BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

Status
Not open for further replies.

awjas2621

Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    දකුණු කොරියාවේ පළමු කොවිඩ් 19 ආසාදිත මරණය

    කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයෙකු දකුණු කොරියාවේදී මියගොස් ඇත.
    වෛරසය හේතුවෙන් එරටින් වාර්තා වූ පළමු මරණය මෙය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
    නව කොරෝනා වෛරසයෙන් මේ වන විට දකුණු කොරියාවට සැලකිය යුතු බලපෑමක් එල්ල වී ඇත්තේ එරටින් හඳුනාගත් ආසාදිතයින් සංඛ්‍යාව 104ක් දක්වා ඉහල යාම හේතුවෙන්.
    එරට දේවස්ථානයක පැවැති දේව මෙහෙයකට සහභාගී වූ පුද්ගලයින් 31 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති අතර එම සංඛ්‍යාවත් සමඟ ඊයේ දිනය තුළ පමණක් කොරෝනා වෛරස ආසාදිතයින් 53 දෙනෙකු හඳුනාගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ
     
    Last edited:

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    වුහාන්වල සිටින සිසුන් ගෙන්වා දෙන්නැයි පාකිස්ථානයේ විරෝධතාවයක්

    වූහාන් හි රැදී සිටින සිසුන් ආපසු ගෙන්වා දෙන ලෙස ඉල්ලා ඔවුන්ගේ මාපියන් ඇතුළු පිරිසක් පාකිස්ථානයේ ඉස්ලාමාබාද් නුවරදී විරෝධතාවකට එක්විය.
    විදෙස් වාර්තා පවසන්නේ, ඒ පිළිබඳ රජය දරන ස්ථාවරයද මෙහිදී ඔවුන්ගේ දැඩි සේ විවේචනයට ලක්වූ බවයි.
    කොවිඩ් නයින්ටීන් ආසාදිතයන් වැඩිවශයෙන් වාර්තා වූ චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයේ රැදී සිටි සිය රටවැසියන් ආපසු මව්බිමට ගෙන්වා ගැනීමට බොහෝ රාජ්‍යයන් කටයුතු කළේය.
    කෙසේ නමුත් එහි සිරවී සිටින පාකිස්ථාන සිසුන් නැවතත් සිය රාජ්‍යය වෙත ගෙන්වා නොගැනීමට පාකිස්ථානය එකහෙලා තීරණය කළේ, රටතුළ පරස්පර මතවාදයක් ඇති කරමින්.
    මුරණ්ඩු තීරණය අත්හැර සිය දරුවන් ආපසු ගෙන්වා දෙන ඉල්ලමින් එම සිසුන්ගේ දෙමාපියන් ඇතුලු පිරිසක් පාකිස්තානයේ ඉස්ලාමාබාද් නුවර විරෝධතාවකට එක්විය.
    මෙම විරෝධතාවට රටපුරා විසිර සිටින දෙමාපියන් 400කට වැඩි පිරිසක් එක්ව සිටියේය.
    ඔවුන් ඉස්ලාමාබාද් අගනුවර මාර්ග අවුරමින් විරෝධතාවල නිරතවූ බවද විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේය.
    වූහාන් නගරයේ දැනට පාකිස්තාන සිසුන් 1000කට ආසන්න පිරිසක් රැදී සිටියි.
    ඔවුන් සහ වූහාන්හි තත්ත්වය සම්බන්ධයෙන් මාධ්‍ය දැනුම්වත් කිරීම සඳහා එරට සෞඛ්‍ය ඇමතිවරයා ඇතුළු නිලධාරීන් පිරිසක් හමුවක් පවත්වා තිබුණි.
    සිසුන් ආපසු ගෙන්වා ගැනීමෙන් පසු සිදුකල යුතු නිරෝධායන ක්‍රියාවලිය සඳහා අවශ්‍ය පහසුකම් තමන් සතුව නොමැති බව පැවසූ ඇමතිවරයා පෙන්වා දුන්නේ, ඔවුන් චීනය තුළ නිරෝධායනයේ රැදී සිටීම වඩාත් යහපත් බවයි.
    එහෙත්, එම හමුව අතරතුර කඩා වැදුණු සියගණනක පිරිසක් විරෝධතා දක්වමින් අවධාරණය කර සිටියේ සිය දරුවන් නැවතත් ගෙන්වා දෙන ලෙසයි.
    කෙසේ වෙතත් රජය ඒ සම්බන්ධයෙන් කිසිදු සුබවාදී ප්‍රතිචාරයක් මෙතෙක් දක්වා නැහැ.
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    Screenshot_1.jpg
    cv111.jpg
    cv222.jpg

