BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

Status
Not open for further replies.

ROCCO-X

Well-known member
  • May 12, 2017
    9,921
    3,499
    113
    Pls wear a MASK

    නව කොරෝනා වෛරසය වැළදී ඇති බවට සැක කෙරෙන වුහාන් ප්‍රාන්තයේ වැසියන් චීන සොල්දාදුවන් විසින් නිවෙස් වලට බලෙන් ඇතුල්වී රෝහල් කරා රැගෙන යන බව වාර්තා වනවා. විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කර සිටින්නේ ආරක්‍ෂිත ඇඳුම් පැළදි හමුදා සෙබළුන් හා සෞඛ්‍ය අංශ සේවකයින් නිවෙස්වල සිටින වැසියන් කොරෝනා වෛරසයට ගොදුරුව ඇතයි පවසමින් බවයි.

    මේ අතර ඊයේ දිනයේදී චීන මධ්‍යම රජය විසින් නියෝගයක් නිකුත් කරමින් සඳහන් කලේ කොරෝනා වෛරසය ව්‍යාප්තවීම වැළැක්වීම සඳහා සැකකටයුතු රෝගීන් සිටිනම් ඔවුන්ව වහාම අත්අඩංගුවට ගෙන නිරෝදාන මධ්‍යස්ථානයන් වෙත යොමු කරන ලෙසයි.

    මේ අතර කොරෝනා වෛරසය මර්ධනය වෙනුවෙන් දියත් කර ඇති වැඩපිළිවෙල කඩාකප්පල් කරන හා ඊට බාධා කරන ඕනෑම අයෙකුට එරෙහිව දැඩි දඬුවම් පමුණුවන ලෙස චීන රජය එරට ආරක්ෂක අංශ වෙත නියෝග කර තිබෙනවා.

    නිතී උල්ලංඝණය කරනු ලබන ඕනෑම අයෙකු අත්අඩංගුවට ගැනීමට සහ ඉක්මන් අධිකරණ ක්‍රියා මාර්ග ගන්නා ලෙසයි චීන මධ්‍යම රජය දැනුම් දී ඇත්තේ.

    චීනයේ ජාතික සෞඛ්‍ය කොමිසම, ශ්‍රේෂ්ඨාධිකරණය, මහජන ආරක්ෂක අමාත්‍යාංශය විසින් නිකුත් කළ ඒකාබද්ධ නිවේදනයකට අනුව අපරාධ වර්ග 07ක් ලැයිස්තු ගත කර ඇත.

    1. වෛද්‍ය නිලධාරින්ට හිතාමතා පහරදීම්, තුවාල සිදුකිරිම සහ ඝාතනය කිරීම.
    2. වෛද්‍ය නිලධාරීන්ගේ ස්වාධිනත්වයට සහ නිදහසට බාධා කිරීම.
    3. වෛද්‍ය නිලධාරින්ගේ ආරක්‍ෂිත ඇඳුම් ඉරා දැමීම සහ කොරෝනා වෛරසය ආසාධනය කරලීම සඳහා ඔවුන්ගේ මුහුණට කෙළ ගැසීම.
    4. ප්‍රචණ්ඩත්වය, තර්ජනය කිරිම, රෝගයෙන් මිය යන පුද්ගලයින්ගේ සිරුරූ බැහැර කිරිමේදී අනුගමනය කරනු ලබන ක්‍රියාදාමයන්ට එරෙහිවීම, නිරෝදාන ක්‍රම වේදයන් සහ ලබා දෙන ප්‍රතිකාර ප්‍රතික්ෂේප කිරිම.
    5. වෛද්‍ය සහ නිරෝදාන මධ්‍යස්ථාන වලට බාධා සිදුකිරිම.
    6. වෛරසෙන් මියගිය පුද්ගලයින් ගේ අවමංගල්‍ය උත්සවයන් නීතියට පටහැනි ලෙස පැවැත්වීම.
    7. නීතිවිරෝධී අයුරින් ගිනි අවි, පුපුරණ ද්‍රව්‍ය ලඟ තබා ගැනීම. අවි ආයුධ, විෂ සහ විකිරණශීලි සහිත ද්‍රව්‍යයන් රැගෙන රෝහල් තුලට පැමිණීම.

