BNS Drive In Concert- කොරෝනාට අභියෝග කල ලාංකීය Events

gayanga3036

Well-known member
  • Feb 3, 2015
    118
    140
    63
    EARTH
    [url=https://ibb.co/m83fsJV] [/URL]


    BNS Drive in concert

    අහඹු ලෙස දැක්ක දෙයක් ගැන පොඩි සටහනක් තියන්න හිතුනා.
    තුන් කල් දක්නා නුවණින් යුතුව organize කරපු පට්ට event එකක්. සරළවම කියනවනම් වැඩේ වෙලා තියෙන්නේ මෙහෙමයි. ගායකයෝ සෙට් එක stage performing කරද්දි ශ්‍රාවකයෝ තම තමන්ගේ වාහන වලට වෙලා ප්‍රසංගය ශ්‍රව්‍ය හා දෘශ්‍ය ලෙස රස විදීමේ ක්‍රමයක් තමා මෙතනදි වෙලා තියෙන්නේ. රත්මලානේ ගුවන් හමුදා ක්‍රීඩා පිටියේ තමයි concert එක තිබුනේ. වැඩේ බොහොම සාර්ථකයි.සියලුම tickets sold out වෙලා. මැයි 30 හා 31 යන දෙදින තුල මෙය පැවැත්වීමට දින යොදා තිබ්බා. මැයි 30 show එක කියලා තිබුනු විදියටම පැවැත්වුනා. 31 curfew නිසා එදිනට අදාල ප්‍රසංගය ජුනි 1 දින පැවැත්වෙනවා.

    මේ event organizer ගේ මං දකින වැදගත්ම කරුණු කිහිපය වෙන්නේ,

    ✅ගැලපෙනම audiance එකක් target කරලා තිබීම.

    පහුගිය දවස් වල කොළඹ දිස්ත්‍රික්කයට පනවලා තිබුනු දීර්ඝ කාලීන ඇදිරිනීතිය එක්ක එහි වැසියන් ලොකු මානසික ආතතියකට මුහුණ දීලා හිටියේ. ඉතිං ඒ ආතතියෙන් යම් අයුරකට මිදෙන්න පුළුවන් විදියේ දෙයක් තමා මෙතනදි event planner හදුන්වලා දුන්නේ. මිනිස්සු මේ ලැබුනු chance එකෙන් උපරිම fun එක ගත්තා. අද දවසේ පැවැත් වීමට නියමිත show එකේදිත් ඒ විදියටම මේ දේ වෙයි.

    ✅රටේ මේ වෙලාවේ තියන තත්වය මනාව වටහාගෙන ඒකට ගැලපෙන විදියට Event venue , security , safety procedures & Social distance ,Technology,Pricing , CSR activities ආදී එකී නොකී සියලු දේම මනාව plan කරලා මේ event එකේ දක්නට තියනවා.