     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    වුහාන්වල සිටින සිසුන් ගෙන්වා දෙන්නැයි පාකිස්ථානයේ විරෝධතාවයක්

    වූහාන් හි රැදී සිටින සිසුන් ආපසු ගෙන්වා දෙන ලෙස ඉල්ලා ඔවුන්ගේ මාපියන් ඇතුළු පිරිසක් පාකිස්ථානයේ ඉස්ලාමාබාද් නුවරදී විරෝධතාවකට එක්විය.
    විදෙස් වාර්තා පවසන්නේ, ඒ පිළිබඳ රජය දරන ස්ථාවරයද මෙහිදී ඔවුන්ගේ දැඩි සේ විවේචනයට ලක්වූ බවයි.
    කොවිඩ් නයින්ටීන් ආසාදිතයන් වැඩිවශයෙන් වාර්තා වූ චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයේ රැදී සිටි සිය රටවැසියන් ආපසු මව්බිමට ගෙන්වා ගැනීමට බොහෝ රාජ්‍යයන් කටයුතු කළේය.
    කෙසේ නමුත් එහි සිරවී සිටින පාකිස්ථාන සිසුන් නැවතත් සිය රාජ්‍යය වෙත ගෙන්වා නොගැනීමට පාකිස්ථානය එකහෙලා තීරණය කළේ, රටතුළ පරස්පර මතවාදයක් ඇති කරමින්.
    මුරණ්ඩු තීරණය අත්හැර සිය දරුවන් ආපසු ගෙන්වා දෙන ඉල්ලමින් එම සිසුන්ගේ දෙමාපියන් ඇතුලු පිරිසක් පාකිස්තානයේ ඉස්ලාමාබාද් නුවර විරෝධතාවකට එක්විය.
    මෙම විරෝධතාවට රටපුරා විසිර සිටින දෙමාපියන් 400කට වැඩි පිරිසක් එක්ව සිටියේය.
    ඔවුන් ඉස්ලාමාබාද් අගනුවර මාර්ග අවුරමින් විරෝධතාවල නිරතවූ බවද විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේය.
    වූහාන් නගරයේ දැනට පාකිස්තාන සිසුන් 1000කට ආසන්න පිරිසක් රැදී සිටියි.
    ඔවුන් සහ වූහාන්හි තත්ත්වය සම්බන්ධයෙන් මාධ්‍ය දැනුම්වත් කිරීම සඳහා එරට සෞඛ්‍ය ඇමතිවරයා ඇතුළු නිලධාරීන් පිරිසක් හමුවක් පවත්වා තිබුණි.
    සිසුන් ආපසු ගෙන්වා ගැනීමෙන් පසු සිදුකල යුතු නිරෝධායන ක්‍රියාවලිය සඳහා අවශ්‍ය පහසුකම් තමන් සතුව නොමැති බව පැවසූ ඇමතිවරයා පෙන්වා දුන්නේ, ඔවුන් චීනය තුළ නිරෝධායනයේ රැදී සිටීම වඩාත් යහපත් බවයි.
    එහෙත්, එම හමුව අතරතුර කඩා වැදුණු සියගණනක පිරිසක් විරෝධතා දක්වමින් අවධාරණය කර සිටියේ සිය දරුවන් නැවතත් ගෙන්වා දෙන ලෙසයි.
    කෙසේ වෙතත් රජය ඒ සම්බන්ධයෙන් කිසිදු සුබවාදී ප්‍රතිචාරයක් මෙතෙක් දක්වා නැහැ.

    පාස්ට් බෝලර් ව ලොකු කරන් ඉදපු උන් පවු.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,487
    72,689
    113
    මාලඹේ
    ehema kiyanna ba.. 1000 marenna arinawada ratama nati karagannwada ..

