Bong/සීෂා Machine

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,916
    35,856
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් වස්කඩුව දුම්රිය මාර්ගය ආසන්නයේ තිබෙන නිවාඩු නිකේතනයක කාන්තාවන් මුදලට අලෙවි කිරීමේ ජාවාරමක නවීන පන්නයේ උපකරණ භාවිත කරමින් මත්ය ද්‍රව්‍ය පානයටද පහසුකම් සලසා තිබූ ජාවාරමක් කළුතර පොලසිය මගින් වටළා තිබේ.

    විදේශ රටවලින් ආනයනය කරන ලද නවීන පන්නයේ උපකරණ යොදාගෙන කේරළ ගංජා සහ අයිස්
    මත්ද්‍රව්‍ය පානයට
    පහසුකම්ද සලසන අතරවාරයේ කාන්තාවන් මුදලට අලෙවි කිරීමේ මෙම ජාවාරම මෙහෙය වූ කළුතර උතුර වස්කඩුව නිවාඩු නිකේතනයක හිමිකරු ඇතුළු පුද්ගලයන් පස් දෙනකු ඊයේ (7දා) අත්අඩංගුවට ගෙන තිබේ.

    නවීන පන්නයේ උපකරණවලට අයිස් මත්ද්‍රව්‍ය හෝ කේරළ ගංජා ඇතුළු කර රසායනික ද්‍රව්‍ය යොදා එම උපකරණ ගල්අඟුරු හා වතුරින් පණ ගන්වා ඊට සවිකර තිබෙන
    නළ මාර්ගයෙන් එයින් පිටවන දුම ආඝ්‍රාණය කිරීමට අවශ්‍ය පහසුකම් සලසා ඇතැයි වැටලීම කළ පොලිස්
    නිලධාරියෙක් පැවැසීය.

    කොරෝනා වසංගත තත්ත්වය හමුවේ සංචාරකයන්ගේ පැමිණීම ද අඩුවීම හේතුවෙන් මෙම මහා පරිමාණ
    මත්ද්‍රව්‍ය ජාවාරම ජයටම කර ඇතැයි පොලිස් නිලධාරියා පැවැසීය.
    මෙම ස්ථානයට පැමිණෙන විදේශීය සංචාරකයන්ගෙන් මේ අයුරින් මත්ද්‍රව්‍ය පානය කිරීමට පහසුකම් සැලසීම සඳහා රුපියල් 3,500ක් දේශීය පුද්ගලයකුගෙන් රු. 1,500 අයකර ඇති බව කළ විමර්ශනවලදී
    හෙළි වූ බව පොලිස් නිලධාරියා පැවැසීය.

    කාන්තාවන්ගේ පහස ලබා ගැනීම සඳහා පැමිණෙන පුද්ගලයන් උපක්‍රමශීලීව මත්ද්‍රව්‍ය පානයට හුරුකර එය වර්ධනය කර ගැනීම සැකකරුවන්ගේ ප්‍රධාන අරමුණ වී ඇති බව මෙම ස්ථානයේ වැටලීමේදී තහවුරු වූ බව පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවැසීය.
    වැටලීම සිදුකරන අවස්ථාවේ කිසිදු කාන්තාවක් එහි නොසිටි බවද පොලිසිය කියයි. අත්අඩංගුවටගත් ප්‍රධාන සැකකරු වයස අවුරුදු 37ක පුද්ගලයෙක් බවත් සෙසු සැකකරුවන් වයස අවුරුදු 20 සහ 25 අතර පසුවන්නන් බවත් පොලිසිය කියයි.

    ඔවුන් සියලු දෙනාම වස්කඩුව සහ අවට පදිංචිකරුවන් බව පොලිසිය කියයි.
    සැකකරුවන් සමඟ අයිස් මත්ද්‍රව්‍ය සහ කේරළ ගංජා පානය සඳහා යොදාගත් නවීන උපකරණ
    දෙකක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 14ක් කේරළ ගංජා ග්‍රෑම් 20ක් රාත්‍රි සමාජශාලා සඳහා

    බහුල වශයෙන් යොදා ගන්නා ඩාන්සින් ටැබ්ලට් යනුවෙන් හදුන්වන පෙති 7ක්, පුරුෂ ශක්තිය උද්දීපනය
    කරන පෙති 20ක්, අඩි හතරක් පමණ උසින් යුත් සරුවට වැඩුණු ගංජා ගස් හතරක්, ජංගම දුරකථන
    6ක්, ජාවාරමෙන් උපයා ගත් බවට සැක කරන රුපියල් 64,000ක මුදලක් හා ත්‍රිරෝද රථයක්ද පොලිස්
    භාරයට ගෙන ඇත.
    සැකකරුවන් කළුතර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

