BOI Job එකකට application එකක් දාමු

oracle ckc

Active member
  • May 13, 2012
    794
    156
    43
    හිත ගිය තැන
    BOI Job එකකට application එකක් දාමු

    BOI Job එකකට application එකක් දාමු

    working-girl-450-21413.jpg
    ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අනුමැති ලත් හෝ නොලත් ඕනෑම ආයතනයක් (සමාගමක්) සහ රැකියා අපේක්ෂාවෙන් සිටින්නන් අතර අන්‍යොන්‍ය සම්බන්ධවීම මත එම ආයතනවල ඇති සුදුසු රැකියා සොයා ගැනීමට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ "මාර්ගගත රැකියා බැංකුව" හරහා පහසුකම් සැලසීම.


    සුදුසුකම්

    එක් එක් කර්මාන්තශාලා හෝ ආයතනවල පවතින රැකියාවල ස්වභාවය අනුව සුදුසුකම් තීරණය වේ.
    කෙසේ වෙතත් අට (8) වන ශ්‍රේණිය දක්වා හෝ අධ්‍යාපනය ලබා තිබීම රැකියාවක් ලබා ගැනීමට පහසුවක් වනු ඇත.
    "මධ්‍යම රැකියා බැංකුවේ" ලියාපදිංචිය සඳහා වයස අවුරුදු දහනමය (19) ඉක්මවා සිටිය යුතුය.
    මහන මැෂින් ක්‍රියාකරවන්නියන් සහ අත් උදව්කරුවන් සඳහා අ. පො. ස. (සා. පෙ.) දක්වා අධ්‍යාපනය ලැබ තිබීම.
    තත්ව පරීක්‍ෂකයන් (Quality Checkers) සඳහා අ. පො. ස. (උ. පෙ.) දක්වා අධ්‍යාපනය ලැබ තිබීම.
    අනෙත් රැකියා සඳහා, අ. පො. ස. (උ. පෙ.) සමත් වී තිබීම සහ අයදුම් කරන ක්‍ෂේත්‍රයේ පළපුරුද්ද සමඟ වෙනත් අදාළ වෘත්තීමය සුදුසුකම්.
    ඉල්ලූම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය : ("මධ්‍යම රැකියා බැංකුවේ" ලියාපදිංචිය සඳහා)

    ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන :
    මේ සඳහා නියමිත වූ ඉල්ලුම් පත්‍රයක් නොමැත.

    පහත සඳහන් ක්‍රම වලින් රැකියා බැංකුව සමග සම්බන්ධ වී එහි සේවය ලබාගත හැක.
    තමන්ම පිළියෙල කළ ජීව දත්ත පත්‍රිකාවක් පහත දක්වන ක්‍රම මගින් යොමු කරන්න.
    විද්යුත් තැපෑල මගින් [email protected] හෝ [email protected] ඊ-මේල් ලිපිනයට යොමු කිරීම.
    ෆැක්ස් මගින් +94-11-2427097 අංකයට යොමු කිරීම.
    සාමාන්‍ය තැපැල් මාර්ගයෙන් පහත ලිපිනයට යොමු කිරීම.
    පවිත්‍රා රාජපක්‍ෂ මිය,
    විධායක සහකාරිනී,
    රැකියා බැංකුව,
    ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය,
    26 වන මහල, ලෝක වෙළඳ මධ්‍යස්ථානය,
    එචිලන් චතුරශය, කොළඹ 01.

    ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ රැකියා බැංකුවේ www.jobbank.lk ලිපිනයැති වෙබ් අඩවියේ තමන් විසින්ම ලියාපදිංචි වීම. (මෙයද ඔබට රැකියා බැංකුවේ ලියාපදිංචිවීමට වඩාත්ම පහසු සහ සුදුසුම ක්‍රමයකි.)
    මෙහිදී තමන්ටම රැකියා බැංකුවේ ලියාපදිංචි වීමට පහසුකම් සලසා ඇති අතර, පවතින රැකියා පුරප්පාඩු පිළිබඳ විස්තර තමන්ටම බලාගත හැකිය.
    තවද, තමන්ටම සුදුසු රැකියාවකට තම අයදුම්පත යොමු කරවා ගත හැකිය.

