#BoxOfficeReport
බලාපොරොත්තු වූ පරිදිම මේ සතියේ බොක්ස් ඔෆීසිය තුල සිය අනසක පැතිරවූයේ රාජ්මෞලි ගේ "RRR" චිත්‍රපටයයි.පළමු දින දෙක ඇතුලත චිත්‍රපටය සියළු භාශා වලින් ලබාගත් ආදායම සටහන් වුනේ කෝටි 374 ක් ලෙසින්. එහි පිරිවැය කෝටි 600 බව සඳහන්.ඔහුගේ බාහුබලී චිත්‍රපටය යුගලයේ වාර්තාව ඔහුටම අභිභවන්නට හැකි වේවිද..?
ආක්ශේ කුමාර් ප්‍රධාන චරිත නිරූපණය කරන බච්චන් පාණ්ඩේ චිත්‍රපටය කාශ්මීර් ෆයිල්ස් , ගංගුභායි, රාධේශ්‍යාම්, RRR වලට මැදිව වුවත් මේ සතියේ සැලකිය යුතු ආදායමක් ලබා තිබුනා.චිත්‍රපටය පළමු සතිය අවසානයේ ලබා තිබූ මුළු ආදායම ඉන්දීය රුපියල් කෝටි 49.48 ක් ලෙස සඳහන්. චිත්‍රපටයේ මුළු පිරිවැය සටහන් වන්නේ 165Cr. ලෙසින්.
බොහෝ දෙනා බලාපොරොත්තු නොවූ ලෙස දැවැන්ත සාර්තකත්වයක් ලබන්නට අනුපම් ඛේර් ඇතුළු පිරිස රංගනයෙන් දායක වන "ද කාශ්මීර් ෆයිල්ස්" චිත්‍රපටයට පසුගිය සති දෙක තුල හැකියාව ලැබුනා. දෙසතියක් අවසානයේ එය ලබාගත් ආදායම ඉන්දීය රුපියල් කෝටි 222 ක්. එහි පිරිවැය කෝටි 14 ක් ලෙස සනිටුහන් වුනා. මෙය බොහෝ දුරට ඉන්දීය සිනමා ඉතිහාසයේ වාර්තාවක් වනු ඇති.
ප්‍රභාශ් සමඟින් පූජා හේග්ඩේ ප්‍රධාන චරිත නිරූපණය කළ "රාධේ ශ්‍යාම්" චිත්‍රපටය සියළු භාශා වලින් උපයාගත් මුළු ආදායම ඉන්දීය රුපියල් කෝටි 104.5 ක් එහි පිරිවැය ඉන්දීය රුපියල් කෝටි 300 ක් ලෙස සඳහන්.
සිව්වන සතිය අවසානයේ ගංගු භායි චිත්‍රපටය ඉන්දියාව තුල පමණක් වාර්තා කළ ආදායම ඉන්දීය රුපියල් කෝටි 126.50 ක්. චිත්‍රපටයේ මුළු පිරිවැය සටහන් වන්නේ ඉන්දීය රුපියල් කෝටි 180 ක් ලෙසින්.
මේ අතර ET දමිල චිත්‍රපටයද ඉතා හොඳ ආදායමක් පළමු දෙසතියේ බොක්ස් ඔෆිසිය තුල සටහන් කළා. ඒ 103.42 ක් ලෙසින්.එහි පිරිවැය සටහන් වුනේ ඉන්දීය රුපියල් කෝටි 70 ක් ලෙසයි.
කොලිවුඩ් සුපිරි තරුව අජිත් රංගනයෙන් දායක වන වලිමායි දමිළ චිත්‍රපටය දෙවන සතිය අවසන් වන විට ලැබූ මුළු ආදායම ඉන්දිය රුපියල් කෝටි 200.24 ක්. චිත්‍රපටයේ පිරිවැය සටහන් වන්නේ ඉන්දීය රුපියල් කෝටි 150ක් ලෙසින්.
එසේම "භිම්ලා නායක්" තෙළිඟු චිත්‍රපටය මේ සති අන්තය ඇරඹෙන්නට ප්‍රතම ඉන්දීය රුපියල් කෝටි 158.4 ක ආදායමක් වාර්තා කළා. එහි පිරිවැය සටහන් වන්නේ ඉන්දීය රුපියල් කෝටි 75ක් ලෙසින්.
RRR (374/600) -*
බච්චන් පාණ්ඩේ (49/165) - Disaster *
ඊටී (103/70) - Hit *
කාශ්මීර් ෆයිල්ස් (222/14) - Blockbuster *
රාධේ ශ්‍යාම් (104/300) - Disaster *
ජන්ඩ් (13/30) - Flop
ගංගුභායි කතියාවාඩි (127/180) - Flop *
වාලිමායි (200.24/150) - Hit *
භීම්ලා නායක් (158.4/74) - Hit *
බධායි දෝ (19.35/35) - Flop
83 (109.03 / 200) - Flop
පුශ්පා (280/180) - Super Hit
චදිඝර් කරේ ආශිකී (26.47/40) - Flop
අන්තිම් (39.40/ 45) - Flop
තඩප් (26.11/30) - Flop
(* - තවමත් තිරගත වන චිත්‍රපට)
සියළු දත්ත ඉන්දියානු බොක්ස් ඔෆීස් නිළ වෙබ් අඩවියෙන් වන අතර සියළු ආදායම් ඉන්දියාව තුල පමණ තිරගත වීමෙන් ලබාගත් ආදායම් බව සලකන්න
© ICFC වෙනුවෙන් Charith Moragoda
(2022/Mar/26)