    එකට තමා quarantine කරන්නේ. දැන් වෙන්නේ කොරෝනා නැති පකිස්තාන කරයෝන්ටත් කොරෝනා හැදෙනවා.
    දැන් ලංකාවට අපේ අය අරගෙන ආවා china වල ඉඳන් quarantine
    කරලා ගෙදර ඇරිය .
    අපිට මේක කරන්න පුලුවන්නම් ඉම්රාන් ඛාන්ට බැරි වෙන්නේ ඇයි.
    තම්න්ගේ රටේ මිනිස්සු මැරෙන්න අරිනවා පුදුම නායකයෙක් .
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    දකුණු කොරියාවේ කොරෝනා අවදානම ඉහළට

    දකුණු කොරියාවේ කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වූවන් අද වනවිට තවත් සිය දෙනෙකු වාර්තා වී ඇති බව එරට වාර්තා පවසනවා.
    ඒ අනුව, දකුණු කොරියාවේ කොවිඩ් නයින්ටීන් ආසාදිත මුළු සංඛ්‍යාව ද 204 දක්වා ඉහළ ගොස් ඇති බවයි එම වාර්තා පෙන්වා දෙන්නේ.
    මෙම තත්ත්වය හදිසි තත්ත්වයක් බව දකුණු කොරියානු අග්‍රාමාත්‍ය චොන්ග් සේ කියුං ප්‍රකාශ කර ඇති අතර, තුගෝ සහ චියොංග්ඩෝ නගර විශේෂ ආරක්ෂක කලාප ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.
    එමෙන්ම, දකුණු කොරියාවේ හමුදා සෙබලූන් 3 දෙනෙකුට කොවිඞ් නයින්ටීන් ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමග එම හමුදා කඳවුර සම්පූර්ණයෙන්ම වසා දැමීමට පියවර ගත් බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
    ජපානයේ - යොකොහොමා වරායේ නැංගුරම් ලා ඇති ඩයමන්ඞ් ප්‍රින්සස් නෞකාවේ සිටින කොරෝනා ආසාදනය වූවන්, ජපානයේ නව කොරෝනා ආසාදිත සංඛ්‍යාව යටතට නොගෙන ගණනය කළහොත් චීනය හැරුණුකොට මේ වනවිට වැඩිම නව කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ දකුණු කොරියාවෙන් බව සඳහන්.
    රටවල් 30 කින් වාර්තා වන කොවිඩ් නයින්ටීන් ආසාදනයෙන් මියගිය සංඛ්‍යාව ද මේ වනවිට 2247ක් දක්වා ඉහළ ගොස් ඇති අතර ආසාදිත මුළු සංඛ්‍යාව 76,727ක්.
    එමෙන්ම, කොවිඩ් නයින්ටීන් ආසාදනය වූ 18,800ක පිරිසක් සුවය ලබා ඇති බව ද විදෙස් වාර්තා පෙන්වා දෙනවා.
     
    Last edited:

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    දකුණු කොරියාවේ හමුදා සෙබළුන් 3කට කොරෝනා

    දකුණු කොරියාවේ හමුදා සාමාජිකයින් තිදෙනෙකුට කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරස අසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.
    යුද, ගුවන් සහ නාවික හමුදා සාමාජිකයින් තිදෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බවයි එරට සෞඛ්‍ය අංශ ප්‍රකාශ කර ඇත.
    ඔවුන් තිදෙනාම දකුණු කොරියාවේ කොරෝනා වෛරස ආසාදිතයින් බහුලව වාර්තා වූ ඩේගු ප්‍රදේශයේ සංචාරය කර ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ.
    මේ වනවිට දකුණූ කොරියාවෙන් කොරෝනා ආසාදිතයින් වාර්තා වීම දෛනිකව ඉහළ යමින් පවතින අතර මේ වනවිට ආසාදිතයින් 156 දෙනෙකු හඳුනාගෙන ඇති බව වාර්තා වෙයි.
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    වුහාන් සිට මව් රටට පැමිණි පිරිසකට ප්‍රහාරයක්

