තහඩු වලින් හදපු ටෙම්ප්ලේට් එකක් වගේ තමා. ටෙම්ප්ලේට් එකක්, කොඩින් කරන්න කලින් මේක ලෝඩ් කරගෙන අපේ ප්‍රොජෙක්ට් එක එක උඩ හදාගන්නවා. වේගෙන් ඉවර කරන්න පුළුවන්. වැඩියෙන්ම යූස් කරන්නේ වෙබ් ඩිවෙලොප්මන්ට් වැඩ වලට. එකේදී බොයිලර්ප්ලේට් එක තමයි HTML කෝඩ් එක. හෙඩින් බොඩි එක එහෙම දාගෙන ටෙම්ප්ලේට් එක හදාගන්නවා. වෙනත් ඕනෙම කොඩින් වැඩකට ගන්නත් පුළුවන්. නිතරම යූස් කරන කෝඩ් එකක් අපි ටෙම්ප්ලේට් එකක් වගේ හදල තියාගන්නවා. උවමනා වෙලාවට එක කොපි කරලා අපේ ප්‍රොජෙක්ට් එකට ගන්නවා.