    මෙම අපරාධයන් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලබන ඕනෑම පුද්ගලයෙකුට එරෙහිව ඉක්මන් අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට සහ දඬුවම් පැමිණවීමට ක්‍රියාමාර්ග ගන්නා බවත් ඇතැම් වරදවල් සඳහා දඬුවම මරණ දඬුවම විය හැකි බවයි එම ඒකාබද්ධ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.


    Neth
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,847
    8
    35,415
    113
    Last Update 2020/2/9 04:59
    Confirmed 37153
    Deaths 806
    Recovered 2623

    :( No signs of improvement. China is converting exhibition centers, sport facilities etc as quarantine facilities. Just hundreds of beds and a few medical staff, that is what the Chinese rumour mill reports. Again, there's nothing much they can do anyway other than to quarantine all suspect cases.
    This is way bigger that they admit.
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,921
    3,499
    113
    Pls wear a MASK
    "කොරෝනා වෛරසය ඇමරිකානු ජීව අවියක්.." - ජිවිත 700+ බිලිගත් මරාන්තික කොරෝනා ගැන රුසියාව කළ ආන්දෝලනාත්මක හෙළිදරව්ව [Video]



    0HTjY09.jpg

    EHX3Prx.jpg





    https://www.bbc.com/news/world-europe-51413870
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,479
    22,144
    113
    Gotland
    "කොරෝනා වෛරසය ඇමරිකානු ජීව අවියක්.." - ජිවිත 700+ බිලිගත් මරාන්තික කොරෝනා ගැන රුසියාව කළ ආන්දෝලනාත්මක හෙළිදරව්ව [Video]



    0HTjY09.jpg

    EHX3Prx.jpg





    https://www.bbc.com/news/world-europe-51413870


    May be


    All deaths were Mongoloid ethnicity :nerd:
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,457
    23,703
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ප්‍රතිශක්තිකරන පද්ධතිය හොදට වැඩ නම් කොරෝනා වයිරස් එක ආසාදනය වුනත් බේරෙන්න ලොකු ඉඩක් තියෙනවා කියලා තමයි කියන්නෙ. ඒත් සිංහලුන්ගෙ ප්‍රතිශක්තිකරන හැකියාව ගැන මම නම් පුද්ගලිකව සතුටු වෙන්නෙ නෑ. මොකද මම දන්න ගොඩක් හතලිහ කිට්ටු වෙච්ච එවුන්ටත් දියවැඩියාව.

    උබලා මොකද මේ ගැන හිතන්නෙ?


     

    LANKAT

    Well-known member
  • Aug 21, 2017
    2,890
    2,428
    113
    ප්‍රතිශක්තිකරන පද්ධතිය හොදට වැඩ නම් කොරෝනා වයිරස් එක ආසාදනය වුනත් බේරෙන්න ලොකු ඉඩක් තියෙනවා කියලා තමයි කියන්නෙ. ඒත් සිංහලුන්ගෙ ප්‍රතිශක්තිකරන හැකියාව ගැන මම නම් පුද්ගලිකව සතුටු වෙන්නෙ නෑ. මොකද මම දන්න ගොඩක් හතලිහ කිට්ටු වෙච්ච එවුන්ටත් දියවැඩියාව.

    උබලා මොකද මේ ගැන හිතන්නෙ?



    yako ප්‍රතිශක්තිකරනyai දියවැඩියාවi athara sambande mokakda :lol:
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,847
    8
    35,415
    113
    yako ප්‍රතිශක්තිකරනyai දියවැඩියාවi athara sambande mokakda :lol:

    Diabetes does affect the immune system. This is just one of the bad effects of diabetes. There are many.:oo:
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    ඊයේ මධ්‍යම රාත්‍රිය වන විට සිංගප්පූරුවෙන් වාර්තා වූ තහවුරු කරගත් සම්පූර්ණ වෛරස් ආසාධිතයන් සංඛ්‍යාව 33 කි.
    ඒ සමගම අනතුරු හගවන වර්ණ කේතයන් කහ වර්ණයෙන් තැඹිලි වර්ණයට පෙරලී ඇත.
    ඊට අනුව සිංගප්පූරුව මේ වන විට අනතුරුදායක මට්ටමෙන් දෙවෙනි වන්නේ චීනයට පමණි.
    ජනගහණයට සහ භූමි ප්‍රමාණයට සාපේක්ෂව සැසදීම කලොත් චීනයට වඩා අවදානමක් සිංගප්පූරුව අත පොවන මානයේ ඇත.
    කුකුල් කූඩුවක් මෙන් පැක් වී සිටින රාජ්‍යයකට චීනය වැනි දැවැන්ත රටක් මෙන් වසංගතයක් දරා ගැනීමට නොහැක.