    චීනයේ සිට පැමිණි පුද්ගලයන් පිරිසක් ප්‍රවාහනය කරමින් තිබූ බස් රථ පෙළකට යුක්‍රේනයේ පොල්තවා නගරයේදී ප්‍රහාරයක් එල්ලවී තිබේ.
    අදාළ පිරිස යුක්‍රේනයට ගෙන ඒම පිළිබඳව විරෝධය පල කරමින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේය.
    කොවිඩ් නයින්ටීන් වෛරසයේ කේන්ද්‍රස්තානය වන චීනයේ වූහාන් නගරයේ සිරවී සිටි පුද්ගලයන් පිරිසක් යුක්‍රේනයට ගෙනවිත් තිබේ.
    මේ පිරිස අතර යුක්‍රේන ජාතිකයන් හතළිස් පස් දෙනෙක් සහ විදේශිකයන් විසි හත්දෙනෙකු සිටින බව සඳහන්ය.
    එම පිරිස නිරෝධායනය සඳහා දින 14ක කාලයක් රෝහලක රැඳවීම සැලසුම වී තිබුණි.
    වූහාන්හි සිට ආ පිරිස නිරෝධායනය සඳහා අදාළ රෝහල වෙත ගෙන යමින් සිටින අතුරතුරදී ඔවුන් රැගත් බස් රථ පෙළට ප්‍රහාරයක් එල්ලවී තිබේ.
    කොවිඩ් වෛරසය පැතිරෙනු ඇතැයි හටගත් භීතිය නිසා මේ පිරිස යුක්‍රේනයට ගෙන ඒමට විරුද්ධවූ පිරිසක් විසින් ප්‍රහාරය එල්ල කර ඇති බව සඳහන්ය.
    එහිදී විරෝධතාකරුවන් හා පොලිසිය අතර ගැටුමක්ද හටගෙන තිබුණි.
    මෙම සිදුවීමත් සමග විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි පැවසුවේ වූහාන් සිට ගෙන ආ පිරිසෙන් වෛරසය පැතිරයාමේ අවධානමක් නොමැති බවයි.
    එමෙන්ම මෙවැනි අවස්ථාවකදී සහකම්පන ගුණාංගය පෙන්වන ලෙසත් ජනාධිපතිවරයා විරෝධතාකරුවන්ගෙන් ඉල්ලා සිටියේය.
    වූහාන් සිට රැගෙන ආ පුද්ගලයන් අතර කොවිඩ් වෛරසය ආසාදිතයන් සිටින බවට මෙතෙක් තහවුරු වී නොමැති බව යුක්‍රේන සෞඛ්‍ය අමාත්‍යාංශයද තහවුරු කර තිබේ.
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    කොවිඩ් 19 ආසාදනයෙන් වුහාන්හි රෝහලක තවත් වෛද්‍යවරයෙක් මරුට

    කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් චීනයේ වුහාන්හි රෝහලක තවත් වෛද්‍යවරයෙකු මියගොස් ඇත.
    29 හැවිරිදි පෙන්ග් යින්හුවා නැමැති අදාළ වෛද්‍යවරයා කොරෝනා ආසාදිතයින් සඳහා ප්‍රතිකාර කටයුතු සිදුරමින් සිටියදී වෛරසයට ගොදුරු වී ඇති බවයි වාර්තා වන්නේ.
    පසුගිය ජනවාරි මස 25 වනදා ඔහුට වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති අතර රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර ඊයේ රාත්‍රියේ එම වෛද්‍යවරයා මියගොස් ඇති බව චීන බලධාරීන් සඳහන් කර ඇත.
    කොරෝනා වෛරස ආසාදනය වු රෝගීන්ට ප්‍රතිකාර කටයුතු සිදුකිරීමේ අරමුණින් පසුගිය 02 වැනිදා පැවැත්වීමට නියමිතව තිබු සිය විවාහ මංගල උත්සවයද කල් දැමීමටද මෙම තරුණ ද්‍යෛවරයා කටයුතු කර තිබු බව සඳහන්.
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    Iran reports two more deaths among 13 new COVID-19 cases

    TEHRAN: Iran on Friday (Feb 21) reported two more deaths among 13 new cases of coronavirus in the Islamic republic, bringing the total number of deaths to four and infections to 18.

    https://www.channelnewsasia.com/news/topics/wuhan-virus?cid=cna-inthome_wuhan_virus_outbreak_desktop_22012020_cna
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    Last edited:

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    චීනයේ බන්ධනාගාර රැඳවියන් 512කට වෛරසය ආසාදනය වෙයි

    චීනයේ බන්ධනාගාර රැඳිවියන් 500කට අධික පිරිසකට කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට එරට බලධාරීන් පවසයි.
    බන්ධනාගාර 03ක රැඳිවියන් 512 දෙනෙකුට වෛරසය ආසාදනය වීඇති බවයි වාර්තා වන්නේ.
    හුබෙයි, ෂැංග්ඩොන්ග් සහ ෂේජියෑන්ග් යන ප්‍රදේශවල පිහිටිබන්ධනාගාර 03ක රැඳිවියන්ට මෙලෙස වෛරසය ආසාදනය වී ඇති අතර එය ව්‍යාප්ත වු ආකාරය පිළිබඳ මෙතෙක් තහවුරු කර ගැනීමට නොහැකි වී ඇති බව චීන බලධාරීන් පවසයි.
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    ලාංකිකයින් බහුතරයක් වෙසෙන දකුණු කොරියාවේ Daegu නගරය කොරෝනා අවදානම් කලාපයක් වෙයි