    ඉල්ලූම්පත් ලබා ගැනීමට ගෙව්ය යුතු ගාස්තු: ගාස්තු අය කරන්නේ නැත.
    ඉදිරිපත් කළ යුතු වේලාවන්: ඉහත ක්‍රම මඟින් දවසේ ඕනෑම වේලාවක අයදුම්පත් එවිය හැකිය.
    වැඩි විස්තර දැනගැනීම සඳහා රජයේ වැඩ කරන දිනවල උදේ 9.00 සිට සවස 4.00 දක්වා පවිත්‍රා රාජපක්‍ෂ මිය (+94-11-2427138) හෝ රේණුකා ගුණසිංහ මිය (+94-11-2427053) අමතන්න.
    සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු: ගාස්තු අය කරන්නේ නැත.
    සේවාව ලබා දීමට ගත වන කාලය ( සාමාන්‍ය සේවා හා ප්‍රමුඛ සේවා)
    රැකියාව ලබා ගැනීමට ගතවන කාලය තීරණය වන්නේ අදාල ආයතනවල පවතින රැකියාවල ස්වභාවය, තිබෙන පුරප්පාඩු ප්‍රමාණය සහ රැකියාලාභියාගේ සුදුසුකම් මතය.
    රැකියා ලබාදීමේ අවසාන තීරණය අදාල ආයතන සතුය.
    සම්මුඛ පරීක්ෂණ සදහා කැඳවීම් කරනු ලබන්නේ අදාල ආයතන මගිනි.
    අවශ්‍ය සනාථ කරන ලියකියවිලි (මුල් පිටපත් සමග ඡායා පිටපත්ද රැගෙන එන්න)
    සම්මුඛ පරීක්‍ෂණයට අදාල ආයතන වෙත පැමිණෙනවිට, සුදුසුකම්, අනන්‍යතාව සහ පළපුරුද්ද සනාථ කරන පහත සඳහන් ලිපිලේඛන රැගෙන යා යුතුය.

    උප්පැන්න සහතිකය.
    අධ්‍යාපන සහතික.
    පළපුරුද්ද ඇත්නම් ඒ පිළිබඳ සහතික.
    ග්‍රාම සේවා නිලධාරිතුමාගේ සහතිකය.
    ජාතික හැඳුනුම්පත හෝ සමාන හැඳුනුම්පතක්.
    සේවා භාර මාණ්ඩලික නිලධාරීන් - අවශ්‍ය උපදෙස් ලබාගැනීමට

    තනතුර
    නම අංශය දුරකථනය ෆැක්ස් ඊ-මේල්
    විධායක සහකාරිනී පවිත්‍රා රාජපක්‍ෂ මිය රැකියා බැංකුව,
    26 වන මහල, * +94-11-2427138 +94-11-2427097 [email protected]
    විධායක සහකාරිනී රේණුකා ගුණසිංහ මිය ආයෝජන ප්‍රවර්ධන චෙපාර්තමේන්තුව
    26 වන මහල, * +94-11-2427053 +94-11-2422407 [email protected]
    * ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය,
    බටහිර කුඵණ,
    ලෝක වෙළඳ මධ්‍යස්ථානය,
    කොළඹ 01.


    ආයතනයේ තොරතුරු

    ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය
    ප්‍රධාන කාර්යාලය:

    තැ.පෙ. 1768,
    05, 06, 08, 09, 19, 24, 25 සහ 26 මහල්,
    බටහිර කුළුණ,
    ලෝක වෙළඳ මධ්‍යස්ථානය,
    එචිලන් චතුරස්‍රය,
    කොළඹ - 01,
    ශ්‍රී ලංකාව.


    වයි. ආර්. පෙරේරා මහත්මිය.
    දුරකථන:+94-11-2434403 - 5, +94-11-2435027, +94-11-2385972 - 6, +94-11-2346131 - 3, +94-11-2447531,
    ෆැක්ස් අංක:+94-11-2447995, +94-11-2430512, +94-11-2422407, +94-11-2329795
    විද්‍යුත් තැපෑල: [email protected]
    වෙබ් අඩවිය: www.investsrilanka.com









    Kattiyata watiwi kiyala hithuna.ekai damme.repost nam sorry hode.kattiyata balaganna balala nikan yanne nathuwa bump ekak wath danna yaluwane.kaata hari wadagath wei ne.


    gaththe meken..

    www.mirrorgirl.lk/my-life/2012-12-31-12-26-41/206-boi-jobs
     
    • Like
    Reactions: ABACUS