    මේ තියෙන්නේ participantsලට ඒ අය දීලා තිබුනු උපදෙස් මාලාව

    1. මෙම අන්තර්ජාල ප්‍රවේශ පත්‍රය එක වාහනයක් සඳහා පමණක් වලංගු වේ.
    2. ආරක්ෂක ක්‍රමවේදයන් හිදී සියලු දෙනාගේ පහසුව පිණිස එකවරකදී එක් වාහනයක් සඳහා එක් ප්‍රවේශපත්‍රයක් පමණක් ලබාගන්න.
    3. ප්‍රවේශපත්‍රය ලබාගැනීමේදී ඔබ ඇතුලත් කරන තොරතුරු වල ( වාහන අංකය, ජාතික හැඳුනුම්පත් අංකය, ප්‍රවේශපත්‍රය ලබාගත් වාහන වර්ගය ආදී...) සඳහන් පුද්ගලයන්ට සහ වාහන වලට පමණක් ප්‍රසංගය පැවැත්වෙන පරීශ්‍රයට වහනය ඇතුලත් කිරීමට හැකියාව ඇත.
    4. වෙනත් පුද්ගලයන් හෝ වාහන සඳහා ඔබ ටිකට්පත් වෙන්කිරීම නොකළ යුතුය.
    5. ආරක්ෂක හේතුන් මත කිසිදු අයුරකින් එදින දොරටුවෙන් ප්‍රවේශපත්‍ර වෙන්කරවාගත නොහැක. ප්‍රසංගය පැවැත්වෙන දින දහවල් 12ට අන්තර්ජාල ප්‍රවේශපත්‍රය / ඇඳිරිනීති අවසරපත් නිකුත්කිරීම අවසන් වේ. කරුණාකර ඉහත දක්වා ඇති කාලයට පෙර ඔබගේ ප්‍රවේශ පත්‍රය වෙන්කරවාගන්න.
    6. මෙම අන්තර්ජාල ප්‍රවේශපත්‍රය නිකුත් කිරීමේදී වාහන වර්ගීකරණය කර ඇත්තේ ලියාපදිංචි වාහනය කාණ්ඩය යටතේ නොව ප්‍රසංග සංවිධායකයන් විසින් වාහන වර්ගකිරීම අනුවය. මේ සඳහා උපයෝගීකරගෙන ඇත්තේ වහනයේ දිග, උස, පළල ආදී පරවිතරයන් අනුවය. උදාහරණ ලෙස ඒ ඒප්‍රවේශ පත්‍ර කාණ්ඩය අනුව අදහස් කෙරෙන වාහන කාණ්ඩය ප්‍රවේශපත්‍රය මිලදීගැනීමේදී අප විසින් සඳහන් කර ඇත. කරුණාකර එම නිසා ප්‍රවේශ පත්‍රය මිලදී ගැනීමට පෙර මෙම කරුණ පිළිබඳව අවධානය යොමු කරන්න.
    7. යම් ලෙසකින් වැරදි වාහන කණ්ඩයක් සඳහා ඔබ ප්‍රවේශ පත්‍රය මිලදී ගතහොත් ප්‍රසංගය භූමියට වාහනය ඇතුල්කිරීමේ සිට ප්‍රසංගය නරඹා ඉන් පිටව යනතෙක් ඇතිවිය හැකි ගැටළු සම්භන්දයෙන් අප ආයතනය වගකීමක් නොදරනු ඇත. තවද අමතර ගෙවීමකට ද යටත් විය හැක.
    8. එක් එක් වාහන කාණ්ඩය අනුව ඉදිරිපස අසුන් දෙක සමග පැමිණිය හැකි උපරිම සීමාව දක්වා දක්වා ඇත්තේ සෞඛ්‍ය අංශ විසින් ලබා දී ඇති රෙගුලාසි වලට යටත්ව වේ. නමුත් ඉදිරිපස අසුන්වල දෙදෙනාට හැර අන් අයට ප්‍රසංගය පැහැදිලිව නැරඹීමට ඇති හැකියාව පිළිබඳව අප ආයතනය කිසිඳු වගකීමක් නොදරයි.
    9. කැබ් රථ ආදී පොදු ප්‍රවාහන මාර්ගයන් හැර ඔබගේ ප්‍රවේශ පත්‍රයේ තොරතුරු ඇතුලත් පුද්ගලික වාහනය පමණක් මෙම ප්‍රසංගයට පැමිණීමට භාවිතා කරන්න.