    දකුණු කොරියාවේ ශ්‍රී ලාංකිකයන් බහුලව වාසය කරන තේගු නගරය (Daegu City) සහ තවත් නගරයක් කොරෝනා වෛරසය සම්බන්ධ අවදානම් කලාප ලෙස නම් කිරීමට පියවර ගෙන ඇත.
    චීනයෙන් පිටත නව කොරෝනා වෛරසයේ පැතිර යාම ලෝක සෞඛ්‍යය සංවිධානයේ දැඩි අවධානයට ලක්ව ඇත.
    වෛරසය හේතුවෙන් දැනටමත් ඉරානයෙන් මරණ 4ක් වාර්තා වී ඇති අතර උද්ගතව පවතින තත්ත්වය පිළිබඳව ලෝක සංවිධානයේ ප්‍රධානී වෛද්‍යය ටෙඩ්‍රොස් අදනොම් ගෙබ්‍රෙයිසස් සිය කණස්සල්ල පළකර තිබුණි.
    වෛරසය පැතිර යාමට පවතින හැකියාව පාලනය කිරීමට පවතින අවස්ථාව පටු වී ඇති බවද ඔහු පවසයි.
    ඉරාන සෞඛ්‍යය බලධාරීන් පවසන්නේ වෛරසය දැනටමත් "ඉරානයේ සියලුම නගරවල" තිබිය හැකි බවයි.
    මේ අතර වෛසරය හේතුවෙන් චීනයේ සිදුවූ සමස්ත මරණ සංඛ්‍යාව 2,345 දක්වා ඉහළ ගොස් ඇත.
    චීනයෙන් පිටත රටවල් 26කින් වෛරසය ආසාදිතයින් 1152 කු වාර්තා වී අතර මරණ 8ක් සිදුව ඇත.
    චීනය සහ ජපානයේ නිරෝධායනයට ලක්කළ කෘස් නෞකාවට හැරුණු විට මේ වනවිට වැඩිම ආසාදිතයින් ගණනක් වාර්තා වී ඇත්තේ දකුණු කොරියාවෙන්.
    එරටින් පුද්ගල මරණ දෙකක් වාර්තා වී ඇති දැනට වාර්තා වන වෛරස ආසාදිතයින් ගණන 346ක්.
    මෙය හදිසි අවස්ථාවක් ලෙස සළකා කටයුතු කිරීමට එරට බලධාරීන් පියවර ගෙන ඇති අතර එරට දකුණුදිග තේගු නගරය නගරය ඇතුළුව තවත් නගරයක් විශේෂ කලාප ලෙස ප්‍රකාශයට පත්කර ඇත.
    මේ වනවිට ඩේගු නගරයේ වීථිවල පාලු ස්වභාවයක් දක්නට ලැබෙන බවද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
    මේ අතර වෛරසය ආසාදිත 78 හැවිරිදි වයෝවෘද්ධ පුද්ගලයෙකු මියයාම ඉතාලියෙන් සිදු වූ පළමු මරණය ලෙස ඊයේ දිනයේදී වාර්තා වුණි.
    අදාළ දිනයේම වෛරසය ආසාදිතයින් 16 කට වැඩි පිරිසක් එරටින් සොයාගෙන ඇති අතර එරට සෞඛ්‍යය අමාත්‍යංශය පවසන්නේ බලපෑමට ලක් වූ ප්‍රදේශවල පාසල් සහ කාර්යාල වසා දැමිය යුතු අතර ක්‍රීඩා ඉසව් සියල්ල අවලංගු කළ යුතු බවයි.
    නව කොරෝනා වෛරසයේ තිඹිරිගෙය ලෙසින් සැලකෙන චීනයේ හුබෙයි පළාතෙන් ඊයේ දිනයේදී වාර්තා වූ මරණ ගණන 106ක්.
    එම පළාතෙන් නව ආසාදිතයන් 366දෙනෙක් හමුවී තිබෙන්නේ ලොව පුරා සිටින කොරෝනා ආසාදිතයන් ගණන 76,600 ඉක්මවාලමින්.
    කෙසේ නමුත් මේ වන විට ආසාදිතයන් 20,659 පිරිසක් ඉන් සුවය ලබා ඇති බවද විදෙස් වාර්තාවල දැක්වෙයි.
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    කොරියාවේ ශ්‍රී ලාංකිකයින් කිසිවෙකුට, කොරෝනා වෛරසය ආසාදනය වී නැහැ