    අනතුරු හගවන වර්ණ කේතයන් වෙනස් වීමත් සමග ඊයේ රාත්‍රියේ රට පුරා වෙලද සැල් වල දක්නට ලැබුණේ මීටර් දෙසීය තුන්සීය දිග පෝලිම් වේ..
    අවදානමට බිය වූ මිනිසුන් පවුල් පිටින් සුපර් මාකට් වලට කඩා වැදී නිවාස පිරෙන්නට ආහාර මිලදී ගන්නට වූ අතර අද දිනයේ සුපිරි වෙලද සැල් සියල්ලෙහිම රාක්ක දිස් වන්නේ පහත ඡායාරූප වල ඇති ආකාරයටය..
    හාල් , නූඩ්ල්ස් වැනි ආහාර ද්‍රව්‍ය පමණක් නොව විෂබීජ නාශක දියර වර්ග පවා මිලදී ගැනීමට තැනක් නැත.
    වසංගත රෝගී තත්වය ඉහල ගොස් අවදානම දරුණු වුවහොත් අසල්වැසි මැලේසියාව විසින් දේශ සීමාව වසා දමාවි යැයි සමහරුන් විසින් කල්පනා කිරීමද ඉහත තත්වයට එක හේතුවකි.
    දැනට සිංගප්පූරුව විසින් දිනපතා ආහාරය සදහා අවශ්‍ය ද්‍රව්‍ය සපයා ගන්නේ මැලේසියාවෙනි.
    රාජ්‍ය තාන්ත්‍රික කටයුත්තක් එලෙස හිතු මතේ අසුරු සැනින් කරාවි යැයි අනුමාන කල නොහැකි වුවත් මිනිසුන් බිය ගෙන ඇත.
    රජය විසින් සෞඛ්‍ය සේවා සීරුවෙන් තබා තිබුණත් සෞඛ්‍ය අංශයේ සේවය කරන සිංගප්පූරු ජාතිකයින් භීතිය හේතුවෙන් රැකියාවෙන් ඉවත් වෙන ආරංචිද කනින් කොනින් අසන්නට ලැබෙන මුත් ඒවායේ සත්‍යතාවය හරියටම නොදනී..

    මේ කරදර අලකලංචි සියල්ලෙන්ම අන්තිමට ලෙල්ල හුටං වන්නේ අපිටය..
    ඊයේ රාත්‍රියේ අවශ්‍ය කලමනා ටිකක් මිලදී ගැනීමට වෙලදසැලකට ගිය මම එහි තිබූ කිලෝමීටරයක් පමණ දිග පෝලිම දැක ආපසු හැරී ගෙදර පැමිණි අතර දැන් ටිකකට පෙර හතර දිග් බාගයේ කරක් ගසා වැඩි දෙනෙකුට නොපෙනෙන අදුරු මුල්ලක තිබූ කුඩා කඩයකින් නූඩ්ල්ස් පැකට් දෙකක් මිලට ගතිමි.

    මහා ලොකුවට සංවර්ධිත යැයි කයිය ගැසුවද පොදුවේ ලෝකය පසුවන්නේ මෙවැනි තැනකය...
    ස්වභාවධර්මයා කෝප වූ විටක අපේ දියුණුවේ තරම මොන හූනූ බිජ්ජක් දැයි අපට වටහා ගැනීමට ගතවන්නේ තත්පර කීපයක් පමණි.



    Issuwe Pansilu Dinith ge FB post ekak

    සුපිරි සින්ගප්පූරුව මේකට ෆේස් කරන හැටි. දියුණු පොඩි රටක්නෙ
     
    Status
    Not open for further replies.