කායවර්ධනය විවිධ කොටස් වලට බෙදෙනවා. Bodybuilding හා Fitness කියන්නෙත් කොටස් දෙකක් කිව්වොත් නිවැරදියි.
බොඩිබිල්ඩිං කරන අයට උදාහරණ කීපයක් දුන්නොත්
1. ආනෝල්ඩ් (arnold schwarzenegger)
2. ජේ කට්ලර් (jay cutler)
3. රොනී කෝල්මන් (ronnie coleman)
4 ක්‍රිස් ගෙතින් (kris gethin)
ෆිට්නස් අංශයේ ඉදිරියෙන්ම සිටින්නන් කීප දෙනෙකුගේ නම් කිව්වොත්
1. ලේසාර් ඇන්ජෙලොව් (Lazar Angelov)
2. කොලින් වේන් (colin wayne)
3. ස්ටීව් කුක් (Steve Cook)
4. සර්ජි කොන්ස්ටන් (Sergi Constance)
ඇත්තටම පළමු ලිපියෙන් කිව්වා වගේ ලංකාවේ අයට මේ අංශය ගැන තිබෙන්නේ අල්ප දැනුමක් මෙන්ම හරිම අමුතු හැඟීමකි.
ඇඟපත විශාල, නමුත් body fat percentage එක වැඩි(''කට්'' එක අඩු) අයෙකු හා
ඇඟපතින් කුඩා, නමුත් body fat percentage එකෙන් අඩු(''කට්'' එක වැඩි) දෙදෙනෙකු අරගෙන බලමු.
එය ලංකාවේ කීපදෙනෙක්ගෙන් ඇහුවොත් හොඳම ඇඟ කාගෙද කියලා, එක පයින්ම උත්තරයක් දේවි අර කෙට්ටු කට් ඇඟක් තියෙන කෙනා කියලා. ඔවු අනිවාර්යෙන්ම.
අපි ඔය කියන ඇගේ කට් එක ඇතිවෙන්නේ ඇග තුළ තිබෙන මේද ප්‍රමාණය අනුව. මේද ප්‍රමාණය අඩුවෙන්න අඩුවෙන්න ඇගේ ''කට්'' එක පෙනෙන්න ගන්නවා.
ඒ විදියට බැලුවොත් ඇඟ හදන්න ජිම් එකක පුහුණුවෙන්න(training in a gym) ඕන නෑ.
අපහාසයකට නෙවෙයි, නමුත් දවසෙ කුලියට වැඩකරන අයව එතකොට තරඟාවලි(meet) වලට යවන්න පුලුවන්.
මොකද ඒ අයගෙ සිරුරු වල මේද ප්‍රමාණය අනෙක් අයට වඩා දහනය වන නිසා හා සිරුරේ මංශ එතරම් නැති නිසා ඔය කියන ''කට් එක'' පේනවා.
පළමු ලිපියෙන් කිව්වා වගේ ගොඩක් අය මේ අංශයෙන් නවතින්නෙත් ඔය හේතුව නිසා. ඒ අත්දැකීමට මුහුණදෙන්නේ body types 3න් එක් කොටසකට තමයි වැඩිපුරම.
ඒ අයගේ ඇගේ මාංශපේෂීන් ඉක්මනින්ම හැදෙන අතර ඇගේ තියෙන fat එක අයින් වෙන්නෙ හෙමිහිට. ඒ කියන්නෙ කට් වෙන්නෙ හෙමිහිට. එතකොට එයාගෙ යාලුවො එයා ෂර්ට් එක ගලවපු වෙලාවට එකසැරේටම කිව්වොත් ''අපෝ බං මෙච්චර කල් ජිම් ගිහිනුත් ඇඟ ජොල් නේ'' කියලා...?
එයා එච්චර කල් කරපු හැමදේම ගැන එයාට ඇතිවෙන හැඟීම මොකක්ද? එයාගෙ බලාපොරොත්තු සම්පූර්ණයෙන්ම බිඳ වැටෙනවා. හිතාගෙන හිටපු සේරම අතෑරලා දාලා එයා train කරන එක නවත්වනවා. ඒක තමයි අන්තිමට වෙන්නෙ. එහෙම නේද?
මම ඒකයි මේ ගැන පළමු කොටසෙන්ම ඔයාට කියන්නෙ. ඔයා කවදාවත් කවුරුහරි එහෙම කිව්වට තමන්ගේ ඉලක්කය නවත්තගන්න හොඳ නෑ. අනිත් එක, කෙනෙක් තවකෙක්ව විවේචනය කරන්න ඕන තමන් එයාට වඩා හොඳ නම්.
මම අත්දැකීමෙන් දෙයක් කියන්නම්. Sports ගැන හැඟීමක් දැනීමක් තියෙන්නෙ ඒ අංශයේ ඉන්න අයට තමයි වැඩිපුරම. ඒවගේම ඔයාගෙ ඇගේ වර්ධනයක්/වෙනසක් පේන්නෙත් ඒ ගැන ටිකක් හෝ දන්න කෙනාට තමයි.
කායවර්ධනය ගැන කිසිදෙයක් නොදන්න කෙනෙක් කොහොමද සෙල්ලම් කරන ඔයා ගැන විනිශ්චය කරන්නෙ? නේද?
මේ ක්‍රීඩාවෙදි ඔයාට මුලින්ම ලැබෙන්නෙ මල් කළඹවල් නෙවෙයි. ඒක හොඳට සිහියට ගන්න ඕන. නමුත් ටිකක් කල් යනකොට ඔයාට ඒ දේවල් ලැබෙන්න ගනිවි අනිවාර්යෙන්ම.
මුලින් කිව්වා වගේ, ඔයා ඔයාගෙ හිත හොඳට හදාගන්න ඕන. ඉලක්කයක් ගන්න මම අනිවාර්යෙන්ම මෙන්න මේ වගේ වෙනවා කියලා. ඒ ඉලක්කයට වැඩ කරන්න ඕන.
ඒවගේම ඉවසීම තියෙන්න ඕන හොඳට. මාසෙන් දෙකෙන් ඇඟ හදන්න පුලුවන් නම්, බිල්ඩර්ස්ලාට අවුරුදු 10, 20 පුහුණුවෙන්න ඕන නෑනේ.
මම හිතන්නෙ මම ඔයාගෙ ඔලුවට ඕන දේවල් ටික දැම්මා. අපි ඊළඟ ලිපියෙන් පුහුණුවීම් වලටම යමු. ඔයා ජිම් එකකට යනකොට පුලුවන් නම් Gym partner කෙනෙක් හදාගෙනම යන්න.(ඔයාගෙ යාලුවෙක් එක්ක යන්න). නැත්නම් ජිම් එකේදිම හොඳ යාලුවෙක්ව හදාගන්න.
Bodybuilding part 1
Bodybuilding part 2

+7

මට තියෙන එකම ප්‍රශ්ණෙ ඕක. දවසට කෑම වේල් 6 - 7 මොනව කන්නද කියන එක සහ කොහොමද ඒව හදාගන්නෙ කියන එක. ගොඩක් උන්ට මේ ප්‍රශ්ණෙ ඇති ඇඟ හදාගන්න එකට වඩා. මොකද ලංකාවෙ කෑමනෙ පාවිච්චි කරන්න වෙන්නෙ මේ වැඩේට. ඒ නිසා පුළුවන් නම් කෑම ගැන ත්‍රේඩ් එකක් දාපන් මචන්. 