BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

Status
Not open for further replies.

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අනේ පොඩ්ඩක් පැහැදිලි කරපල්ලකො. :rolleyes:

    2008 ආර්ථික අර්බුදය ඇතිවෙන්න කලිං බටහිර රටවල් වල ආර්ථික ප්‍රතිපත්තිය දේව වාක්‍යයක් විදිහට ලෝකෙ දැක්කෙ :yes: ඒව විවේචනය කරන උන්ව ගනං ගත්තෙවත් නෑ චීනෙ වගේ රටවල් දැක්කෙ මෙච්චර හොඳ ආර්ථික ක්‍රමයක් තියෙද්දි පිස්සු කෙලින මෝඩයො ටිකක් විදිහට
    2008 කෙල වුනා චීනෙට දැනුනෙවත් නෑ. කලිං තිබ්බ විශ්වාසය නැතුව ගියා
    පහුගිය ටිකේ ලිබරල් වාදයේත් මාරම නැගීමක් තිබ්බ. මැදපෙරදිගට ප්‍රජාතන්ත්‍රවාදය පතුරුවල සියල්ලෝම සාමයෙන් සමාදානයෙන් ජීවත් වෙන ත්‍රස්තවාදයෙන් තොර ලෝකයක් වෙනුවෙන් හීන දැක්ක. ඒවත් දැන් සුන්.
    චීනෙ දැන් වුනත් මේ වසංගතේ නැගීගෙන එද්දි කොච්චර දේවල් කිව්වද. අන්තිමට යුරෝපෙට ඇවිල්ල එකෙක් සද්ද නෑ අර චීනෙ system එකේ වැරදි ගැන දීපු විචාර දැන් ඇහෙන්නෙ නෑ. වූහාන් වල අයගෙ නිදහසේ ජීවත් වීමේ අයිතිය ගැන දැන් සද්ද නෑ ඉතාලියෙත් වහල හින්ද :rofl:
    මේ යන්නෙ ලිබරල් වාදය පන අදින්න පටං ගන්න අවදිය. ඉස්සරහට එන්නෙ මිනිස්සු ජාතික වාදයෙන් ලෝකය දකින කාලයක්. ඒකෙ වික්‍රමබාහුල, මංගලල, අනුර කුමාර දිසානයකලට දැන් ආරෝපණය වෙන ප්‍රබුද්ධ බාවය නෑ. එයාල ideology වල හිරවුන අන්දයො ටිකක් විතරක් වෙනව.
     
    • Like
    Reactions: Bart_Allen

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Bezos loses $7 billion overnight, $18 billion in a month, as market sells off on coronavirus fears

    හොඳ වැඩේ *රියට. වැඩ කරන උන්ට වැසිකිලියට යන්න නිදහසක් දෙන්නෑ එකෙක් බෝතලේකටද කොහෙද චූ කරල තිබ්බ රස්සාවෙන් දොට්ට දායි කියල භයට. බදු ගෙවන්නෙත් නෑ ඒවත් වැඩ කරන උන්ගෙන් කපල ගෙවන්නෙ. උට කොරෝනත් හැදියං
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,457
    23,702
    113
    ලිම්පෝපෝ කන්දෙ
    2008 ආර්ථික අර්බුදය ඇතිවෙන්න කලිං බටහිර රටවල් වල ආර්ථික ප්‍රතිපත්තිය දේව වාක්‍යයක් විදිහට ලෝකෙ දැක්කෙ :yes: ඒව විවේචනය කරන උන්ව ගනං ගත්තෙවත් නෑ චීනෙ වගේ රටවල් දැක්කෙ මෙච්චර හොඳ ආර්ථික ක්‍රමයක් තියෙද්දි පිස්සු කෙලින මෝඩයො ටිකක් විදිහට
    2008 කෙල වුනා චීනෙට දැනුනෙවත් නෑ. කලිං තිබ්බ විශ්වාසය නැතුව ගියා
    පහුගිය ටිකේ ලිබරල් වාදයේත් මාරම නැගීමක් තිබ්බ. මැදපෙරදිගට ප්‍රජාතන්ත්‍රවාදය පතුරුවල සියල්ලෝම සාමයෙන් සමාදානයෙන් ජීවත් වෙන ත්‍රස්තවාදයෙන් තොර ලෝකයක් වෙනුවෙන් හීන දැක්ක. ඒවත් දැන් සුන්.
    චීනෙ දැන් වුනත් මේ වසංගතේ නැගීගෙන එද්දි කොච්චර දේවල් කිව්වද. අන්තිමට යුරෝපෙට ඇවිල්ල එකෙක් සද්ද නෑ අර චීනෙ system එකේ වැරදි ගැන දීපු විචාර දැන් ඇහෙන්නෙ නෑ. වූහාන් වල අයගෙ නිදහසේ ජීවත් වීමේ අයිතිය ගැන දැන් සද්ද නෑ ඉතාලියෙත් වහල හින්ද :rofl:
    මේ යන්නෙ ලිබරල් වාදය පන අදින්න පටං ගන්න අවදිය. ඉස්සරහට එන්නෙ මිනිස්සු ජාතික වාදයෙන් ලෝකය දකින කාලයක්. ඒකෙ වික්‍රමබාහුල, මංගලල, අනුර කුමාර දිසානයකලට දැන් ආරෝපණය වෙන ප්‍රබුද්ධ බාවය නෑ. එයාල ideology වල හිරවුන අන්දයො ටිකක් විතරක් වෙනව.