    මේ වනවිට දකුණු කොරියාව තුළ ද කොවිඞ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය සීඝ්‍රයෙන් පැතිර නමුදු කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට එම වෛරසය ආසාදනය වී ඇති බවට මෙතෙක් තොරතුරු අනාවරණ වී නොමැති බව විදේශ සබඳතා අමාත්‍යාංශය ප්‍රකාශ කළා.
    දකුණු කොරියාවේ ජීවත් වන ශ්‍රී ලාංකිකයින්ට අවශ්‍ය තොරතුරු දැන ගැනීම සඳහා නව දුරකථන අංකයක් හඳුන්වාදීමට ද එරට පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පියවර ගෙන තිබෙනවා.
    ඒ අනුව, අදාළ දුරකථන අංකය අද දිනය ඇතුළත ප්‍රකාශයට පත් කිරීමට කටයුතු කරන බවයි විදේශ සබඳතා අමාත්‍යාංශයේ ප්‍රකාශිකාවක සඳහන් කළේ.
    මේ වන විට කොරෝනා වෛරස් මරණ සංඛ්‍යාව 2252 දක්වා ඉහළ ගොස් ඇති අතර, මුළු ආසාදිත සංඛ්‍යාව 77,220ක්.
    එලෙස වෛරසය ආසාදනය වූ 75,899 දෙනෙකුම චීනයෙන් වාර්තා වන අතර, ජපානයේ යොකොහොමා වරායට ඔබ්බෙන් නැංගුරම්ලා ඇති ඩයමන්ඞ් ප්‍රින්සස් නෞකාවෙන් ආසාදිතයන් 635 දෙනෙකු වාර්තා වනවා.
    ඊට අමතරව ලොව රටවල් 30කින් පමණ කොරෝනා වෛරස් ආසාදිතයින් වාර්තා වන අතර, ඉන් වැඩිම සංඛ්‍යාවක් එනම්, 204ක් වාර්තා වන්නේ දකුණු කොරියාවෙන්.
    චීනයෙන් පිටත කොරෝනා වෛරස් මරණයක් ද එරටින් වාර්තා වුණා.
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    වෛරස් ව්‍යාප්තිය පාලනයට තවදුරටත් අවදානයෙන් සිටිය යුතු බව WHO කියයි

    නව කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා ලෝකයේ රාජ්‍යයන් තවදුරටත් අවධානයෙන් පසුවිය යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
    ඉරානය ප්‍රමුඛතවත් රටවල් කිහිපයකින් කොරෝනා වෛරස ආසාදිතයින් හඳුනාගැනීමත් සමඟ එම සංවිධානය මේ බව ප්‍රකාශ කර ඇති බව සඳහන්.
    ඉරානය තුළ වෛරස ආසාදිතයින් තවත් දෙදෙනෙකු මියගිය බවට වාර්තා පල වන අතර ඉරානය තුළ පමණක් කොරෝනා වෛරසය හේතුවෙන් සිව් දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇත.
    ඉරානයේ සෑම නගරයකම මෙම වෛරසය ව්‍යාප්ත වි ඇති බවට විස්වාස කරන බවයි ඉරාන බලධාරින් ප්‍රකාශ කර ඇත්තේ.
    මේ අතර ජපානයේ ලැංගුරම් ලා ඇති මගී නෞකාව තුළ රැදී සිටි බ්‍රිතාන්‍ය ජාතිකයින් 30 දෙනෙකු ඉන් ඉවත් කරගෙන ඇති අතර ඔවුන් රැගත් ගුවන් යානය අද දිනයේ එංගලන්තයට ළගා වීමට නියමිත බවයි විදෙස් වාර්තා කරන්නේ.ඉතාලිය තුළ ද කොරෝනා වෛරස ආසාදිතයෙකු ජිවිතක්ෂයට පත්ව ඇත.තවත් ආසාදිතයින් 16 දෙනෙකු එරටින් හඳුනාගෙන ඇති බව සදහන්.
     
    Status
    Not open for further replies.