්
එන්ජිමේ ප්රමාණය: 1,500cc
ඉන්ධන පරිභෝජනය: 33.8km / L
(මේ thread එක ලියන දිනයේ) Brand New මෝටර්රථයක බදු රහිත වටිනාකම toyota.jp වෙබ් අඩවියට අනුව (Axio WXB) :- ජපන් යෙන් 2,482,920 ( ශ්‍රී ලංකා රුපියල් 3,653,510.51)
මාත් එක්ක ඇරගන්න එන කාර් සේල් කරුවන් සදහා:-
මෙම මිල ගනන් අදාල රටේ සිට ශ්‍රී ලංකාවෙ වරාය වෙත ප්‍රවාහනය සහ ඒ හා බැදුනු අනෙක් වියදම් ගනනට එකතු කර නැත. එයට හේතුව මම ඒ ගනන් නොදැනීමයි
තවද auction prices අනුව වාහන වල වටිනාම සුලු වශයෙන් එහා මෙහා වන බවද සදහන් කරමි. බදු ගනනය කිරීමේදී තවත් සුලු බදු එකතු වේ..
Here comes the Fun part

1.) BMW I8 රථයක් මගින් ශ්‍රී ලංකා රජය විසින් අය කෙරෙන බදු මුදල (roughly calculated value)
= එන්ජින් ධාරිතාව × ඒකකයකට බදු මුදල
=1500cc × 2500
= රුපියල් 3,750,000
I8 රථයේ මුලු වටිනාකම = 23,390,396.00 + 3,750,000
= රුපියල් 27,140,396
බදු වදින ප්‍රමාණය වටිනාකමින් ප්‍රතිශතයක් ලෙස = 16.03%
2.) Axio hybrid රථයක් මගින් ශ්‍රී ලංකා රජය විසින් අය කෙරෙන බදු මුදල (roughly calculated value)
= එන්ජින් ධාරිතාව × ඒකකයකට බදු මුදල
=1500cc × 2500
= රුපියල් 3,750,000
Axio රථයේ මුලු වටිනාකම = 3,653,510.51 + 3,750,000
= රුපියල් 7,403,510.51
බදු වදින ප්‍රමාණය වටිනාකමින් ප්‍රතිශතයක් ලෙස = 102.64%
Real Life prices
Check this out on ikman.lk: Toyota AXIO WXB NEW FACE 2017 http://ikman.lk/en/ad/toyota-axio-wxb-new-face-2017-for-sale-colombo-8
Check this out on ikman.lk: BMW I8 Plug-in Hybrid 2016 http://ikman.lk/en/ad/bmw-i8-plug-in-hybrid-2016-for-sale-colombo-1
Check this out on ikman.lk: BMW I8 2017 http://ikman.lk/en/ad/bmw-i8-2017-for-sale-colombo-9
Check this out on ikman.lk: BMW i8 2018 http://ikman.lk/en/ad/bmw-i8-2018-for-sale-colombo
http://www.customs.gov.lk/tariffchanges/home
Last edited:




oka dahamgeda bn