    (එම්.සී. පෙරේරා )
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    මේ සීශා හරි හූකා හරි එකක් ගැන නේද නවීන තාක්ෂණික උපකරණයක් කියල විස්තර කරල තියෙන්නේ ? :LOL: :LOL: :LOL:
    මොන මාද්‍යෙව්දියොද බං මුං... ලිං ගෙම්බොනෙ බලාන ගියාම.. අර එකෙක් එක පාරක් ලියල තිබ්බෙ පැනමා පේපර්ස් ලීක් කරලා තිබ්බෙ ජෝන් ඩෝයි කියල මාධ්‍යෙව්දියෙක් කියල....
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,826
    67,060
    113
    මේ සීශා හරි හූකා හරි එකක් ගැන නේද නවීන තාක්ෂණික උපකරණයක් කියල විස්තර කරල තියෙන්නේ ? :LOL: :LOL: :LOL:
    මොන මාද්‍යෙව්දියොද බං මුං... ලිං ගෙම්බොනෙ බලාන ගියාම.. අර එකෙක් එක පාරක් ලියල තිබ්බෙ පැනමා පේපර්ස් ලීක් කරලා තිබ්බෙ ජෝන් ඩෝයි කියල මාධ්‍යෙව්දියෙක් කියල....

    lankawe godak minsunta terenne ne bn.ekai science fiction ekak wage eka liyala tiyenne.pattama loku scene Ekak wage Etakota terenne
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,044
    20,621
    113
    හස්තිශෛලපුර
    මේ සීශා හරි හූකා හරි එකක් ගැන නේද නවීන තාක්ෂණික උපකරණයක් කියල විස්තර කරල තියෙන්නේ ? :LOL: :LOL: :LOL:
    මොන මාද්‍යෙව්දියොද බං මුං... ලිං ගෙම්බොනෙ බලාන ගියාම.. අර එකෙක් එක පාරක් ලියල තිබ්බෙ පැනමා පේපර්ස් ලීක් කරලා තිබ්බෙ ජෝන් ඩෝයි කියල මාධ්‍යෙව්දියෙක් කියල....

    සිරාවට බන්.. අපේ මාද්‍යවේදියෝ නම් ගූ 7යි බන්.. අමු ලින් ගෙම්බෝ..
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    මේ සීශා හරි හූකා හරි එකක් ගැන නේද නවීන තාක්ෂණික උපකරණයක් කියල විස්තර කරල තියෙන්නේ ? :LOL: :LOL: :LOL:
    මොන මාද්‍යෙව්දියොද බං මුං... ලිං ගෙම්බොනෙ බලාන ගියාම.. අර එකෙක් එක පාරක් ලියල තිබ්බෙ පැනමා පේපර්ස් ලීක් කරලා තිබ්බෙ ජෝන් ඩෝයි කියල මාධ්‍යෙව්දියෙක් කියල....
    owa nam kiwwoth ape un owata kg dagena hari gahanawa nokiya inna eka hodaiy
     
    • Like
    Reactions: Lahiru120 and D_Mad

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,386
    19,516
    113
    Colombo
    ඕකුන් සීශා එකක් ජීවිතේට දැකල නැද්ද මන්දා, දැක්කම හිතා ගන්න බැරි වෙන්න ඇති මේ මොකද්ද ගැජට් එක කියලා, ඒක නිසා විදේශ රටකින් ආනයනය කරපු එකක් කියලා හදලා කියන්න ඇති මොකද කොහොමත් ඕව ලංකාවෙ හදන්නෙ නැහැනේ, ඕව අහන එවුන් හිතනවා ඇති දැං ගංජ ගහන්න හයි ටෙක් ගැජට්නුත් ගේනවා කියලා
    සමහර විට electronic cigarette/vape එකක් වෙන්නත් බැරි නෑ, චාජ් කරන්නත් පුලුවන් ලයිටුත් පත්තුවෙනවා ගහන්නත් පුලුවන් දැකපු ගමන් හයි ටෙක් කියලා හිතුනද දන්නෙ නැහැ
    තව බන් වැගන් R සුඛොපබෝගී මෝටර් රථ කියලා ඔය හැම තිස්සෙම ටීවී වල නිවුස් වල කියන්නෙ.
    තවත් මොනවද
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996
    113
    මේ සීශා හරි හූකා හරි එකක් ගැන නේද නවීන තාක්ෂණික උපකරණයක් කියල විස්තර කරල තියෙන්නේ ? :LOL: :LOL: :LOL:
    මොන මාද්‍යෙව්දියොද බං මුං... ලිං ගෙම්බොනෙ බලාන ගියාම.. අර එකෙක් එක පාරක් ලියල තිබ්බෙ පැනමා පේපර්ස් ලීක් කරලා තිබ්බෙ ජෝන් ඩෝයි කියල මාධ්‍යෙව්දියෙක් කියල....
    හුකා එකක් මගෙ ලඟත් තියනවා අහුඋනොත් ඇතුලට දායිද දන්නෑ :sorry: