BREAKING !! ජනපතිට යලිත් 'තරඟ වදින්න බෑ'

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,614
    17,696
    113
    Auckland
    BREAKING !! ජනපතිට යලිත් 'තරඟ වදින්න බෑ'

    ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව තුන්වැනි වතාවටත් ජනාධිපති ධුරය සඳහා ඉදිරිපත් වීමට ජනාධිපති මහින්ද රාජපක්ෂට කිසිදු නීත්‍යානුකූල හැකියාවක් නොමැති බව හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා පවසයි.
    දෙවරකට වැඩි වාර ගණනක් ජනාධිපති ධුරය දැරීම වළක්වාලමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා තිබූ විධිවිධාන 18 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් ඉවත් කරන විට ජනාධිපති මහින්ද රාජපක්ෂ දෙවැනි වරටත් තේරී පත්වී සිටි බැවින් තුන්වැනි වරට තරඟ කිරීමේ අවස්ථාව ඔහුට අහිමිවන බව හිටපු අගවිනිසුරුවරයා බීබීසී සංදේශයට පැවසීය.
    "මෙතන නුසුදුසු කමක් තියෙන්නේ. නුසුදුසුකම පැවරෙන්නේ ඒ තැනැත්තා තෝරා පත්කරගත් දවසේ. රාජපක්ෂ ජනාධිපතවරයා දෙවැනි වරට තෝරා පත්කරගත්තේ 2010යේ ජනවාරි 27 වැනිදා. ඒ අනුව එතුමා ජනවාරි 27වන දින නැවත වාරයක් ජනාධිපතිකමට ඉල්ලන්න නුසුදුස්සෙක් බවට පත්වුණා," යනුවෙන් ඔහු සඳහන් කළේය.
    2010 සැප්තැම්බර් මාසයේ සිදු කෙරුණු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් එම නුසුදුසුකම අහෝසි නොවූ බව හිටපු අගවිනිසුරුවරයා අවධාරණය කරයි.
    අතීතයට 'වලංගු නෑ'

    "අපේ මතය නම් ඒ නුසුදුසුකම මේ ව්‍යවස්ථාවේ සීමාව ඉවත් කිරීමෙන් ඉවත්වෙලා නැහැ. අපේ නීතියේ මූලික සිද්ධාන්තයක් තමයි, නීතියෙන් යම් කිසි ඉවත් කිරීමක් කරනව නම් ඒක ක්‍රියාත්මක වන්නේ අනාගතයට; අතීතයට ක්‍රියාත්මක වන්නේ නැහැ විශේෂ විධි විධානයක් නැතුව. ඒ අනුව මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට තුන්වෙනි වතාවට ජනවරමක් පැතීමට හැකියාවක් නැහැ."
    18 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ කිසිදු තැනක තුන් වරක් ජනාධිපති ධුරය සඳහා තරඟ කළ හැකි බවට සඳහනක් නොවීම මෙවැනි තත්වයක් ඇතිවීමට හේතුව බව ඔහුගේ මතයයි.
    "අන්න එතනයි වැරදුනු තැන, තුන්වැනි වතාවට හෝ හතරවෙනි වතාවට තරග කරන්න පුළුවන් කියලා විධීවිධානයක් දැම්මේ නැහැ. ඒක දාන්න අමතක වුනා නැත්නම් ඒක දැම්මේ නැහැ මේක වසන් කරන්න. හැබැයි තුන්වැනි වතාවට ඉදිරිපත්වීමට සුදුස්සෙක් වන්නේය කියලා දාලා තිබුනොත් මම මේ කියන දේ වලංගු නැහැ."
    ජනාධිපතිවරයාගේ නිල කාලය අවසන්වන 2016 නොවැම්බර් මස 19වනදාට මාස 3කට පෙර ජනාධිපතිවරණයක් කැඳවීමට මැතිවරණ කොමසාරිස්වරයාට බලය තිබෙන බව පවසන සරත් එන් සිල්වා හිටපු අගවිනිසුරුවරයා ඊට කලින් ජනාධිපතිවරණයක් කැඳවුවහොත් මැතිවරණ කොමසාරිස්වරයාට එරෙහිව නඩු පවරන බවද පවසයි.

    ආණ්ඩුවේ ප්‍රතිචාරය :rolleyes::P

    අධිකරණ පද්ධතිය ස්වාධීන නොවන බවට විපක්ෂය චෝදනා නගන අවස්ථාවක මෙවන් තීරණාත්මක කාරණාවක් සදහා අධිකරණයෙන් සාධාරණ තීන්දුවක් බලාපොරොත්තු විය හැකිදැයි යන්න බීබීසී සංදේශය ඔහුට යොමු කළ ප්‍රශ්නයක්.
    "අපි එහෙම උපකල්පනයක් උඩ ක්‍රියා කිරීම වැරදියි. ශ්‍රේෂ්ඨාධිකරණය කියන්නේ අද ඊයේ ආපු ස්ථානයක් නෙවෙයි. අපි ශ්‍රේෂ්ඨාධිකරණයට ශ්‍රේෂ්ඨාධිකරණයේ වගකීම පහදා දිය යුතුයි. එවැනි ප්‍රශ්නයක් මතුවුනොත් මම පුගලිකවම ගිහිල්ලා මේ තර්කය මතුකරනවා,"යනුවෙන්ද ඔහු පැවසීය.
    එහෙත් හිටපු අගවිනිසුරුවරයාගේ එම තර්කය ආණ්ඩුව ප්‍රතික්ෂේප කරයි.
    ජනාධිපති ධුර කාල දෙකක් පමණක් දැරිය හැකි බවට ව්‍යවස්ථාවේ තිබුණු වගන්තිය 18 වැනි සංශෝධනයෙන් බොහෝ පැහැදිලිවම ඉවත් කර තිබෙන බව විදේශ අමාත්‍ය ජීඑල් පීරිස් පුවත්පතකට පවසා තිබුණි.
    තමන් නීතිය පිළිබඳ මහාචාර්යවරයෙක්‌ බව පවසන විදේශ අමාත්‍යවරයා, හිටපු අගවිනිසුරුවරයාගේ තර්කයේ කිසිම නීතිමය වලංගුභාවයක්‌ නොමැති බවද පවසයි.

    source - bbc sinhala -
     
    Last edited:
    • Like
    Reactions: waruna87 and agrmrs

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,508
    3,756
    113
    ayeth UNP eka choon wela. mahindata tharaga karanna be newe. hoda tharagayak denna hari haman ekek ne. ekai eththa. danatama wipakshe apekshakayo thoranawa. sure karala api mekawa danne. dala aniwa dinanawa kiyala kiyanna be. giya sere ponseka lanuwa gilla. me sere thawa ekek lanuwa gili. okai wenne.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe

    නැ මේපාර එකක් නෙමේ 5ක් දානවලු :D:D ගිය ඉරිද දිවයින පත්තරේ හෙඩිම ඒක :cool::cool:
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,508
    3,756
    113
    නැ මේපාර එකක් නෙමේ 5ක් දානවලු :D:D ගිය ඉරිද දිවයින පත්තරේ හෙඩිම ඒක :cool::cool:

    ow aniwa. mekalata eka therenne ne. eka eka jathiye katha mawala ewa danawa. hayyo:baffled:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ow aniwa. mekalata eka therenne ne. eka eka jathiye katha mawala ewa danawa. hayyo:baffled:
    ඔකෙ හොදක් තියෙනව ස්වන් වින්දයක් ලබා ගන්ඩ පුලුවන් දාන උන්ට එකත් හොදයිනෙ මචන්:D
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,127
    5,928
    113
    canada
    ayeth UNP eka choon wela. mahindata tharaga karanna be newe. hoda tharagayak denna hari haman ekek ne. ekai eththa. danatama wipakshe apekshakayo thoranawa. sure karala api mekawa danne. dala aniwa dinanawa kiyala kiyanna be. giya sere ponseka lanuwa gilla. me sere thawa ekek lanuwa gili. okai wenne.

    මාත් බලන් ඉන්නේ කවුද විපක්ෂයේ බිලි-බෝය් හෝ බිලි-ගර්ල් කවුද කියල:P.

    සර් බය නැතිව එන්න සර්, අපි ඉන්නවා නේ සර්, සර්ට army එකෙන් අස්වෙලා චන්දෙ ඉල්ලන ප්‍රජතත්රික අයිතිය තියෙනවානේ සර්
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,508
    3,756
    113
    ඔකෙ හොදක් තියෙනව ස්වන් වින්දයක් ලබා ගන්ඩ පුලුවන් දාන උන්ට එකත් හොදයිනෙ මචන්:D

    ow 3some ekata wada eka hodai :rofl::rofl::rofl::P:P
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    jZ2Gfzj.jpg
     
    Last edited: