මම ජොබ් පහකට ට්‍රේන් වෙලා තිබුනා.මමත් වැඩ කලා මැයි මාසේ අයින් උනා මට Studies එක්ක ටිකක කරන්න අමාරුයි කියලා ඒත් මම කාගෙන කලා.මට මමවත් නොහිතපු විදියට කැපිල්ලක් තිබුනා උඩට යන්න දෙන්නෙම නෑ අන්තිමට මගේ Permanent වෙන්න 89% මාක්ස් තිබිලා හොදම රේටීන්ස් තිබිලත් HR එකේ උන් මට ඒක දුන්නේ නෑ..ඒ වෙලාවෙ මට බිංදුවටම ආයතනය එපා උනා ඒ මාසෙ පඩිය කොහොම වෙයි ද කියලා බැලුවා වෙනසක් වෙලා තිබුනේ නෑ..මට නීති රෙගුලාසි වලට එකඟ වෙන්න කියලා සෑහෙන්නම ලොකු බලපෑමක් ආවා ඉහලින්. ප`මනන්ට් වෙන අයට විතරයි ඒ නීතිය තිබුනේ.කොහොම හරි මොකෙක්ටවත් මගෙන් බලෙන් ඒක ගන්න බෑ නේ මම දුන්නෙම නෑ.පස්සේ මම නීතිමය පැත්තෙන් බැලුවම මට ඒ විදියට බලපෑම් කරන්න බෑ.සැලරි ස්ලිප් එකත් තිබුන නිසා කේස් එකක් ෆයිල් කරන්න පුලුවන් කියුවා මම ඕක වැඩ කරන තැන දෙන්නෙක්ට තුන් දෙනෙක් ට කියුවා.මෙන්න එදා හවස වෙද්දි මට හිඟ වැටුපත් වැටිලා මාර බටර් පාරකුත් එක්ක ලියුම දෙනවා (Permanent) කියලා මම ගෙදර ඇවිත් බලනකොට ඊට මාස 2කට කලින් තමයි මාව කියලා ලියුම හෙඩ් ඔෆිස් එකෙන් ඇවිත් තියෙන්නේ..දිනේ තියෙන්නේ මාස දෙකක්ට කලින් එකක්..ඇයි මට නොදුන්නේ..ලියුමේ අන්තිමට මට බාර ගත්ත කියලා තැනක sign එක දාන්න තියෙනවා මම දාන්න බෑ කියුවා මේක මාස දෙකක් පරන නිසා ඊට පහුවෙනිදා ඉඳන් මම මගේ රැකියා ජීවිතයට සමු දුන්නා.රු 100,000ක බොන්ඩ් එකක් තිබ්බා සතයක් දුන්නේ නෑ..බොන්ඩ් එකත් legal නෑ...