    පැහැදිලි කිරීමට බොහොම ස්තූතියි මචන්.

    උබ හිතන විදිහ ලෝක ආර්ථිකය මේ කොරෝනා සිද්ධියත් එක්ක ආයෙත් වැටෙයිද?

    එහෙම වුනොත් ඒක දැන් තියෙන තත්වයත් එක්ක ලංකාවට කොහොම බලපායිද?
     
    • Like
    Reactions: Pessimist

    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    25889188-8104363-image-m-34_1584024685226.jpg
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    1584032460-hamudapathi_l.jpg
    හමුදාපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

    කොරෝනා සම්බන්ධයෙන් පැතිර යන අසත්‍ය ප්‍රචාරවලට රැවටී අනවශ්‍ය කලබලයක් ඇති කර නොගන්නැයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි.

    මීට සුළුවෙලාවකට පෙර විශේෂ ප්‍රකාශයක් කරමින් යුද හමුදාපතිවරයා මේ ඉල්ලීම සිදු කළේය.

    යුද හමුදාපතිවරයා පවසා සිටියේ, මේ වන විට මහ ජනතාව විසින් සුපිරි වෙළඳ සැල් සහ සාමන්‍ය වෙළඳ සැල් වෙත ගොස් විශාල වශයෙන් භාණ්ඩ මිලදී ගැනීමට උත්සහ කරන බව වාර්තා වන බවයි.

    මෙලෙස විශාල වශයෙන් පුද්ගලයින් විසින් භාණ්ඩ මිලදී ගැනීමෙදී අදාළ සුපිරි වෙළඳ සැල් සහ සාමන්‍ය වෙළඳ සැලවල්වල භාණ්ඩ අවසන් වන බවත් එවිට රට තුළ භණ්ඩ හිඟයක් ඇතිවන බවට සිතෙන බව හමුදාපතිවරයා සඳහන් කළේය.

    මෙයින් පෙනී යන්නේ රටේ මහජනතාව අනවශ්‍ය තැති ගැන්වීමට ලක්ව වී ඇති බවත් මේ පළිබඳ ජනධිපතිවරයා විසින් මහජනතාවට දැනුම් දෙන ලෙසත් තමාගෙන් ඉල්ලා සිටි බව හමුදාපතිවරයා පැවසීය.

    එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා මෙසේ පැවසීය.

    “රට තුළ භණ්ඩ හිඟයක් එන්න හේතුවක් නෑ. කවුරුන් හෝ කියලා තියෙනවා නිවෙස්වල නිරෝධායන කටයුත්තකට යොදවනවා කියලා. එවැනි දෙයක් හින්දා වෙන්න පුළුවන්. රජය තාම එලෙස තීරණයක් අගෙන නෑ“
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    පැහැදිලි කිරීමට බොහොම ස්තූතියි මචන්.

    උබ හිතන විදිහ ලෝක ආර්ථිකය මේ කොරෝනා සිද්ධියත් එක්ක ආයෙත් වැටෙයිද?

    එහෙම වුනොත් ඒක දැන් තියෙන තත්වයත් එක්ක ලංකාවට කොහොම බලපායිද?

    බටහිර රටවල උන් කියන දේවල් බැලුවහම නං විශේෂයෙන් ඇමරිකාවෙ, මේක නොවුනත් ලඟදීම ආර්ථිකේ ලොකු වෙනසක් වෙන පාටක් තමා තිබ්බෙ. ඒ රටවල මිනිස්සුන්ට ටික ටික ජීවත් වෙන්න අමාරු වේගෙන ආවෙ. උන්ගෙ ගෝලීයකරණය නිසා උන්ටම කෙලවීගෙන යන පාටක් තිබ්බෙ. හරියටම මේක හින්ද ආර්ථිකේට මොනව වෙයිද කියල කියන්න තරං නං ආර්ථික විදයාව ගැන දැනුමක් නෑ බං.
    ආර්ථික විද්‍යාව lecture එකක තිබ්බ හොඳ උදාහරණයක් රටක ආර්ථිකෙයි කොටස් වෙලඳපොලයි කියන්නෙ බල්ලෙක්ව ඇවිදින්න එක්ක යන මනුස්සයෙක් වගේ. මනුස්සය පිලිලෙකට සෑහෙන දුරක් යනව. ඒ අතරෙ ලණුවෙ ගැටගහල ඉන්න බල්ල ඉස්සරහට යනව පස්සට යනව. හෙනම විකාරයයි. කොටස් වෙලඳපොලේ වෙන කෙටිකාලීන වෙනස් කම් වලිං ආර්ථිකේට දිගුකාලීනව මොනව වෙයිද කියල predict කරන්න මාර අමාරුයි දන්න තරමින්
     