    10. ආරක්ෂක හේතුන් මත ඔබගේ අන්තර්ජාල ප්‍රවේශපත්‍රයේ මුද්‍රිත පිටපත සමග ජාතික හැඳුනුම්පත ආරක්ෂක අංශවෙත ඉදිරිපත් කරන්න.
    11. ඔබ ලබාගත් ප්‍රවේශ පත්‍රය අනුව ඔබගේ වාහනයට වෙන්කර ඇති කොටසේ වාහනය නැවත්වීම සිදු කරනු ලබන්නේ ඔබ පැමිණෙන පිළිවෙල අනුවය.
    12. ප්‍රසංගය ශ්‍රවණය කිරීමට ඔබගේ වාහනය තුල එෆ්.එම් සංඛ්‍යාත සහිත (88-108 MHZ ) ගුවන් විදුලි යන්ත්‍රයක් සහ ශබ්දවාහිනී උපකරණ වලින් සමන්විය යුතුවේ.
    13. ඇඳිරිනීති කාලය තුලදී මෙම ප්‍රසංගයට යාමට සහ ඒමට අවසර පතක් ලෙස මෙම අන්තර්ජාල ප්‍රවේශපත ආරක්ෂක අංශ විසින් පිළිගෙන ඇත. එම නිසා මෙම ප්‍රවේශ පත්‍රයේ මුද්‍රිත පිටපතක් ලඟතබා ගන්න.
    14. පවතින ඇඳිරිනීති තත්වයන් සහ සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රියාමාර්ග හේතුවෙන් මෙම ප්‍රසංගය බස්නාහිර පළාතේ සිටින ජනතාව වෙත සිමාකොට ඇත. නමුත් ආරක්ෂක සහ සෞඛ්‍ය අංශ වල විශේෂ අවසර මත තමන්ගේ අභිමතය පරිදි මෙමෙ ප්‍රසංගයට පැමිණීමට අනෙක් පළාත්වල ජනතාවට හැකියාව ඇත. එම අවසර පුද්ගලිකව ඔබ විසින් එම අංශ වලින් ලබාගත යුතු අතර අප ආයතනය හෝ සංවිධායකයන් එම කරුණ සම්භන්දයෙන් කිසිදු ලෙස මැදිහත්වීමක් හෝ වගකීමක් නොදරයි.
    15. වාහනයේ ගමන්කල හැකි පිරිස (දරුවන් සමගින්) උපරිම සීමාවකට යටත්කොට ඇත. එම නිසා දක්වා ඇති ප්‍රමාණයට වඩා අමතර පුද්ගලයන් රැගෙන එම සපුරා තහනම් වන අතර එසේ රැගෙන පැමිණෙන පුද්ගලයන් සඳහා එක අයකුගෙන් (දරුවන් සමගින්) රුපියල් 5000/= ක මුදලක් අමතරව එම ස්ථානයේදී අයකරනු ලබන අතර පරිශ්‍රයට යාමට පෙර වහනයට සහ සියලු පුද්ගලයන්ට අමතර අවසරයක් සෞඛ්‍ය අංශ වෙතින් ලබාගත යුතුවේ.
    16. ප්‍රසංගය සවස 5.00 ට ආරම්භ කිරීමට නියමිතය. මෙම වෙලාව කාලගුණය ඇතුළු එම අවස්ථාවේ පවතින තත්වයන් තුල සුළු වෙනස්වීමකට ලක්විය හැක.
    17. මෙම ප්‍රසංගයට පැවැත්වෙන්නේ අධි ආරක්‍ෂිත කලාපයක බැවින් පැමිණෙන සියලු දෙනා සහ වාහන දැඩි පරික්ෂාවකට ලක් කරනු ලැබේ. එබැවින් කල්වෙලා ඇතිව ( පැයකට පමණවත් පෙර) ප්‍රසංගය සඳහා ප්‍රවේශවන මාර්ගයට වාහන ඇතුලත් කරගැනීමට කාරුණික වන්න.
    18. ආරක්ෂක පියවරයන් සහ පරීක්ෂාවන් සඳහා සියලු දෙනා අනුගත වියයුතු වන අතර ඒ සඳහා යම් කාලයක් වැයවිය හැකි බවද කරුණාවෙන් සලකන්න.
    19. මෙම ප්‍රසංගය පැවැත්වෙන්නේ සියලු ආරක්‍ෂිත සෞඛ්‍ය ක්‍රමවේදයන්ට අනුකුලව බැවින් ඔබ සියලු දෙනා සෞඛ්‍ය අංශ ලබා දී ඇති උපදෙස් එම අයුරින් පිළිපැදිය යුතුවන අතර එසේ නොවන අයවලුන් සෞඛ්‍ය අංශ පරීක්ෂාවෙන් පසු ප්‍රසංග භූමියෙන් ඉවත් කිරීමට කටයුතු කෙරෙනු ඇත.
    20. ඔබගේ වාහනය ගුවන් තොටුපල පරිශ්‍රයට ඇතුලත් කල පසු නැවත ප්‍රසංගය අවසන් වී පරිශ්‍රයෙන් බැහැරවන තෙක් කිසිදු හේතුවක් මත වාහනයෙන් බැස ඉවතට ගමන් කිරීමට අවසර හිමි නොවේ. එබැවින් පරිශ්‍රයට ඇතුල් වීමට පෙර ඔබගේ සියලු අවශ්‍යතා සපුරා ගැනීමෙන් පසු පමණක් වාහනය පරිශ්‍රය තුලට ඇතුළු කරන්න.
    21. පරිශ්‍රය තුලදී ඔබට අහාර සහ සිසිල් බීම ආදිය මිලදී ගැනීමට අවස්ථාවක් නොලැබේ. අවශ්‍යනම් පිටතින් අහාර සහ සිසිල් බීම වර්ග රැගෙන ඒමට අවසර ඇත.
    22. කසල බැහැර කිරීමට කිසිදු අවසරයක් පරිශ්‍රය තුල නොමැති අතර සියලු කසල ද්‍රව්‍ය ඔබ සමගම රැගෙන යන්න.
    23. දුම්වැටි සහ මත්ද්‍රව්‍ය භාවිතය සපුරා තහනම් වේ.
    24. ආරක්ෂක අංශ මේ කරුණු පිළිබඳව දැඩි අවධානය යොමු කරන අතර ආරක්ෂක අංශ සඳහා සහයෝගය නෙදෙන සහ උපදෙස් පිළිනොපදින අයවලුන් පරිශ්‍රයෙන් ඉවත් කිරීමට කොන්දේසි විරහිතව නීතිමය බලතල ඇත.
    25. ප්‍රවේශ පත්‍රය මිලදීගත් පසු කිසිදු අයුරකින් ප්‍රවේශ පත්‍ර මුදල් නැවත ලබාදීමක් හෝ ටිකට් පත්‍රය අයත් වාහන කාණ්ඩය වෙනස් කිරීමක් කිසිදු අයුරකින් සිදු නොකරනු ලැබේ.
    26. අප ආයතනය මෙම ප්‍රසංගයේ නිල අන්තර්ජාල ප්‍රවේශපත්‍ර නියෝජිත ආයතනය වන අතර ප්‍රසංගයේ සංවිධාන කටයුතු සම්බන්ධයෙන් මයි ටිකටස් ආයතනය කිසිඳු වගකීමක් නොදරයි.
    27. උත්සව සංවිධායකයන්, ආරක්ෂක අංශ සහ සෞඛය අංශවල තීරණය අවසාන තීරණය වන අතර ඉහත උපදෙස් වලට අනුගතනොවීම තුල ඔබට ඇතිවන අපහසුත්වයන්ට මයි ටිකටස් ආයතනය කිසිඳු වගකීමක් නොදරයි.

    මේවගේ අලුත් වැඩ අපේ රටේ events management industry එක වෙනස් කරනවා නොඅනුමානයි.ඒ අලුත් වන දේවල් ගැන දැනගන්න එන්න අපේ group එකට

    #Sri_Lankan_HTE_Genius_Club#
    #Like_Share_Join#
    🏄‍♀️🚵‍♂️🧗‍♀️🍻🍺☀️🌧🌈🇱🇰
    ආගන්තුක සත්කාර ,සංචාරක, සිද්ධි පිළිබඳ කළමනාකරණය විෂයන්හි නව මානයන් සොයන්න
    එන්න අපේ group එකට,
    ☑️ Comment
    ☑️ Tag
    ☑️ Share
    ☑️Invite Others