    • Like
    Reactions: Kolama

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    1584034909-Gotabaya_L.jpg
    ජනතාව කිසිදු අනවශ්‍ය බියක් ඇතිකර ගතයුතු නෑ-ජනපති

    කොරෝනා වෛරසයට එරෙහිව මහජන සෞඛ්‍යය සහතික කිරීම සඳහා අදාළ බලධාරීන් විසින් ගනු ලබන සියලුම පියවරයන් සඳහා ජනතාව අනිසි බියක් ඇති කර නොගත යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
    රට තුළ කොරෝනා වෛරසය ව්‍යප්තිය වැළැක්වීමට රජය සැලසුම් සහගත විධිවිධාන සලසා ඇති බව නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා සඳහන් කළේය.
    ඒ අනුව කොරෝනා අවදානම වැඩි විදෙම් රටවල සිට පැමිණෙන පුද්ගලයන් ඉතා ක්‍රමවත් වැඩපිළිවෙලක් යටතේ නිරෝධායනය කෙරන අතර සියලු ආසාදිතයින්ට නියමිත ප්‍රතිකාර ලබාදීමට පහසුකම් සළසා ඇති බව ජනාධිපතිවරයා සඳහන් කරයි.
    මේ අතර ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව සහතික කිරීමට සියලු ආයතන ශක්තිමත්ව පෙළගැසී ඇති බව ජනාධිපති ගෝඨාභයා රාජපක්ෂ මහතා සඳහන් කරයි.
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    74574574574574574.jpg

    කඩිමුඩියේ ආහාර ද්‍රව්‍ය එක්රැස් කර ගැනීමේ අවශ්‍යතාවයක් නැහැ - අමාත්‍ය ඩලස් අලහප්පෙරුම
    කොරෝනා වෛරසයේ සම්බන්ධයෙන් රටේ ජනතාව අනියත බියක් ඇති කර නොගත යුතු බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම ප්‍රකාශ කර සිටිනවා. මේ වන විට රට තුල කොරෝනා වෛරසයට ආසාධනය වූ එක් පුද්ගලයෙක් බවයි මෙහිදී ඇමතිවරයා කියා සිටියේ.
    මේ වන විට ජනතාව අනියස බියක් ඇති කර ගෙන ඇති බවත් බොහෝ පිරිස් ආහාර ඇතුළු ද්‍රව්‍ය එක් රැස් කිරීමට පෙළඹී ඇති බවට වන කරුණු වාර්තා වන බවත් එලෙස ජනතාව අනියස බියක් ඇති කර ගැනීම කිසිසේත් අවශ්‍ය නොවන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ අද (12) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියා.
    රටේ ආහාර ක්‍රමවේදය සහ දේශගුණික තත්ත්වය අනුව කොරෝනා වෛරසය රට තුල ව්‍යාප්තවීමේ අවධානම අවම බවයි අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කර සිටියේ.
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    කටකතාවලට හසු නොවන්නැයි රජයෙන් ඉල්ලීමක් - අසත්‍ය පුවත් පළ කරන පුද්ගලයින්ට පොලීසියෙන් රතුඑළි
    ශ‍්‍රී ලංකාවෙන් හඳුනාගත් පළමු කොරෝනා ආසාදිතයාගේ පුත‍්‍රයාට කොරෝනා ආසාදනය වී ඇතැයි පළ වන වාර්තා අසත්‍ය බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ කියාසිටියේ ඔහුගේ පුත‍්‍රයාට මෙම වෛරසය ආසාදනය වී ඇති බවට මෙතෙක් තහවුරු වී නොමැති බවයි. රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.
    ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් කියාසිටියේ කොරෝනා වෛරසය ආසාදනය වූ පළමු රෝගියාගේ පවුලේ සාමාජිකයින්ද නිරෝධායනයට ලක් කර ඇති බවයි. මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල අසත්‍ය වාර්තා සහ පුවත් හුවමාරු වෙමින් ඇති බවත් ඊට නොරැුවටෙන ලෙසයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මෙහිදී ජනතාවගෙන් ඉල්ලීමක් කළේ.
    http://nethnews.lk/article/75204
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0

    do not trust this shitty government :no:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,905
    1
    9,708
    113
    Gampaha
    මේ කොස් කාලෙනෙ බං. හාල් නැතිවුනොත් තුන් වේලටම කන්න කොස් තියෙනව ගස් පිරෙන්න :love:
    :( apita gas na. kos, pol, del gas mukuth na.. aba witharai thiyenne
     
    Status
    Not open for further replies.